+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සභාවේ නීති රෙගුලාසි- මනූ මැතානි
December 18, 2022 Sunday Sermon Notes

 

අපගේ ජීවිතයේ තීරණ ගැනීමේදී ක‍්‍රියාකල යුතු ආකාරය පිළිබද ශුද්ධාත්මයාණන් වහන්සේ උපකාර කරනු ලබයි.

අප යේසුස්වහන්සේව අපගේ ජීවිතයට පිළිගෙන ගැළවීම ලබා ගන්නාවිට ශුද්ධාත්මයාණන් අප තුළට පැමිණේ.

අන්‍ය භාෂාවෙන් කථාකිරීමේදී, අපගේ යාච්ඤා ජීවිතයේදී, අපගේ ජීවිතයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ උතුරා යන තරමට තිබිය යුතුය.

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරනවා යනු දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

සමහරුන් අන් භාෂාවන් කථා කිරීම තුළින් තමා ආත්මිකයයි කියා මනුෂ්‍යයන්ගේ ජීවිත පාලනය කිරීමට උත්සහ කරයි. එය වැරදි ක‍්‍රියාවකි.

හරි ලෙස අන් භාෂාවෙන් කථා කිරීමේදී ශුද්ධාත්මයාණන් වහන්සේගේ හඬ පැහැදිලිව තේරුම් ගැනීමට, ප‍්‍රඥාව ලබා හරි තීරණ ගැනීමට, අන් අයත් අප තුළින් ආශීර්වාදයක් ලබා ජීවත්වීමට හැකියාව ලැබේ.

අපගේ ජීවිත ජීවනය ගලා යන්නාවූ උල්පතක් හා සමානය.

යේසුස්වහන්සේ සමාරියේ ස්ති‍්‍රයට පැවසුවේ උන්වහන්සේ දෙන වතුර සදාකාල ජීවනය නික්මෙන්නාවු උල්පතක් වන්නේය කියාය. (යොහන් 4:14)

කිතුණු ජීවිතය ජීවිත රටාවකී. ශුද්ධාත්මයාණන් වහන්සේට ඇහුම්කන්දී, උන්වහන්සේගේ හඬට කීකරුවී ගමන් කරමින් දිනපතාම වචනයට කීකරුව ජීවත්වීමය.

ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීමත්, උන්වහන්සේගේ වචනය කියවීමෙනුත්, අප යම් ස්ථාවරයකට පැමිණ අපගේ ජීවිත ගොඩනඟා ගන්නෙමු.

අප සියල්ල දන්නෙයැයි කියා තීරණ නොගෙන දෙවියන්වහන්සේගේ කැමැත්තදැයි දැන ගත යුතුය,

දෙවියන්වහන්සේ වචනය වටහා ගැනීම වැදගත්ය.

ශුද්ධාමයාණන් අපට මඟ පෙන්වා වචනය කියා දෙනසේක.

නත්තල යනු යේසුස්්වහන්සේ මෙළොවට පැමිණියා යන පණිවිඩයයි.

කිතුණුවන් වශයෙන් අප එය ලොවට ප‍්‍රකාශ කළ යුතුය. එනම් දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා තම ඒකජාතක පුත‍්‍රයාණන් අප උදෙසා මෙළොවට එවීමය.
එතුලින් අපට ගැලවීම, මිදීම, පව්කමාව, ජීවිත වෙනස්වීම ලැබුණි.

නත්තලේ යෙසුස්වහන්සේගේ උපත තුලින් අපහට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව පිළිගන්නට හැකිවුණි.

යේසුස්වහන්සේ මනුෂ්‍යාකාරයෙන් මෙලොවට ඉපදුනේ නැතිනම් අපට පව්කාර ජීවිතයෙන් ගැළවීමක් නැත.

අන් මනුෂ්‍යයන් හා අප අතර වෙනස අපට ආත්මික උපතක් තිබීමය. එතුලින් උන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේගේ මහිමය තුළ ජීවත්වීමට, අපගේ මනස අප අලුත් කරනු ලබයි.

ඔබගේ ජීවිතයෙන්, හැසිරීමෙන් අන් අයට ශුභාරංචි පණිවිඩක් වන්න.

ඔබ ඇවිදිමින් සිටින බයිබලයක්, ඔබ ස්වර්ගීය පණිවිඩයක් මනුෂ්‍යයන්ට ගෙනැවිත් තියෙන්නේ. ඔබ ස්වර්ගය නියෝජනය කරන තානාපතියෙකුය.
ඔබ සාක්ෂිකාරයෙක්. මනුෂ්‍යයන් ඔබ තුළ යම් දෙයක් දැකිය යුතුයි.

කිසිවෙකුට ඔබේ ජීවිතයට දවසක් ගැන බලපෑමක් ඇති කිරීමට ඉඩ නොදෙන්න.

කොලොස්සි 2:16
එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.

දවසක් ගැන සලකන මනුෂ්‍යයා සමඟ වාද නොකරන්න.

රෝම 14:5-10
එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා. දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය. මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නැසුණෙත් නැවත ජීවත්වුණෙත් මළවුන්ගේද ජීවතුන්ගේද ස්වාමීන්වහන්සේ වන පිණිසය. එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.

මනුෂ්‍යයා සමඟ කන බොන දේ, විශේෂ දවස් ගැන ප‍්‍රශ්නයක් කර නොගන්න.
එවැනි දේ ගැන වාද නොකරන්න.

එවැනි අය පැකිලීමට ලක්නොකර, ඔහුන් සමඟ වාඩිවී ඔහුන්ට ඔබ තුළ වසන තැනැන්වහන්සේව හදුන්වා දෙන්න.

සත්‍යයතාවයේ වචනය කියවන වේලාවේදී එය ඔබව නිදහස් කරනසේක.

අපි නිදහස් වෙමු. දෙවියන්වහන්සේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන්න

1 තිමෝති 5:19
සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න.

ඔබ නොදැනුවත්කමෙන් කිසිවක් නොකරන්න.

ස්වාමීන්වහන්සේගේ වචනය තුළින් ඔබ දැකිය යුතුයි හොඳ නායකයන් කවුදැයි කියා.

1 තිමෝති 5:17‭-‬21
යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා. මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න. අනික් අය භයවෙන පිණිස, පව්කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටුකරන්න. කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි නුඹට අණකරමි.

නායකයන්ට සැලකීම යහපත්ය

කෙනෙක් වැරැද්දක් කල හොත් අන් අයටත් ආදර්ශයක් වන පිණිස ඒ අයට තරවටුවකින් එය වටහා දිය යුුතුය.

යක්ෂ ආත්මවල දැනුමත් දේවදූතයන්ගේ මට්ටමටම ඇත. සභාවක් තුළ ක්‍රියා කරන පිලිවෙලක් තිබෙන බව ඔවුන්ද දන්නවා ඇත.

දෙවියන්වහන්සේ ඉදිරියෙත්, දේව දූතයන් ඉදිරියෙත් කිසිවෙකුගේ තරාතිරම් නොබලා හරි දේ කල යුතුය. එය හැමෝටම ආශීර්වාදයකි.

දේව සභාවේ උන්වහන්සේගේ සෙනඟ තුළ හරි දේ සිදුවිය යුතුයි

දේව දූතයන් ක්‍රියා කරන තැන්වල යක්ෂ ආත්ම වලටද ක්‍රියා කල හැක. දේව දූතයන්ට එයට එරෙහිව බලපෑමක් කිරීමට හැකි වන්නේ, එතැන දේව වචනයට අනුව යම් දේ සිදුවෙනවානම් පමණි.

බයිබලයේ යක්ෂයන්ව වර්ණනා කිරීමක් නැත.

යක්ෂයාගේ බලතල ආත්මික තලයේ ශුද්ධ ස්ථානයේ ක‍්‍රියාත්මක වන්නේ නැත. නමුත් සභාව තුළ යම් අශුද්ධ දේ තිබෙනවානම් අශුද්ධ ආත්ම වලට පුලුවන්කම තිබෙනවා දේවදූකයන්ටත් විරුද්ධව ක්‍රියා කරමින් ඒ ස්ථානයේ යම් යම්
බලපෑම් ඇති කිරීමට.

හෙබ්‍රෙව් 12:22-23
නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,
23 ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,

සියොන් කන්ද යනු දෙවියන් වහන්සේගේ සෙනඟ රැස්වෙන ස්ථානයයි

සභාව තුළ දේවදූතයන්ගේ විශාල ක්‍රියාකාරීත්වයක් සිදුවේ

දෙවියන්වහන්සේගේ සෙනඟ රැස්වෙන ස්ථානය ශුද්ධ ස්ථානයයි. ඒ ස්ථානයේ දේවදූතයන්ද මහත් සංඛ්‍යාවක් වටකර සිටී. යක්ෂ ආත්මද බලපැම් බලපෑම් එල්ල කිරීමට බලා සිටී.

යක්ෂ ආත්ම වලටද යම් බලයක් තිබේ. මන්ද කලකදී ඔවුන්ද දේව දූතයන්ය. ලුසිෆර්ගේ වැටීමේදී ඔහු හා එකතු වූ අයද පහතට හෙලන විට එම බලය ගත්තේ නැත. ඔවුන් එම බලය අශුද්ධ ලෙසක්‍රියා කරයි

දෙවියන්වහන්සේ දුන් දෙයක් නැවත ගන්නේ නැත.

රෝම 11:29
මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.

දේවදූයන්ව ස්වර්ගයෙන් නෙරපුවාට ඔවුන්ගේ බලය උන්වහන්සේ ගත්තේ නැත.

නමුත් කුරුසියේ පූජාව තුළින් යේසුස්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් දේ යක්ෂයාගෙන් උදුරා ගන්නා ලදි.

යක්ෂ ආත්ම වලට විරුද්දව සිටීමේ බලය ඇත්තේ දෙවියන්වහන්සේ කෙරේ අදහන්නන්ටය.

පාපයේ ජීවත් වී සිටින කෙනෙකුට යක්ෂ ආත්ම දුරු කළ නොහැකියි.

යාකොබ් 4:7
එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.

ඔබ කැරළිකාරකමෙන් ජීවත්වෙමින් සිටින්නේ නම ඔබට කවදාවත් යක්ෂ ආත්ම වලට තරවටු කරන්න බැරි වේ.

යාකොබ් 4:5‭
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?

දෙවියන්වහන්සේ හා අප අතර තිබිය යුත්තේ ආත්මීත සබදතාවයකි.

සභාව ස්වාමීන්වහන්සේගේ මනාළියයි. උන්වහන්සේ අපට බොහෝ සේ ප්‍රේම කරමින් විවහා බස් දී සිටින්නේ.

යාකොබ් 4:1-6 දක්වා සදහන්ව තිබෙනවා අප දෙවියන්වහන්සේ හා තිබියු යුතු සබදතාවය පිළිබද එසේ නොවුවහොත් 7 වන පදයේ සදහන් ආකාරයට ( යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත* අපට කි‍්‍රයා කිරීමට නොහැකිවේ. එසේ නොහැකි මට්ටමක ඔබ සිටී නම් 8-10 දක්වා අප උන්වහන්සේට යටත්විය යුතු ආකාරය පෙන්වා දෙයි.

යක්ෂයන් දුරුකරන්නට නම් ඔබ මෙම කොන්දේසි වලට යටත් විය යුතුය

යාකොබ් 4:6
නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

යම් කාරණාවක් අපගේ ජීවිතයේ කරන්නට දෙවියන්වහන්සේ බලාපොරොත්තු වනවානම් අපට උන්වහන්සේගේ කරුණාව අවශ්‍යයි.

දේව දරුවන් වන අප තුළ උඩගුකම තිබේනම් දෙවියන්වහන්සේ ඒයට විරුද්ධයි.

ආත්මික උපත තුළ වචනයෙන් ඔබ වර්ධනය වෙමින් සිටින්නේ.

ඔබ හොඳ අයගෙන් උදාහරණ ලබාගෙන ඒ අයගෙන් ඉගෙන ගන්න.

දේව දරුවන්ගේ දුර්වලකම් බලා අධෛර්්‍යමත් නොවන්න

අපගේ මනස අපි වෙනස් කරගමු.

ඔබ කැරලිකාරකමෙන් ජීවත් වන පුද්ගලයෙක් නම් යක්ෂයා හැරී ඔබව පරාජය කරයි.

කැරලිකාරකම දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරන දෙයයි.

1 සාමුවෙල් 15:22
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.

ස්වාමීන්වහන්සේ ප‍්‍රසන්න වන්නේ කීකරුකමටය.

නොඇදහිලිකාරකම යනු අකීකරුකම.

1 සාමුවෙල් 15:23
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.

කැරළිකාරකම පේනකීමේ පාපයටත් - පේනකීම යනු යක්ෂ ආත්ම වලට අවනතවීමය.

සමහර බොරු අනාගතවාක්‍ය පවසා මනුෂ්‍යයන් බොහෝ දෙනා එයට නම්වා ගනී. එක් අයෙකුට හෝ එයට විරුද්ධව නැගී සිටිය හැකිය.

ඉශ‍්‍රායෙල් රජවූ ආහබ් හා ඔහුගේ භාර්්‍යාවවූ යෙසබෙල්ට පක්ෂව බොරු ප්‍රොපේතවරු බොහෝමයක් සිටින ලදි. නමුත් එළියා පමණක් ඔවුන්ට විරුද්ධව නැගිටින ලදි. එළියා ආහබ් හා යෙසබෙල්ගේ කැරළිකාරකම, යෙසබෙල්ගේ නපුරු ක‍්‍රියා පෙන්වන ලදි.

යෙසබෙල් ආහබ්ව පාලනය කරමින් මුලු ඉශ‍්‍රායෙල් දේශයටම නපුරුකම් කරන ලදි. 1රාජාවලිය 16:29 - 21:16

අවසානයේ ආහබ් හා යෙසබෙල්ගේ මරණය සිදුවන ආකාරය එළියා අනාතවාක්‍යයකින් පවසන ලදි. 1 රාජාවලිය 21:17-25

යාකොබ් 4:6
නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

අශුද්ධ ආත්ම ක්‍රියා කරන තලයේමයි දේව දූතයින් ක්‍රියා කරන්නේත්.

ආධිපත්‍ය ක‍්‍රියා කරන ආකාරය;

1 කොරින්ති 11:7‭-‬10
7පුරුෂයා දෙවියන්වහන්සේගේ රූපයද ගෞරවයද බැවින් ඔහුට නම් හිසවසන්ට කිසිසේත් යුතු නැත. නුමුත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවයය. 8මක්නිසාද පුරුෂයා ස්ත්‍රියගෙන් නොව, ස්ත්‍රිය පුරුෂයාගෙන්ය. 9තවද පුරුෂයා ස්ත්‍රිය නිසා නොව ස්ත්‍රිය පුරුෂයා නිසා මවනලද්දීය. 10එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්ට ස්ත්‍රීට යුතුය.

දේව දූතයන්ගැන සදහන් කරන සෑම තැනකම යක්ෂ ආත්ම සිටින තලය පෙන්වයි.

දේව දූතයන්ට අප අවසර දෙන කල, අප කථා කරන වචන වලට කීනරුවී යක්ෂ ආත්ම පලවා හැර අපව ආරක්ෂා කරන්නට ඔවුන්ට පුලුවන.

යක්ෂ ආත්ම ක්‍රියාකරන ආත්මික තලයේ දේව දූතයන් ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දීමෙනි.

ගීතාවලිය 103:20
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

ඔබ දෙවියන්වහන්සේගේ හඬට කීකරුව ක‍්‍රියා කරන කෙනෙක් නම් දේව දූතයන් ඔබගේ වචන අසා ක‍්‍රියා කරනු ඇත.

අකීකරුකමෙන් කැරලිකාරකමෙන් ක්‍රියා කරමින් දේව වචනය ප‍්‍රකාශ කෙරුවට යක්ෂ ආත්ම අවනත නොවේ.

දෙවියන්වහන්සේගේ වචනයට අවනතව ජීවත් නොවෙනවානම් කවදාවත් යක්ෂ ආත්ම පලවා හැරිය නොහැක.

1 තිමෝති 5:23
නුඹම පිරිසිදුව සිටින්න. මින්මතු වතුරම බොන්නෙක් නොවී, නුඹේ ආමාශය උදෙසාද නොයෙක්විට පැමිණෙන නුඹේ දුර්වලකම් නිසාද, මුද්‍රිකපානය ටිකක් භාවිතාකරන්න.

මනුෂ්‍යයන් මෙම පදය තම වාසියට හරවාගෙන මුද‍්‍රිකපානය වෙනුවට මධ්‍ය පානය බීමට පෙළබෙති.

1 තිමෝති 5:24
සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.

පැහැදිලිවම පාප කරන්නන්ගේ ඵල විපාක අපට දැකිය හැක

අප ගැළවීම ලබා ගත් පසු කරන්නාවු පාප වලට අපට විනිශ්චය දවසක් ඇත.

සමහර ක‍්‍රියාවන්ට ප‍්‍රතිඵල එවෙලේම ලැබෙන අතර, තවත් සමහර ක‍්‍රියාවන්ට ප‍්‍රතිඵල පසුව ලැබෙනු ඇත.

අප තීරණය කල යුතුයි අපගේ ජීවිත කැරළිකාරකමෙන් තොරව ශුද්ධව තබා ගැනීමට.

1 තිමෝති 5:25
එසේම පැහැදිලිව ප්‍රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.

දෙවියන්වහන්සේගේ වචනයට අනුකූලව ගැළවීම තුළ දෙවියන්වහනසේ සමඟ අප මෙම ගමන යා යුතුය.


Watch the Sermon Video

Read 280 times