+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
ඔබ සිතෙහි මවා ගන්නවාටත් වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබගේ සාර්ථකත්වයට සහ යහ පැවැත්ම ගැන උනන්දුවනසේක! (2 වන කොටස)
ජීවිතය හා දේවභක්තිය සඳහා අපට අවශ්‍ය සෑම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් දැනටමත් අප තුළ තැන්පත් කර ඇත.
මක්නිසාද මේ සියල්ල අපට ලැබුණේ උන්වහන්සේව දැන හඳුනා ගැනීමේ පොහොසත් අත්දැකීම් තුළින් හා අපගේ නාමයෙන් අපව කැඳවා, උන්වහන්සේගේ යහපත්කමේ මහිමාන්විත ප්‍රකාශයක් තුළින් උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස අපට ආරාධනා කරමින්ය.
ඔබ සිතෙහි මවා ගන්නවාටත් වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබගේ සාර්ථකත්වයට සහ ශරීර සනීපයට උනන්දුවක් දක්වනසේක! (1 වන කොටස)
සඵලවත් වූ සාර්ථක ජීවිතයක් ගත කිරීම සැබවින්ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි.
දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, යෝසෙප්, දාවිත් සහ තවත් බොහෝ දෙනෙකුට තමුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම සාර්ථකත්වයෙන් හා බහුලත්වයෙන් ආශීර්වාද කළ ආකාරය ශුද්ධ ලියවිල්ලෙහි අපට දැකගත හැකිය.
ඔබට බියෙන් ජීවත් වෙන්නට අවශ්‍ය නැත! (2 වන කොටස)
යක්ෂයා සෑම අවස්ථාවකමදීම භීතියේ කතුවරයාය. ඔබ භය වන සෑම විටම යක්ෂයාට ස්ථානයක් දෙන්නේය. බයිබලයේ අණ කරන්නේ, “යක්ෂයාට ඉඩ (තැනක්) නොදෙන්න." මිනිසුන්ට බිය නොවන්න. හිතෝපදේශ 29:25 අපට පවසන්නේ,“මනුෂ්‍යයාට භයවීම මලපතක්ය;" එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්‍ෂිතව සිටියි.” ‘මලපත’ යන වචනයේ තේරුම උගුලක් හෝ පැටලීමකි.