+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් සමිඳුනී ඔබව නමදිමි

 

යේසුස් සමිඳුනී ඔබව නමදිමි
යේසුස් සමිඳුනී ඔබ පසසන්නෙමි
යේසුස් සමිඳුනී ඔබේ ගුණ ගයන්නෙමි
යේසුස් සමිඳුනී ඔබට ස්තුති පුදන්නෙමි

හාලේලූ x3 හාලේලූයා

යේසුස් සමිඳුනී ඔබ මාගේ පේ‍්‍රමයයි
යේසුස් සමිඳුනී ඔබ මාගේ ජීවනයයි
යේසුස් සමිඳුනී ඔබ මාගේ පී‍්‍රතියයි
යේසුස් සමිඳුනී ඔබ මාගේ මහීමයයි

යේසුස් සමිඳුනී ඔබෙ නාමය පසසමි
යේසුස් සමිඳුනී ඔබෙ නාමය ඔසවමි
යේසුස් සමිඳුනී ඔබෙ නාමෙට ගුණ ගයමි
යේසුස් සමිඳුනී ඔබෙ නාමෙට ස්තුති පුදමි

යේසුස් සමිඳුනී ඔබ මාගේ මිදුම්කරුයි
යේසුස් සමිඳුනී ඔබ මා ගැළවුම්කරුයි
යේසුස් සමිඳුනී ඔබ මා සැපයුම්කරුයි
යේසුස් සමිඳුනී ඔබ මාගේ මැවුම්කරුයි

 

 

Read 456 times