Print this page

යේසුස් මා උදෙසා දිවි පිදු බව දනිමි


VERSE 1:

යේසුස් මා උදෙසා
දිවි පිදු බව දනිමි

ලොවෙහි සියල්ලන්ගේ
පාපය එතුමන් දැරුවේ

අපේ අපරාධ නිසයි
තුවාල ලබා දුක් වින්දේ

යේසුස් ක්‍රිස්තුස් සියල්ලන්ගේ ස්වාමීන්

CHORUS
දිවි ගෙවනෙමි මා දමිටුකම ලබා
යේසුස්ගේ ඇදහිල්ලෙන්
ප්‍රේමෙන් පිරුණු නෙතින් ඉහළින්
අප දෙස බලනුයේ පියාණන්
එනමුත් හිමි දකින්නේ ඔබ හා මා දෙස
යේසුස්ගේ ධර්මිෂ්ඨකමෙන්
මිදුනෙමි මා දමිටුකම ලබා
යේසුස්ගේ ඇදහිල්ලෙන්

VERSE 2:
මරණින් හා පාතාලෙන්
යේසුස් ජය ලැබු බව දනිිමි

සිරගෙයි සිටි ආත්මයන්ට
නිදහස ගෙන දුන්නේ

සොහොන් බිම් විවර කළේ
පළමු නැවත නැගිටීමෙදී

යේසුස් අපෙ ස්වාමින්
එතුමාණන් බලවන්තයි


අපහට ඇත මිදුම්කරුගෙන් ඉතා හොඳ වූ


අපහට ඇත මිදුම්කරුගෙන්
ඉතා හොඳ වූ 
ගිවිසුමක්ද
පොරොන්දු හා පැතුම්
(x2)


අපෙ දෙවිඳුට බොරු කියන්න බෑ
අපෙ ඳෙවිඳුට වරදින්නේ නෑ
අපෙ දෙවිඳුන් වෙනස් වෙන්නෙත් නෑ
හිමි සදා එකවගෙයි
(x2)

Read 460 times