+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මේ නත්තල් සමයේ මා ප‍්‍රීති වෙමි
VERSE:
මේ නත්තල් සමයේ මා ප‍්‍රීති වෙමි
දෙවිඳු කළාවු දේ සමරමි
යේසුස්ගේ නාමය මා ඔසවමි
දෙව් ප‍්‍රේමය ගැන පවසමි (x2)
ගී ගයමින් ස්තූති දෙමි
මගේ දෑත් ඔසවා නමදිමි (x2)
පැසසුම් හඬින් ගෞරව පුදමි
හලෙලූයා මහිමවේ
මගෙ ගැළවුම්කරු හිමි මා සමඟයි
එතුමගෙ වචනය දැන් මා තුළයි (x2)
ශුද්ධ ආත්මෙ බලයෙන් පිරී සිටිමි
හලෙලූයා ආමෙන්!


