+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දෙවිඳුන් ඔබ යහපත්ය
CHORUS:
දෙවිඳුන් ඔබ යහපත්ය
යහපත්ය මේ මට
(x2)
මා කර ඇති කි‍්‍රයා නිසා නොව නුමුත්
ඔබෙ අනුග‍්‍රහයෙන් පමණයි
දෙවිඳුන් ඔබ යහපත්ය මෙ මට
VERSE 1:
ස්තුතියි පියාණෙනි ඔබෙ පුතුන් අප
නිදහස් කරන්න දුන්නේ
ස්තුතියි පියාණෙනි කල්වාරියේ
ඔබ දුන් දීමනාවට
මා සිටි වියවුලෙන් ඔබ මා ගළවා
නව දිවියක් සෑදුවේ
මගෙ පාපෙන් ඔබ මා සෝදා
දැන් ඔබෙ ඉදිරියේ දමිටු වෙමී
VERSE 2:
දුක් වේදනාවෙන් ඔබ මා මුදා
ජීවනය පේ‍්‍රමෙ දුන්නේ
නින්දාව මාගෙන් ඉවත් කළේ
ඔබෙ ලෙයින් සේ¥ නිසයි
මා දැන් සැමදා අවදි වන්නේ
ඔබහට ප‍්‍රශංසා කරන්නයි
ඔබෙ අනගි ලේ වල පුදුම වූ ඔබෙ නාමයේ බලය
BRIDGE:
ඔබ මට පෙම් කළ බව මා දනිමී
ඔබ මා ගැන සිතනා බව මා දනිමී
මගේ අතීතය ගෙන ඒ සියල්ල මකා දැමුවේ
එබැවින් මා හද පේ‍්‍රමෙන් පවසයි


