+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබ පෙන්වූ කරුණා ගුණ සිහි කරමි


ඔබ පෙන්වූ කරුණා ගුණ සිහි කරමි
ඔබ කළාවු යහපත්කම් සිහි කරමි
ඔබගෙන් ඇති උපකාර සිහි කරමි
ඔබ කළාවු සෑමදේ සිහි කරමි

ඔබගෙන් ඇති ආශ්‍රීර්වාද සිහි කරමි
ඔබගේ සැපයුම් මා සිහි කරමි
ඔබේ දිවි පූජාව සිහි කරමි
ඔබ මාගේ ස්වාමීන් බැව් සිහි කරමි

මාගේ පියාණන් - ගැළවුම්කරුන්
සුවකරන්නා - මිදුම්කරුන්
(x2)

 නමදින්නෙම් මා සැමදා


නමදින්නෙම් මා සැමදා
පසසන්නෙම් මා සැමදා

ඔසවන්නෙම් මා සැමදා
මාගේම යේසුනී

ඔබ මාගේ මාර්ගයයි
ඔබ මාගේ සත්‍යයයි

ඔබ මාගේ ජීවනයයි
මාගේම යේසුනී

ඔබ මා මිදිවැල වන්නේ
මා එහි අත්තක් වන්නේ

ඔබ තුළ මා පවතිමින්
සැමදා ඵල දරන්නෙමි


Read 929 times