+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

අපි ඉගැන්වීමේ සැසි වාරයන් වලට පැමිණෙන්නට හේතුව වන්නේ දෙවියන්වහන්සේගේ වචනය නැවත නැවත ඇසීම සඳහායි. 

ඔබ දිගටම වචනය අසමින් සිටින කල ඔබට ආචාරීන්වහන්සේව අනුගමනය කරන්නට හැකි වේ.

ඔබට උන්වහන්සේගේ හඬ අසන්නට හැකි වන අතර, “උන්වහන්සේ යහපත් දෙවි කෙනෙකු බව මම දැන් විශ්වාස කරමි” කියා ඔබට පැවසිය හැකිය.

ජීවනය භුක්ති වින්ඳ නැති මනුෂ්‍යයන්ගෙන් කවදාවත් මඟ පෙන්වීම් ලබා ගන්නට නොයන්න. පරාජිතයෙකු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකකත්වයෙන් ජීවත් විය නොහැකිය. 

ජීවිතය සාර්ථක කරගත් යමෙකුව ඔබ අනුගමනය නොළහොත් ඔබට කිසිදා සාර්ථකකත්වය භුක්ති විඳින්නට බැරිය.

“මා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අනුගමනය කරන්නා සේ ඔබ මාව අනුගමනය කරන්න” කියා ප්‍රේරිත පාවුල්තුමා පැවසුවේය.

ස්වාමීන්වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබගේ ජීවිතයේ තව තවත් වැඩි වැඩියෙන් වැඩි කරන්නටයි. අපගේ ජීවිතවල සියල්ලක්ම සිදුවන්නේ උන්වහන්සේ පවසන කියමන් අනුවයි.

තවද අප උන්වහන්සේ පවසන කියමන් ලබා ගත් කල අපගේ ජීවිතයේ වැඩි වන්නේය. අපි අපගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ දේවල් සිදුවෙනවා දකින්නට යන්නෙමු.