+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පොළොවේ වැසියෙනී

VERSE 1:
පොළොවේ වැසියෙනී
සියල්ලෝම සමිඳුට

හඬ නගමින් ප‍්‍රීතියෙන්
ගායනා කරව්
(x4)

 
VERSE 1:
ශාරොන්හී රෝස මලයි
මිටියාවතේ මානෙල් මලයි 
(x2)

ශුද්ධවන්තයි මා ප්‍රේමවන්ත ඔබයි
ගීතිකාවෙන් උතුම් වන්නේ ඔබයි
 
VERSE 2:
වචනයෙන් විශ්වාසවූ
හිමි පොරොන්දු දෙන්නාවූ
(x2)

නොකැළඹී - තැති නොගනිමින්
ජයග‍්‍රහණයෙන් අද ඔබව රකියි
 
VERSE 3:
අලංකාරයෙන් පූර්ණවූ
හිමිගේ පේ‍්‍රමේ සසඳන්න බෑ
(x2)

මිහිරිවේ - ප්‍රේමේ ඔබේ
විලවුන් මෙන් ඔබෙ නාමේ වැගිරෙවුයේ
 
VERSE 4:
වචනයේ දෙවිඳුුන් ඔබයි
වචනයෙන් සෑමදේ උසුලයි
(x2)

විශ්වය වචනෙන් උසුලන
දෙවිඳුුන් සැමදා ඔබ උසුලයි
 
VERSE 5:
යේසුස් ගැළවුම්කරුයි
යේසුස් මා මිදුම්කරුයි
(x2)

සව් බලෙන් එතුම් මා ඔසවා
ආශීර්වාදෙන් දැන් මා පුරවා ඇතේ

 

Read 236 times