+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නමස්කාරය තේරුම් ගැනීම

- මනූ මැතානි
April 14, 2024 Sunday Sermon Notes


අප නමස්කාර කරන්නාවු දෙවියන්වහන්සේට වෙන්වූ සෙනඟකි.

දෙවියන්වහන්සේ අපගෙන් බලෙන් නමස්කාරය ලබා ගන්නේ නැත.

අප හදවතින් ස්වකැමැත්තෙන් දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුය.

යක්ෂයා බලෙන් නමස්කාරය ලබා ගනී. යක්ෂයා යේසුස් වහන්සේට පැවසුවේ ඔබ මට නමස්කාර කරන්නේ නම් මේ සියල්ල දෙන බවය. (මතෙව් 4:9)

අපි යේසුස්වහන්සේට නමස්කාර කරන්නේ උන්වහන්සේ දෙන දේ නිසා නොව උන්වහන්සේ ස්වාමීන්වහන්සේ නිසාය.

උන්වහන්සේ අපව ගළවා ගත් නිසාය. අපව මුදවා ගත් නිසාය. උන්වහන්සේගේ දූ දරුවන් කළ නිසාය.

නමස්කාරය ඉතා වැඳගත්ය. එයට ස්ථානයක් අල්තාරයක් අවශ්‍යය නැත. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප ආත්මයෙන් හා සැබෑකමින් නමස්කාර කිරීමය.

ශෙපනියා 2:11
ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.

දෙවියන්වහන්සේ අප තුළ තිබෙන යක්ෂාකාර දේවල් හා භය ඉවත්කර ඇත. ඔබ ඉන්න ඕනෑම ස්ථානයක, ඕනෑම වේලාවක අපට ස්වාමීන්වහන්සේ නමස්කාර කළ හැකියි. මේ අපට ලැබී තිබෙන නිදහස්කමයි.

දෙවියන්වහන්සේ එක් ස්ථානයක පමණක් වාසය කරනවායැයි කියමින් ඔබව බන්ධනයකට හසු කිරීමට කාටවත් ඉඩ නොදෙන්න.

ඔබගේ හුස්මටත් වඩා ළඟින් දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනු ඇත.

පිලිප්පි 3:3
මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.

අපගේ දෙවියන්වහන්සේ ආත්මයක් නිසා අපි උන්වහන්සේ වෙනුවෙන් නමස්කාර ජීවිතයක් ගත කරමු.

කිසිම මාංසයේ කාරණාවක් කෙරෙහි විශ්වාසය නොතබන්න.

අපගේ ස්තුතිදීම, ප‍්‍රශංසාව, නමස්කාරය නිතරම දෙවියන්වහන්සේට පුද කරමු.

හෙබ්‍රෙව් 13:15
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

අප ගත කරන්නේ නමස්කාර ජීවිතයක්ය. ඔබගේ තොල් වලින්, ප‍්‍රශංසාවෙන්, සාක්ෂියෙන් නමස්කාර ජීවිතයක් ගත කළ යුතුවේ.

දෙවියන්වහන්සේ අපව මුදා වෙන්කර, නිදහස් කර තිබෙන්නේ උන්වහන්සේට නමස්කාර ජීවිතයක් ගත කිරීමටයි.

ද්වීතීය කථාව 7:2
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.

අප අන්‍යයන් හා කිසිම ගිවිසුමකට ඇතුල් නොවී දෙවියන්වහන්සේට වෙන්වූ සෙනඟක්ව සිටිය යුතුය.

ද්වීතීය කථාව 7:3-4
3 ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.
4 මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.

ඔබ අන්‍යයන් හා බැඳීමකට හසුවීමෙන් දෙවියන්වහන්සේට ඔබ තුළ ඇති නමස්කාරය නැතිවී යයි. සතුරා එය ඔබගෙන් උදුරා ගනී.

ඔබ කරන්නාවු සමහර දේ වලින් දෙවියන්වහන්සේ ඔබව පිළිකුල් කරනු ඇත.

දෙවියන්වහන්සේ අකමැති දේ සමඟ ඔබ සහභාගිකම් පවත්වනවානම් ඔබගේ නමස්කාරය නිශ්ප‍්‍රයෝජනය.

ද්වීතීය කථාව 7:6
මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.

නමස්කාර ජීවිතයක් ගත කරන්නා තුළ ශුද්ධකමේ අලංකාරය ඇත.

ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ විශේෂවූ, වටිනාවූ, ශුද්ධවූ වෙන්වූ සෙනඟකි. දෙවියන්වහන්සේ අපට බොහෝ සේ ප‍්‍රේමකරයි.

දෙවියන්වහන්සේ ප‍්‍රිය නොකරන දේ අප ප‍්‍රතික්ෂේප කළ යුතුය.

ද්වීතීය කථාව 7:7
ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ඇලුම්වී නුඹලා තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා නුඹලා ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය.

ආගමික ලෙස ජීවත්නොවී හදවතින් ස්වාමීන්වහන්සේට ළංවන්න.

ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ ආත්මික සෙනඟක් ගොඩනඟන්නටයි.

යේසුස්වහන්සේව අනුගමනය කිරීමට කැමතියි කිවු අයට උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේ පසුපස එන්නට කියාය. (යොහන් 1:43)

යේසුස්වහන්සේව අනුගමනය කිරීමට කැමති වූවත් තමාගේ ගෙදරින් අවසර ගෙන එන්ට ඉල්ලු අයට උන්වහන්සේ පැවසුවේ ඔව්හු දේව රාජ්‍යයට නුසුදුසු බවයි. (ලූක් 9:61-62)

යේසුස්වහන්සේව පොළොව තුළ ජීවත්වූ කාලය තුළ බොහෝ අය උන්වහන්සේ පසුපස පැමිණියත් ශුද්ධාත්ම බවිතිස්මය ලබා සුභාරංචිය පතළ කිරීමට ඉතුරුවූයේ 120 දෙනෙකු පමණි. (ක‍්‍රියා 1:15)

ද්වීතීය කථාව 7:8-9
නුමුත් ස්වාමීන්වහන්සේ නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් නුඹලා මිදුවේ උන්වහන්සේ නුඹලාට ප්‍රේමකළ නිසාත් නුඹලාගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්ට කැමතිවූ නිසාත්ය.
9 එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,

දෙවියන්වහන්සේ බලන්නේ විශාල සංඛ්‍යාවක් නොවෙයි, ඔබ එක් පුද්ගලයෙක් වුවත් දෙවියන්වහන්සේට ඔබව වටිනා කෙනෙකි.

යේසුස්වහන්සේ කුරුසපත්වුණේ ඔබ වෙනුවෙන් බව විශ්වාස කරන්න. ගැළවීම නොසලකා නොහරින්න.

අපි නිතර නිතර පසුබට නොවී ස්ථීර ජීවිතයක් ගත කරමු.

දෙවියන්වහන්සේට නමස්කාර කරන්නේ ශක්තිමත්, බලවත් පුද්ගලයින්ය.

දෙවියන්වහන්සේව සොයන්නේ සැබෑ නමස්කාර කරන්නන්ය.

ඔබව නිරයෙන්, වහල්කමෙන් ගළවා ජීවමාන දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් කළ නිසා නිතර ස්වාමීන්වහන්සේට ස්තූති දෙන්න.

1 තිමෝති 2:2-8
සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.
2 මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ, අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ. මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය. උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ. ඒ පිණිස මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍යජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි. එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි. "

අප කෝපයත්, වෛරයත්, සැකයත් විවාදයත් නොමැතිව පිරිසිදු දෑත් ඔසවා ස්තූති සිතින් දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුය.

1 තිමෝති 2:9-10
එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව, දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.

දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් ලෙස ඔබගේ හැසිරීමද, භාහිර පෙනුමද නිසියාකාරව තිබිය යුතුය.

යේසුස්වහන්සේ පැවසුවේත් විශේෂ නමස්කාර ස්ථානයක් නොමැති බවයි.

මතෙව් 24:23-24
එකල යමෙක් කථාකොට: බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.

ක‍්‍රිස්තුස් යනු ආලේප ලත් තැනැන්වහන්සේය.

අප ස්ථාන සොයා යන විට එහි සිටින පුද්ගලයන්ටත් වැඳ නමස්කාර කිරීමට පෙළඹේ. යේසුස්වහන්සේ පැවසුවේ එවැනි තැන් විශ්වාස නොකරන ලෙසය.

ඔබ සත්‍යයය දැනගත් විට සත්‍ය ඔබව නිදහස් කරයි. (යොහන් 8:32)

2 කොරින්ති 3:17
ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.

ආත්මයාණන්වහන්සේ ඔබ තුළයි වාසය කරන්නේ. ඒ ආත්මයාණන් වහන්සේ තුළින් ඔබට නිදහස ඇත.

මතෙව් 24:24
මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.

යුදෙව්වරු දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන්නේ කවදදැයි ඇසුවිට යේසුස්වහන්සේ පැවසුවේ එය පෙරහැර සහිතව නොපැමිණෙන බවයි. (ලූක් 17:20)

ලූක් 17:21
බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේයයි කීසේක.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය තිබෙන්නේ අප තුළයි එයයි සත්‍යතාවය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොවේ. (රෝම 14:17)

දෙවියන්වහන්සේගේ රාජ්‍යය ධර්මිෂ්ඨකමයි, සමාදානයයි.

දෙවියන්වහන්සේ ඔබව ධර්මිෂ්ඨ කර තිබෙනවා. සාමයේ කුමරුන් මා තුළ වාසය කරන නිසා අද දවසේදී මට සමාදානය තිබෙනවා.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ මට නිතරම ප‍්‍රීතිය තිබෙනවා. උන්වහන්සේගේ රාජ්‍යය කවදාවත් උන්වහන්සේ මාගෙන් ඉවත් කරන්නේ නැත.

ඔබ යන සෑම ස්ථානයකම “ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළයි” යන පණිවිඩය සමඟ යන්න.

කොලොස්සි 1:27
අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.

මාර්ක් 13:21-22
එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න. මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන් නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය.

ඔබව මුළාකරන්නා විනාශකරන්නේ ඔබගේ විශ්වාසයයි.

මුළානොවීමට ක‍්‍රිස්තුස්වහන්සේ මා තුළයි යන ස්ථීර අත්තිවාරම මත ඔබ සිටින්න.

මතෙව් 24:25
බලව, මම නුඹලාට කලින් කීවෙමි.

ස්ථීරව විශ්වාසව සිටින්න කියා යේසුස්වහන්සේ අපට කලින්ම කියා ඇත.

මතෙව් 24:26
එබැවින් ඔව්හු නුඹලාට කථාකොට: අන්න, උන්වහන්සේ වනාන්තරයෙහි සිටිනසේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටිනසේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න.

යම් කිසි දෙයක්, තැනක් මත ඔබගේ විශ්වාසය නොතබන්න.

යක්ෂ ආත්ම මනුෂ්‍යයන් පුදුම කරන ක‍්‍රියාවන් සිදුකරයි. ඒවාට අසු නොවන්න.


Watch the Sermon Video

Read 20 times