Print this page

ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් කිසිවක්


ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන්
කිසිවක් මා වෙන් නොකරයි

පියාණන්ගේ හස්තයෙන්
කිසිවෙකු 
මා උදුරා නොගනියි
කිසි දෙයක් මා මග නොවලක්වයි
ඇදහිල්ලෙන් යන විට සැමදා
සමිඳුන් මට දුන් මේ ප‍්‍රීතිය
කිසි කෙනෙකුට ගන්නට බෑ

මා අතිශයින් ජයග‍්‍රාහිකයි
උතුම්වූ හිමි මා තුළයි
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
ශුද්ධාත්මෙන් මා මුද්‍රා කළේ
හිමි කළ සැමදේ හඬ නගා ගයම්
මගේ ප‍්‍රාණය නිරයෙන් මිදුුවේ
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
දැන් මගේ දිවි වෙනස් වුනේ


ක්‍රිස්තු
ස් තුළ නව මැවිල්ලකී මා


ක්‍රිස්තුස් තුළ නව මැවිල්ලකී මා
අගනා මිලයකින් මා මුදා
සදාකල් ජීවනය දුන්නේ
මෙය සඟවන්නට බැරි රහසකී

හිමි සමග හිඳගන්නට
මා ඔසවා ඇතේ

සමාදානයෙන් ප‍්‍රීතියෙන්
මා ජීවත්වන්නටයි

දැන් දෙවිඳු මගේ පියාණන්
යේසුස් මගේ සොහොයුරාණන්
ශුද්ධ ආත්මයාණන්
මගෙ සැනසිලිකරුතුමන්

ශුද්ධ ආත්මයාණන්
මගෙ සැනසිලිකරුතුමන්

 

Read 232 times