+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

නැගිට සමිඳුට ස්තුති දෙන්න


නැගිට සමිඳුට ස්තුති දෙන්න
එතුම් තෝරාගත් අය
හිමි නාමේ පසසන්
(x2)


අනතුරෙන් එතුම් අප දිවි මිදුවේ
සතුරාගෙන් එතුම් අප දිවි මිදුවේ
එතුම් නාමේ පසසමු නටමින්
සදාකල් හිමි තුළ ප‍්‍රීතිවෙමු


සියොන් ඉදිරියේ පැසසුම් ගෙන එමු


සියොන් ඉදිරියේ පැසසුම් ගෙන එමු
සමිඳුගේ පැසසුම් මා මුවෙහී රැඳේ
සියොන් ඉදිරියේ පැසසුම් ගෙන එමු
එතුම් ධජය සදා ඔසවන් 
එතුම් ධජය සදා ඔසවන්


අපව තෝරා ඇතේ 
එතුම් ජනයන් මෙන්
රජ පූජක ලෙස හිමි නමදින්නයි
රජිඳුන් පසසමු ගී ගයමින්
සදාකල් ස්වාමීන්ය
එතුම් සදාකල් ස්වාමීන්ය


එතුමන් බලවත් අපෙ ගැළවුම්කරු


එතුමන් බලවත් අපෙ ගැළවුම්කරු
ඉශ‍්‍රායෙල්හී ශුධ දෙවිඳුන්
(x2)


පැසසුම් හඬින් ප‍්‍රීතියෙන් ගයමි
මුළු මැවිල්ල හිමි නාමේ පසසන්
අති උතුම් සමිඳු බලවත් දෙවිඳුන්
සදා එතුමන් එකසේ පවතී

 

Read 699 times