+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(15 වැනි කොටස)

1_E.png

ඔබේ කන්දට ඔබ කතා කරන්නේ මේ ආකාරයටයි.

"වෙහෙසකාරීත්වය, මම දැන් ඔබට අමතන්නෙමි!"

"වෙහෙසකාරී ආත්මය දැන් යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!"

"භිය, මම ඔබට අණ කරමි; යන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්!"

“අලසකම, යේසුස්වහන්සේගේ නාමයෙන්  යන්න!"

"ඕනෑම ලෙඩරෝග ආත්මයක් යන්න!"

භය ගන්වන ඕනෑම දෙයකට, අණ කරන්න.

ඔබ එයට කතා කළ යුතුයි.

ඔබ එයට යන්නට අණ නොකළහොත්, එය යන්නේ නැත. ඒක ඔබව දාල යන්නේ නැත.

රාත‍්‍රී කාලයේ යක්ෂයා ඔබට නරක සිහින සමඟින් කරදර කරන්නේ නම්, ඔබ පිබිද යක්ෂයාට අණ කරන්න, යේසුස්වහන්සේගේ නාමයෙන්, මට වධ දීම නතර කරන්න. යේසුස්වහන්සේගේ නාමයෙන්, යන්න, මන්ද දෙවියන්වහන්සේ ප්‍රේම කරන අයට හොඳ නින්දක් දෙනසේක. 

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පවුලේ අයට හොඳ නින්දක් ලබා දෙන්නේය.

සතුරාගේ සියලු බලයකට එරෙහිව ඔබට ආධිපත්‍යය ලබා දී තිබෙන අතර, කිසි දෙයකින් ඔබට අන්තරායක් නොවන්නේය.

ඔබ කිසිවිටෙකත් යක්ෂයා ඔබට වඩා ශක්තිමත් කියා සිතුවා නම් ඔබට ලොකු වැරැද්දක් සිදු වී තිබෙන්නේය.

යක්ෂයාගේ බලය කොයිතරම්ද කියා ඔබ දන්නවාද? ඔහු නිකම් පණුවෙක් පමණයි.

ඔහු කිසිම වටිනාකමක් නැති කෙනෙකි. මන්ද යේසුස්වහන්සේ කුරුසියේ දී යක්ෂයාගේ බලය විනාශ කර, ඔබට නැවත නැගිටීමේ බලය දුන්නේය. 

දැන් යේසුස්වහන්සේව මළවුන්ගෙන්  නැවත නැගිට්ටෙව්වාවූ එම ආත්මයම ඔබ තුළ ජීවත් වන්නේය.



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#864)]

Read 15 times