+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස් සමිඳුන් පාපය වූයේ


යේසුස් සමිඳුන් පාපය වූයේ
යේසුස් සමිඳුන් දිළිඳු වූයේ
යේසුස් සමිඳුන් ශාපය වූයේ

මා දිවි ගළවන්නටයි
මා දිවි මුදවන්නටයි

මා සුව කරන්නටයි
නිරයෙන් ගළවන්නටයි


යේසුස් සමිඳුන් පීඩා වින්දේ
යේසුස් සමිඳුන් මගේ දුක දැරුවේ
යේසුස් සමිඳුන් කුරුසේ මැරුණේ

 

මගේ රැකවරණය ඔබමයි සමිඳේ


මගේ රැකවරණය ඔබමයි සමිඳේ
මගේ ආලෝකය ඔබමයි සමිඳේ
මගේ ජීවනයත් මාගේ සවියත්
යේසුනි සැමදා ඔබ සමිඳේ

මාගේ මහිමය ඔබමයි සමිඳේ
මාගේ පැතුමන් ඔබමයි සමිඳේ
මාගේ පේ‍්‍රමය මාගේ ප‍්‍රීතිය
යේසුනි සැමදා ඔබ සමිඳේ

 

Read 267 times