+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(14 වැනි කොටස)

1_E.png

ඔබගේ මුඛයෙන් පිටවන වචන කතා කරන්න. 

ඔබ විශ්වාස කරන දේ වචන වලට හැරවිය යුතුයි.

ඔබ ඉදිරියේ බාධාවල් තිබෙන විට බාධාවල් වලට කතා කරන්න.

යේසුස්වහන්සේ පැවසුවේ කන්ද වටේ නොගොස්, කන්දට කතා කරන්න කියායි.

අපි මාර්ක් පොතේ 11 වන පරිච්ඡේදයට යමු.

මාර්ක් 11:22 වන පදයේ, යේසුස්වහන්සේ පැවසුවේ, "දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න,” නැතහොත්, වෙනත් වචනවලින් කිවහොත්, දෙවියන්වහන්සේගේ ඇදහිල්ල ඇතුව සිටින්න; දෙවියන්වහන්සේගේ ආකාරයේ ඇදහිල්ලක් ඇතිව සිටින්න.

“සැබවක් නුඹලාට කියමි-කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.” 

දැන් යේසුස්වහන්සේ පැවසුවේ, කන්දට කතා කරන්න; කන්ද ගැන කතා නොකරන්න; කන්දට කතා කර පවසන්න, එය ගැළවී මුහුදේ වැටෙන්නැයි කියා, අණ කරන්න.

වරක් දේශකයෙකු මෙම ලියවිල්ල එහි තිබෙන ආකාරයටම කියවනු ලැබූ බව මට ඇසුණි. 

ඔහු පැවසුවේ, හොඳමයි, ඔබගේ ජීවිතයේ කන්දක් තිබෙන්නේ නම්, කන්ද උඩින් යන්න; නැතහොත් කන්ද වටේ යන්න; නැතිනම් කන්ද මැදින් උමගක් සාදා ඒ තුළින් යන්න.

ඔහු පැවසුවේ ලියවිල්ලට විරුද්ධ දෙයයි.

යේසුස්වහන්සේ පැවසුවේ, එයට විරුද්ධව කතා කරන්න, එම කන්දට ගැළවී ඉවත් වෙන්නට අණ කරන්න, මන්ද ඔබේ ඇදහිල්ලට කිසි බාධාවක් තිබෙනවාට උන්වහන්සේ කැමති නැති නිසා ඔබ අතර තිබෙන ඕනෑම දෙයකට කතා කරන්න.

එය අසනීපයක් නම්, ඔබ ඔබගේ අසනීපයට අමතන්න:

"අසනීපය, මම ඔබට යේසුස්වහන්සේගේ නාමයෙන් අමතන්නෙමි.” 

“දැන් යේසුස්වහන්සේගේ නාමයෙන් පිටවී යන්න!"

"වේදනාව, දැන් යේසුස්වහන්සේගේ නාමයෙන් යන්න!"

ඔබේ කන්දට කතා කරන්නේ එසේය.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය

[#863)]

Read 14 times