+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව කැමැත්ත අනුව යාච්ඤා කරන්න - මනූ මැතානි
September 18, 2022 Sunday Sermon Notes


රණ්ඩු ඩබර ඇති කිරීම දෙවියන්වහන්ගේ කැමැත්ත නොවේ.
දෙවියන්වහන්සේගේ කැමැත්ත අප සමාදානයෙන් ගමන් කිරීමයි.

රණ්ඩු ඩබර ඇති ස්ථානයේ යක්ෂයාට ක්‍රියා කිරීමට පහසුය.

රණ්ඩු දබර ඇතිවීමට මූලික හේතුව උඩඟුකමයි.
උඩඟුකම ඇති තැනැත්තා නිතරම තමා හරියයි සිතයි.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ක්‍රියාත්මක වන්නේ යටහත් පහත්කම ඇති හදවතක් තුළයි.

දේව අනුග‍්‍රහයෙන් ජීවත්වීමට අප දේව වචනය තෝරා ගත යුතුය.
දේව වචනය කියවන කළත් මෙනෙහිකරන කළත් අප තුළ යටහත්කම ඇතිවේ.

අනුග්‍රහය කිසිදා සත්‍යයෙන් වෙන් කළ නොහැකියි.

යොහන් 1:17 මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.

අනුග්‍රහය නිතරම ක්‍රියා කරන්නේ සත්‍යය සමඟයි.

අපි උන්වහන්සේ පිළිගත් පසු සත්‍යය තුළ ගමන් කිරීම වැදගත්ය.

ලෝකයේ තිබෙන දේවල් හෝ ලෝකයේ මනුෂ්‍යයන් අපට වෙනස් කළ නොහැකියි.
නමුත් අපි අපවම වෙනස් කර ගනිමු.

අනුග්‍රහය අපට ලැබෙන්නේ සත්‍යය පිළිගෙන තෝරාගත් නිසයි.

ඔබට ලෝකයා වෙනස් කළ නොහැක. එහෙත් ඔබ වෙනස් වන්න.

අපගේ ජීවිතයට ප්‍රයෝජනවත් දේවල් එකතු කරගනිමු.

දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවට පිළිතුර දෙන තැනන්වහන්සේය.

අපි යාච්ඤා කළ යුත්තේ දෙවියන්වහන්සේගේ වචනයට අනුවයි.

1 යොහන් 5:14 උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.

දේව වචනය බහුලත්වය ගැන, සුවය ගැන පවසා තිබෙනවා.

ස්වාමීනවහන්සේගේ කැමැත්ත ප‍්‍රකාරයට අප යාච්ඤා කළ යුතුයි.

ස්වාමීන්වහන්සේ අපට දුන් පොරොන්දු දෙස බලා යාච්ඤා කරමු.

ඉක්මන් පිළිතුර සඳහා දේව වචනය යාච්ඤා කරමු.

නික්මයාම 23:25 නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.

ඔබ මෙහෙකරන දෙවියන්වහන්සේව ඔබ හඳුනනවාද?

අහස පොළොව මැවූ සර්වබලධාරි දෙවියන්වහන්සේය.

යෙරෙමියා 10:1-2 එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමීන්වහන්සේ නුඹලාට කියන වචනය අසන්න. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගන්න, අහසේ ලකුණුවලට ජාතීන් කැලඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැලඹෙන්න;

ජාතීන්ගේ මාර්ගය ඔබ ඉගෙන නොගන්න. අපි විශ්වාස කරන්නේ එකම දෙවි කෙනෙකු කෙරෙහිය.

යෙරෙමියා 10:10 නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.

මනුෂ්‍යයන් තමා විසින් මැවූ දේවල් වලට නමස්කාර කරති.

නමුත් අප නමස්කාර කරන්නේ අපගේ මැවුම්කාරවූ දෙවියන්වහන්සේටයි.

මැවුම්කාර දෙවියන්වහන්සේගේ උතුම්ම වස්තුව ඔබයි.

අපගේ මැවුම්කාරයාණෝ කවුදැයි කියා අපි දැන උන්වහන්සේට නමස්කාර කරමු.

ගීතාවලිය 95:1-6 එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු. ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු. මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය. පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය. මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක. එව්, නමස්කාරකරමින් වැඳ වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.

දෙවියන්වහන්සේ මේ පොළොව මවනු ලැබුවේ මනුෂ්‍යයා වෙනුවෙන්මය.

දෙවියන්වහන්සේ සියලු අලංකාර දේවල් මේ පොළොව තුළ තබන ලදි.

නමුත් මනුෂ්‍යයා යක්ෂයාට ඇහුම්කන් දුන්නේය. යක්ෂයාට ඇහුම්කන් දීමෙන් අප කරන්නේ යක්ෂයාට නමස්කාර කිරීමකි.

ඒව යක්ෂයාට ඇහුම්කන්දී තහනම් කළ ගසෙන් කෑවාය. ඇය යක්ෂයාට කීකරුවිය, යටත්විය, අවසානයේ ඇය ලැජ්ජාවට පත්විය.

ඇය තුළින් මුඵ මිනිස් සංහතියම අද ලැජ්ජායට පත්ව සිටින්නේය.
නමුත් යේසුස්වහන්සේ මෙම ලැජ්ජාව මුඵ මිනිස් සංහතිය වෙනුවෙන් කුරුසියේ දරාගන්නා ලදි.

නමුත් මනුෂ්‍යයා අකීකරු වූ නිසා දෙවියන්වහන්සේව එපා කළේය. උන්වහන්සේව පාවා දෙනු ලැබුවේය.

අපගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කව්දැයි කියා සොයා බලමින් උන්වහන්සේ කළ පූජාව විශ්වාස කරමු.

උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටීමෙන් අද ජීවමානව සිටියි.

නික්මයාම 23:25 නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.

අපගේ යාච්ඤාවට පිළිතුර ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ අපට දී තිබෙන නිසැකභාවය නිසයි.

ස්වාමීන්වහන්සේ අපගේ ආහාර වලටත් වතුරටත් ආශීර්වාද කර තිබෙනවා.

සියළු රෝග අපගේ ශරීර වලින් ඉවත් කර තිබේ.

ඔබ කිසිදෙයක් ගැන භය නොවන්න.

ඔබ භය වෙන හැම දෙයක්ම ඔබට සිදුවන්නේය.

යෝබ් 3:5 අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැඳී තිබේවා; දවාල කළුවර කරන සියල්ලට ඒක භයපත්වේවා.

යෝබ් 3:25 මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

යෝබ් භය වුන හැම දෙයක් ඔහුට සිදු වුණා.

ඔබ බොහෝ දේ ගැන නලංගුවී භයවී ජීවත් වනවානම් අනිවාර්යෙන්ම ඒ දේවල් ඔබ පසුපස එන්නට යනවා.

ඔබ නිතරම ප‍්‍රීතිමත් හදවතකින් ඔබගේ මැවුම්කරුන් හා සම්බන්ධවී ඇදහිල්ලෙන් යාච්ඤා කරන්න.

ස්වාමීන්වහන්සේ තමාගේ රෝග සියල්ල උසුලාගත් බව විශ්වාස කරන්න.

දෙවියන්වහන්සේට ඔබගේ වෛද්‍ය වාර්තාවන් වෙනස් කරන්ට පුලුවන.

අද දින ආගමික බන්ධනවලින් නිදහස් වන්න.

සියලු කාරණාවලින් නිදහස් වන්න. කනස්සලුභාවයෙන් නිදහස් වන්න.

අපගේ දෙවියන්වහන්සේ අපගේ මැවුම්කාර ස්වාමීන්වහන්සේය.

උන්වහන්සේ අපගේ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේය.

ඔබට අබ ඇටයක් තරම් ඇදහිල්ල ඇතිනම් ඒ තුළින් ඔබට ඕනෑම දෙයක් ලබා ගත හැකියි.

උන්වහන්සේ අපගේ පාපවලට කමාව දුන් ආකාරයටම අපගේ රෝග සුව කර තිබෙනවා.

අපි නව මැවිල්ලක් වී සිටිනවා.

ඔබගේ සුවය සඳහා පොරොන්දු සොයන්න, දේව වචන සොයන්න. වචනය යාච්ඤා කිරීමට අවශ්‍යයයි.

යෙසායා 53:4 සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය (ලෙඩ රෝග හා අසනීප), දරාගත්තේ අපේ ශෝකය (වේදනා). එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.

මේ පදයේ දුක යන්නෙන් අදහස් කරන්නේ අපගේ ලෙඩ රෝග හා අසනීප ගැනයි.

යේසුස්වහන්සේගේ අපගේ දුක, ලෙඩ රෝග හා අසනීප උසුලාගත්සේක.

යේසුස්වහන්සේ කුරුස පත්වූ අවස්ථාවේ දේව මාළිගාවේ තිරය ඉහල පටන් පහලට දෙකඩව ඉරී ගියේය. එයින් අදහස් වන්නේ අප ලැබූ නිදහසයි.

යේසුස්වහන්සේ එක පුජාවකින් සෑම දේම වෙනස් කරන ලදි.

ශුද්ධාත්මය ලබා ගත් ගෝලයන් යේසුස්වහන්සේ ගැන දේශනා කළේය.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

යේසුස්වහන්සේගේ එක පූජාවක් තුළින් අපට සියල්ලම ලබා දුන්සේක.

යේසුස්වහන්සේ දරාගත්තේ අපගේ වේදනාවය.

අපි ජීවත් විය යුත්තේ ස්වාමීන්වහන්සේගේ වචනයෙනි.

ගීතාවලිය 107:17
මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති.

මෝඩයන් කවුද? දෙවියන්වහන්සේ වචන විශ්වාස නොකර අයවලුන්ය.

ගීතාවලිය 107:18‭-‬20 ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති. එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක. උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.

ස්වාමීන්වහන්සේ අපව නිදහස් කරන්නේ උන්වහන්සේගේ වචනයෙනි. එම වචන ඔබගේ ඇදහිල්ලයි. මේ වචන ඔබ පැළ කරන්න. හදවත තුළ වපුරන්න.

උන්වහන්සේ බීජ දෙන්නේ වපුරන්නාටයි.

ස්වාමීන්වහන්සේ දෙන්නාවු බීජ තදින් අල්ලා ගන්න.

ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට කිසි හිඟයක් නොවන්නේය.

මගේ දෙවියන්වහන්සේ මට පොරොන්දු වූයේ මා සුවකරන්නටයි.

ඇදහිල්ලේ ගමනින් ඔබ විශ්‍රාම නොගන්න.

බීජ වපුරන්නේ ඔබගේම ප්‍රයෝජනයටයි.

ඊශ්‍රායල් සෙනඟ මෝසෙස්ව සුළු කළා.

ආරොන්ගෙන් දෙවියෙකු ඉල්ලා සිටින ලදි. ඔහු හා එක්ව රන් වස්සෙකු සාදා ඊට නමස්කාර කරන ලදි.

සමහරවිට අදටත් මනුෂ්‍යයන් එතරම් මෝඩ වෙන්නට පුළුවන. තවමත් දෙවියන් අපට වචනයක් දී නැත, තවම ඔබගේ වචන අප තුළ ඉෂ්ඨ කර නැත කියමින්, තමාගේම මාර්ග තෝරා ගන්නවා ඇත.

අප සිතන්නේ අප හරි දේ කරනවා කියාය.
නමුත් දෙවියන්වහන්සේගෙන් වචනයක් පැමිණෙන තුරු සිටින්න.

ඔබ විසින් දෙවි කෙනෙකු සාදන්නටවත්, ඔබ දෙවිකෙනෙකු වෙන්නටවත් නොයන්න.

ඔබ උන්වහන්සේගේ මැවිල්ලයි, ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටින්න, ශක්තිමත්ව සිටින්න.

යෙසායා 40:30-31 තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

ඔබගේ බාහු ශක්තිය ගැන නොසිතන්න. ඔබගේ භාහිර ශක්තිය, පෙනුම ගැන නොසිතන්න. ස්වාමීන් වහන්සේ දෙස බලා සිටිමින් ඔබ ආශීර්වාද ලද්දෙක් බව විශ්වාස කරන්න.

ස්වාමීන්වහන්සේ නියමිත වේලාවට ක්‍රියා කරන්නාවූ තැනන්වහන්සේය.

අපගේ හැඟීම් අනුව ජීවත් වීම නවත්වා නොපෙනෙන දේවල් කෙරෙහි විශ්වාස කරන්න.

2 කොරින්ති 4:18 ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

නොපෙනෙන සමාදානය කතා කරන්න, නොහැගෙන සුවය කතා කරන්න.

උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරන්නට ස්වාමීන්වහන්සේ බැඳී සිටියි.

ඔබගේ ඉල්ලීමට පිළිතුර දුන් බව විශ්වාස කරන්න.

දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයේ පුදුමාකාර දේ කරන්නට බලා සිටියි.


Watch the Sermon Video

Read 335 times