+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳුන්ගේ සදාකල් මහීමයෙන්


VERSE 1:
සමිඳුන්ගේ සදාකල් මහීමයෙන්

ස්වර්ගයෙන් ආවේ දෙව් පුතුන්
කල්වාරියේ පිදු ලෙයින් මුදවන්නයි
තෝරාගත් අයව ගළවන්නයි

CHORUS:
කි‍්‍රස්තුස් මැරුනේ පව්කරුවන්ටයි
අපි පාපයේ සිටියදී එතුම් දිවි පිදුවේ
පව්කරුවන්ගේ වන්දිය ගෙවාලා
යේසුස් පව් ඔසවා මිලය ගෙව්වා 
යේසුස් පව් ඔසවා මිලය ගෙව්වා


VERSE 2:
කුරුසයේ එතුම් කළ කි‍්‍රයාව පුදුමයි
නිදහස් කළේ මා බැඳී තිබු පාපෙන්
ශුද්ධස්ථානයේ තිරය වෙන් වුනේ
පොරොන්දු මග හිමි පෙන්වුයේ

VERSE 3:
හිමි පොළොවෙන් එසවුයේ තේජස් මහීමයෙන්
උසස්වී දැන් දෙවිඳුගේ දකුණු පසින්
ගැළවුම්කාර ජයගත් සවිබල කුමරුන්
අප හා හිමි සදහට එක්වුයේ

 

Read 304 times