+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා මාගේ නොවෙයි


VERSE:
මා මාගේ නොවෙයි මාගේ මිලය ගෙව්වේ
යේසුස් ක‍්‍රිස්තුස්ගේ අනගි ලෙයින් මා මිදුවේ
මාගේ සැම ණයක් ගෙව්වේ
එතුමන්ගේ පූජාවෙන්
හාලේලූයා යේසුතුමන්ට
මාගේ දිවි මිදූ බැවින්

 

දෙව් පුතුන් නිදහස් කළ අයෙකු සැබවින් නිදහස්

VERSE:
දෙව් පුතුන් නිදහස් කළ අයෙකු සැබවින් නිදහස්
මුළුමනින්ම ව්‍යවස්ථා ශාපෙන් මුදවා නිදහස්
දෙව් පුතුන් නිදහස් කළ අයෙකු සැබවින් නිදහස්
අති උතුම්වූ දෙවිඳුගේ
මෙහෙකරුවෙකු වන්නට නිදහස්

සමිඳුගේ ආත්මය ඇති ස්ථානයේ නිදහස ඇතේ
දාසකමේ වියගහ බැඳුමට මා හසුවී නැතේ
සත්‍යය වූ යේසුස් අප නිදහස් කරන්න ආවේ
මා නිදහස් මා නිදහස් මා නිදහස්

නමදින්න මා නිදහස් - ජීවත්වන්න මා නිදහස්

යේසුස් තුළ මා නිදහස් - ගී ගයන්න මා නිදහස්

 

Read 259 times