+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

යක්ෂයා සෑම අවස්ථාවකමදීම භීතියේ කතුවරයාය. ඔබ භය වන සෑම විටම යක්ෂයාට ස්ථානයක් දෙන්නේය. බයිබලයේ අණ කරන්නේ, “යක්ෂයාට ඉඩ (තැනක්) නොදෙන්න." මිනිසුන්ට බිය නොවන්න. හිතෝපදේශ 29:25 අපට පවසන්නේ,“මනුෂ්‍යයාට භයවීම මලපතක්ය;" එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්‍ෂිතව සිටියි.” ‘මලපත’ යන වචනයේ තේරුම උගුලක් හෝ පැටලීමකි. 

බයිබලයේ 2 තිමෝති 1:7 පවසන්නේ, "මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව, බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය (මනසක්ය)." 

මෙම පදයෙන් අපට පෙනෙන්නේ දෙවියන්වහන්සේ භයේ කර්තෘ නොවන බවත් උන්වහන්සේ තුළ භය නොමැති බවත්ය. 

මේ මුළු විශ්වයේම මැවුම්කාර  දෙවියන්වහන්සේ ඔබට මෙසේ කියයි: ‘යාච්ඤාවෙන් මට හඬ ගසන්න, එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි. ඔබ තවමත් නොදන්නා ශ්‍රේෂ්ඨ හා බලවත් දේ මම ඔබට පෙන්වන්නෙමි.’ යෙරෙමියා 33:3  ඔබේ මනසේ පැන නගින ප්‍රශ්නවලට ඔබට පිළිතුරු අවශ්‍යද? දෙවියන්වහන්සේ පවසන්නේ, “ඔබට අවශ්‍ය පිළිතුරු සියල්ලම මා සතුව ඇත.” උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ යාච්ඤාවෙන් හඬ ඔසවමින් දෙවියන්වහන්සේට කීමයි.