+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මට බෑ කියා කිසිදා නොපවසම්


VERSE 1:
මට බෑ කියා කිසිදා නොපවසම්
යේසුස් තුළින් සැමදේ කළ හැකියි
මට නෑ කියා කිසිදා නොපවසම්
මගේ දෙවිඳුන් සැමදේ සපයන්නේ

CHORUS:
නෑ නෑ නෑ කවදාවත් 
නෑ නෑ නෑ කවදාවත්

වැරදි දේ මා නොකියන්නෙමි
(x2)


VERSE 2:
මා දුර්වල බව කිසිදා නොපවසම්
සමිඳුන් මගේ ජීවිතයේ ශක්තියයි
මා පරාජය බව කිසිදා නොපවසම්
කි‍්‍රස්තුස් තුළ මා ජයග‍්‍රාහිකයි

VERSE 3:
මා ලෙඩ රෝගෙන් බව කිසිදා නොපවසම්
හිමිගේ කස පහරින් මා දැන් සුවයි
මා කනස්සලූ බව කිසිදා නොපවසම්
සැම කරදර සමිඳුට දෙන්නෙමි

VERSE 4:
මා බැඳී ඇති බව කිසිදා නොපවසම්
සමිඳුන්ගේ ආත්මෙන් මා දැන් නිදහස්
දොස් පැවරුනු බව කිසිදා නොපවසම්
එතුමන් කිසිදා මට දොස් නොපවරයි

 

Read 222 times