+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබ මහත් දේ මට කළේ
VERSE 1:
ඔබ මහත් දේ මට කළේ
පවුලේ සැම අයටයි
රජ පුජකයින් ලෙසට පත් කළේ
ඔබ මා පවිත‍්‍ර කළේ
යේසුස්ගේ අනගි ලෙයින්
සැමදේ යහපතටයි නිරයෙන් මා මුදවා
ජීවය හා පේ්‍්‍රමය දුන්නේ
ඔබගේ කරුණා ගුණයෙන්
ඔබෙ නව වංශයෙන් මෙමා
CHORUS:
මා ඔබට ආදරෙයි සැබවින්ම ආදරෙයි
ඔබ අරුමයි පුදුමයි පේ්‍්‍රමවන්තයි
ඔබට ආදරෙයි මා ආදරෙයි
සැම දෙයටම ස්තුති පුදමී
උතුම් දායාදය දෙව් පුත් තුළින්
අප දෙදෙනව එක් අයකු කළේ
මා ඔබට ආදරෙයි
VERSE 2:
ආසිරි ලැබුවෙමි මා
කිතු තුළ ධර්මිෂ්ඨයි
මට සාමය බොහෝසේ දුන්නේ
එතුමන් කළ දේ නිසා
දැන් දේව පුත‍්‍රයෙක් මමයි
මා කි‍්‍රස්තුස් තුළයි
සමගිකමට පත් කළේ
ඔබෙ ශුද්ධාත්මය දැන් මා තුළයි
ගැළවීමේ මාර්ගය තුළින්
නව තැනැත්තෙකී මෙමා


