+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship

Believers' Fellowship

පේත්‍රැස් යේසුස්වහන්සේ ළඟට ඇවිත්, “මට වරදකළ (මා අමනාප කරන) මාගේ සහෝදරයාට (ඇදහිලිවන්තයාට) කී වතාවක් සමාව දිය යුතුද? සත් වතාවක්ද?”යි ඇසීය. 

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්,'' පේත්‍රැස්, සත් වතාවක් නොව, සැත්තෑවර සත්වරක්! යයි කීසේක.  මතෙව් 18:21-22 

ජීවිතය හා දේවභක්තිය සඳහා අපට අවශ්‍ය සෑම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් දැනටමත් අප තුළ තැන්පත් කර ඇත. 

මක්නිසාද මේ සියල්ල අපට ලැබුණේ උන්වහන්සේව දැන හඳුනා ගැනීමේ පොහොසත් අත්දැකීම් තුළින් හා අපගේ නාමයෙන් අපව කැඳවා, උන්වහන්සේගේ යහපත්කමේ මහිමාන්විත ප්‍රකාශයක් තුළින් උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස අපට ආරාධනා කරමින්ය. 

සඵලවත් වූ සාර්ථක ජීවිතයක් ගත කිරීම සැබවින්ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි. 

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, යෝසෙප්, දාවිත් සහ තවත් බොහෝ දෙනෙකුට තමුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම සාර්ථකත්වයෙන් හා බහුලත්වයෙන් ආශීර්වාද කළ ආකාරය ශුද්ධ ලියවිල්ලෙහි අපට දැකගත හැකිය.