+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
මා ධර්මිෂ්ඨයි - මනූ මැතානි
May 4, 2025 Sunday Sermon Notes
භය පැමිණෙන විට ඔබගේ ඇදහිල්ල පාවිච්චි කරමින් ඇදහිල්ලේ වාක්‍යය පවසමින් භය දුරුකළ යුතුවේ.
ජීවන වචන කථා කිරීමෙන් භයාදුකමේ ආත්මයෙන් සම්පූර්ණයෙන්ම මිදිය හැකිය.
භයෙන්, ශෝකයෙන් ජීවත් වන්නේ නැතිව යක්ෂයාටද අසුනොවී භිය අපි ප‍්‍රතික්ෂේප කරමු.
රෝගයට, හිඟකමට භය නොවන්න. දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ භයාදුකම නොව සමාදානයයි.
ශු. යොහන් 14:27
[27] නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
භයට විරුද්ධව අපගේ ජීවිතයේ සමාදානයට ක‍්‍රියා කිරීමට අපි ඉඩදෙමු. ඔබගේ හදවතට ඇදහිල්ලේ වාක්‍යය, දෙවියන්වහන්සේගේ වචනය නැමැති බීජය වැපිරිය යුතුවේ.
ඇදහිල්ලෙන් ජීවත්වන මනුෂ්‍යයන් සැබවින්ම දෙවියන්වහන්සේගේ ගැළවීම ලබා ගත්තාවු අයවලුන්ය.
ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ ඇදහිල්ලෙන්ය.
රෝම 3:24
[24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
අපව ධර්මිෂ්ඨ කර ඇත්තේ නොමිලේය. අපගේ මිදීම සඳහා යේසුස්වහන්සේ මිලයක් ගෙවන ලද්දේය. අප ධර්මිෂ්ඨයි කියා අප තුළ ස්ථීරත්වයක් තිබිය යුතුය. ධර්මිෂ්ඨකම අපට නොමිලේ ලැබුණු දීමනාවකි.
රෝම 5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.
ඔබ ධර්මිෂ්ඨයෙක් කියා සිතිය යුතුය.
රෝම 8:29
[29] මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.
දෙවියන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස්වහන්සේගේ සමානත්වයට අප සිටින්ට ඕනෑ බව උන්වහන්සේ පෙර නියම කර තිබුණේය. මෙය දෙවියන්වහන්සේගේ සැලැස්මයි.
දෙවියන්වහන්සේ නියම කළාවු අය උන්වහන්සේ කැඳවාගන්නා ලදි.
රෝම 8:30
[30] පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.
කැඳවාගත් අයව දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ කළේය. ඔබ ධර්මිෂ්ඨයෙක්යැයි කීමට භිය නොවන්න. ඔබ අතින් වරදක්වූ සැනින් ඔබ පව්කරුවෙකු වන්නේ නැත. ඔබ ධර්මිෂ්ඨයැයි පැවසීම අහංකාර ප‍්‍රකාශයක් නොවේය.
අප ස්වර්ගීය පුරවැසියන්ය. පොළොවේ සිටින ස්වර්ගීය තානාපතියන්ය.
අප සිටින්නේ ධර්මිෂ්ඨනමේ ඵල භුක්තිවිඳිමින්ය. ධර්මිෂ්ඨකමේ ඵල නම්: සුවය, සඵලත්වය, නිර්භයව ජීවත්වීම සහ සමාදානයයි. ධර්මිෂ්ඨයන් ශුද්ධවන්තයන්ය. අපගේ ධර්මිෂ්ඨකම තිබෙන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහිය.
යෙසායා 54:17
[17] නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අප සිටින්නේ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළය. ධර්ම්ෂ්ඨකම යනු දෙවියන්වහන්සේ ඉදිරියේ කිසිදු දෝෂාරෝපණයකින් තොරව සිටගැනීමට හැකිවීමය.
යෙරෙමියා 23:6
[6] උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
ස්වාමීන්වහන්සේ අපගේ ධර්මිෂ්ඨකමය. යේසුස්වහන්සේ වධවින්ඳේ අපව ධර්මිෂ්ඨ සෙනඟ කිරීමටය. අප එය සුළු නොකරමු.
යෙසායා 61:10
[10] මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකමේ වස්ත‍්‍රයෙන් අප වසා ඇත.
ධර්මිෂ්ඨකම අපගේ ස්ථානයයි. ඒ ස්ථානය මත අප සිට ගනිමු.
යෙසායා 64:6
[6] අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
අපේ ධර්මිෂ්ඨකම් දෙවියන්වහන්සේ ඉදිරියේ කිලුටු වස්ත්‍රයක් මෙන්ය. ඵල දරන පිණිස දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨකමේ ගසක් ලෙස පිහිටා ඇත.
යෙසායා 61:3
[3] සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
තෙල් බෝතලයක්, වතුර බෝතලයක්, වස්ත‍්‍රයක්, නූල් කැබැල්ලක් මත ඔබගේ විශ්වාසය නොතබන්න. එවැනි දේ දෙන්නාවු තැන්වලින් පවා අප අහක්ව සිටිමු. එවැනි තැන්වල ක‍්‍රියා කරනුයේ නපුරු ආත්ම සහ හුරුපුරුදු ආත්මය. ඔවුන් ඔබ ගැන පවසන දේවල් විශ්වාස නොකරන්න. ඔබ ධර්මිෂ්ඨ යයි ඔවුන් කිසිදා පවසන්නේ නැත.
බොරු අනාගතවාක්‍ය පසුපස නොයන්න. දෙවියන්වහන්සේව දැන හඳුනාගත් අය බලවත් දේ කරයි.
සියල්ලට වඩා වචනයට මුල් ස්ථානය දෙමු. (2 පේතෘස් 1:19-20)
වචනය සත්‍යය බව විශ්වාස කරමු. එවිට අප වැරදි දේට රැවටෙන්නේ නැත. ඔබ කව්රුන්දැයි දැන නොසිටියොත් යක්ෂයාට ඔබව මුළාවට ලක් කළ හැකිය.
යෙසායා 5:13
[13] එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
දැනුම නැතිවෙන කල, අප වහල්කමට යන්නේය. ඒ නිසා අපි වචනය ඉගෙන ගනිමු.
ඔබ දෝෂාරෝපණයට ලක්වෙන කල මම ධර්මිෂ්ඨයෙක්යැයි පවසන්න. දේව වචනය එළිදරව්වීමෙන් අපට ආලෝකය ලැබේ.
ගීතාවලිය 119:130
[130] ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.
දෙවියන්වහන්සේගේ ආලෝකය ඉදිරියේ සාවුල් අන්ධ වීම තුළින් ස්වාමීන්වහන්සේ පෙන්නුම් කළේ ඔහු සැබවින්ම අන්ධකාරයේ ජීවත්වූ කෙනෙක් බවත්, සැබෑ ආලෝකය උන්වහන්සේ බවත්ය. (ක‍්‍රියා 9:3-9)
සාවුල්ට ලැබුණු එළිදරව්වීමත් සමඟම ඔහුගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති විය. යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මය දැන් අප තුළ වාසය කරයි. උන්වහන්සේ අපගේ මරණීය ශරීර ජීවත්වන තරමටම අපව ප‍්‍රාණවත් කරයි.
රෝම 8:11
[11] තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.
අපගේ ශරීරයේ ඇති ප‍්‍රතිශක්තිකරන පද්ධතියටත් වඩා ඕනෑම රෝගයකින් අපව සුව කරන්නට ශුද්ධාත්මයණන් වහන්සේට බලය ඇත. අපගේ ශරීරය ශුද්ධාත්මයණන් වහන්සේගේ මාළිගාවයි. එය ආරක්ෂා කරන ආකාරය උන්වහන්සේ දන්නා සේක.
ඔබ සිතන දේටත් වඩා, ඉල්ලන දේටත් වඩා උන්වහන්සේ ඉෂ්ට කරන බවට එම විශ්වාසය ඇතුව ජීවත්වන්න.
එපීස 3:20-21
[20] ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, [21] සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.
දේව බලය තුළ කිසිදු අඩුවක් නැත. ප‍්‍රශ්නය අපගේ විශ්වාසය මදිකමය. විශ්වාසය ආරම්භ වන්නේ ඔබ ධර්මිෂ්ඨයෙක් කියා විශ්වාස කිරීම තුළින්ය.
ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ ඇදහිල්ලෙන්ය.
ගලාති 3:11
[11] ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.
අප හොඳයැයි සිතා ගෙන සිටීමෙන් අප ධර්මිෂ්ඨ වන්නේ නැත.
ගලාති 2:16
[16] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.
ධර්මිෂ්ඨ වන්නේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගැනීමෙන් පමණි. ධර්මිෂ්ඨකමේ උතුම් ඵල අපගේ ජීවිතේ ඇත. අපට භයක් නොමැත. ධර්මිෂ්ඨයන් සිංහයන් මෙන් නිර්භීතව සිටියි.
හිතෝපදේශ 28:1
[1] කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
ඔබට විරුද්ධව පැමිණෙන රෝග, හිඟකම් ඉදිරියේ සිංහයෙකු මෙන් හැසිරෙන්න. ගොරවනවා යනු අපගේ ප‍්‍රකාශය හරි ලෙස තබාගැනීමය.
අපගේ පියාණන්වහන්සේ සිංහාසනයේ වාඩි වී හිදියි. එම සිංහාසනය කිසිවෙකුට සෙලවිය නොහැක. නපුරු අය ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් අයට විරුද්ධවන සෑම මොහොතකම ස්වර්ගීය පියාණන්වහන්සේ සිනාසෙමින් සිටියි. උන්වහන්සේගේ ආලේපලත් දරුවන්ට කිසිවක් කළ නොහැකි බව උන්වහන්සේ දන්නා සේක.
ගීතාවලිය 2:2-3
[2] ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති. [3] අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති. [4] ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.
පියාණන්වහන්සේ සිනහවට ඔබද එකතුවන්න. සිනහව හොඳ දෙයකි. ඔබ යක්ෂයා ඉදිරියේ ගොරවන කල, ඌ ඔබගේ නිවසින් පලා යනු ඇත.
ගීතාවලිය 127:5
[5] එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය (ආශීර්වාද ලද්දෙක්ය). ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.
හිඟකම, රෝගය, භයානක සිතුවිලි ගෙනෙන ආත්ම, දරුවන්ට රෝග පමුණුවන ආත්ම, රැකියාවට ව්‍යාපාරයට විරුද්ධව ක‍්‍රියාකරන බලවේග, වැනි යක්ෂයාගේ සියලු නපුරු ක‍්‍රියා ඔබගේ දොරටුවෙන් ඇතුලට ඒමට ඉඩ නොදී ගේට්ටුවෙන්ම පිටතට යාමට ඔබ විසින් අණ කළ යුතුය.
ඔබ දෙවියන්වහන්සේගේ පොරොන්දු ප‍්‍රකාශ කර සිංහයෙකු මෙන් ගොරවන්නට පටන් ගත් කල, එවිට යක්ෂයා වෙව්ලනු ඇත. ඔබගේ ජීවිතයේ දේවල්ද වෙනස්වීමට පටන්ගනු ඇත.
දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨකමට පමුණුවා ඇති නිසා අප ස්තූතිවන්ත වෙමු.
යේසුස්වහන්සේ පැවසුවේ, “මම ධර්මිෂ්ඨයි” කියාය. ශුද්ධාත්මයාණන්වහන්සේ සනාථ කර ඇත්තේ මම ධර්මිෂ්ඨයි කියාය. පියාණන්වහන්සේ පවසන්නේ, අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨ දරුවන් කියාය. අපි නොභියව ධර්මිෂ්ඨයන් බව පවසමු.
Watch the Sermon Video