+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(16 වැනි කොටස)

1_E.png

යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැවත නැගිට්ටෙව්වාවූ එම ආත්මයම ඔබ තුළ වාසය කරන්නේය.

ඔබ තුළ ඇදහිල්ලේ ආත්මය තිබේ.

මෙය විශාල ලෙස පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි. අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට යන්නේ එයයි: මන්ද දෙවියන්වහන්සේ සභාව වසර ගණනාවකටම ඔවුන් යෙදී සිටින්නාවූ සමහර දේවල් වලින් පසුතැවිලි වෙන්නට යන බව දකින්නට යන්නේය.

සභාව පසුතැවිලි වන විට, ලෝකයේම විශාල ලෙස පසුතැවිල්ලක් පැමිණෙන්නට යන්නේය.

එය ලෝකයට බලපාන්නට යන අතර බොහෝ අය ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්නට යන්නේය.

විශාල ලෙස මනුෂ්‍යයන් හැරෙන්නට යන්නේය, මන්ද සභාව තුළ විශාල ලෙස නැවත පිහිටුවීම් සිද්ධවෙන්නට යන්නේය — මෙම බිත්ති හතර තුළ තිබෙන සභාවේ පමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළද මුළු ලෝකය තුළ තිබෙන්නාවූ සභාව තුළද සිද්ධවෙන්ට යන්නේය.

අපි සභාව තුළ විශාල ලෙස පසුතැවිලිවීම් දකින්නට යන්නෙමු. මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරී, “ස්වාමිනි අපේ අතින් අතපසුවීම් සිදුවූණා. අපි නිකංම සභාවට පැමිණියා විතරයි” කියා පවසනු ඇත.

“නමුත් දැන් අපි හිතන ආකාරය වෙනස් කරන්නෙමු; අපි හැරෙන්නට යන්නෙමු; අපි විශාල දේවල් සිද්ධ වෙන්නට යන බව විශ්වාස කරන්නෙමු.” 

සභාව නැවත පිහිටුවනු ලැබූ කල, ලෝකයා තුළද විශාල පසුතැවිලිවීම් අපි දකින්නට යන්නෙමු.

ස්වාමීන්වහන්සේ අපව ගළවා ගත් ආකාරයටම, ඔබ කිසිවිටෙකත්  හීනෙකින්වත් ගැළවෙයි කියා නොසිතපු අය ගැළවීම ලබන්නට යන්නේය.  

දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ගේ ගැළවීම තුළින් ඊශ්‍රායෙල්වරුන්ට ඊර්ෂ්‍යාව ගෙනෙන්ට යන බව බයිබලය පවසයි; ඒ ආකාරයෙන්ම උන්වහන්සේ සභාවටත් එම දේම කරන්නට යන්නේය.

උන්වහන්සේ අපටත් ඒ අන්‍යජාතීන් ගැන මහත් ඊර්ෂ්‍යාවක් ඇති කරන්නට යන්නේය—අපි හමුවෙන්ට ගියාවූ, කවදාවත් ගැළවෙයි කියා නොසිතපු  තද-සිත් ඇතුව සිටින්නාවූ මනුෂ්‍යයන්, කිසි විටෙකත් පසුතැවිලි නොවූවන්; ඔවුන් පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.

අප හීනෙන් හිතුවාටත් වඩා මහත් ක්‍රියා ඔවුන් කරන්නට යන්නේය.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#865)]

Read 18 times