+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භය ඇති තැනැත්තා දෙවියන්වහන්සේගේ මිත්‍රයෙකි - යෝෂා මනූ
September 4, 2022 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේගේ හඬ අසමින් අපි කීකරු වෙමු.

යේසුස්වහන්සේ යොහන් 10:27 හි, උන්වහන්සේගේ හඬ අසමින් ගමන් කරන්නට කියා පැහැදිලිව අපට පවසා තිබේ.

යොහන් 10:27 මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.

අපි උන්වහන්සේගේ බැටළුවන් නම්, උන්වහන්සේගේ හඬ අසන්නෙමුව.

යේසුස්වහන්සේ්ගේ හඬ අසා ඔබ කීකරුවන්නේ නම් ඔබ බැටළුවෙන්ය.
එහෙත් ඔබ යේසුස්වහන්සේ්ගේ හඬ අසා කීකරුනොවන්නේ නම් ඔබ එළුවෙකුට සමානවේ

මන්ද එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන දවසක් පැමිණෙන්නට යන්නේය. මතෙව් 25:32

ඒ නිසා අපි උන්වහන්සේගේ බැටළුවන් මෙන් වචනය අසමින් එය ක්‍රියාවට නංවමු.

යේසුස්වහන්සේ ඔබව හදුනනවා යනු: ඔබ උන්වහන්සේව හදුනාගෙන, ඔබ උන්වහන්සේ සමග කාළය ගතකරමින් දිනපතා උන්වහන්සේ අනුව ගමන් කරන්නාවු කෙනෙක්ය.

යේසුස්වහන්සේ පැවසුවා මාර්ගයද සත්‍යයද ජීවනයද උන්වහන්සේ බව. උන්වහන්සේ හැර වෙනත් මාර්ගයක් අපට නැත.

තීරණ ගැනීමේදී සමහරවිට යේසුස්වහන්සේ තද වචන කථාකරන්නේ අපට පේ‍්‍රමකරන නිසාය.

යොහන් 14:6 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

යේසුස්වහන්සේ වෙතට පැමිණීම අප විසින් ගත යුතු තීරණයකි. එය පටු මාර්ගයක්ය.

යේසුස්වහන්සේගේ මාර්ගය තෝරා ගැනීමට අපට ජීවිතයේ අවසාන මොහොත වනතුරු සිටීමට අවශ්‍ය නැත..

අප මේ පොළොවේ ජීවත්වන කාලය තුළ යේසුස්වහන්සේව පිළිගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට අපට පුළුවන. එය ඉතා වැදගත් තීරණයකි.

යෙසායා 1:18-19
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය. නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

අලුත් ගිවිසුමට අනුව යේසුස්වහන්සේ පවසන්නේ මගේ ලේ වලින් මම නුඹව සෝදා පවිත‍්‍ර කරමින් ධර්මිෂ්ඨ කරමි. මම නුඹ සම්පූර්ණයෙන්ම නව මැවිල්ලක් කරමි කියාය.

එනම් දෙවියන්වහන්සේ අප සමඟ අලුත් ගිවිසුමක සාදා, අපගේ පාපයට කමාව දී 1යොහන් 1:7-9 පවසන පරිදි අපව සෝදා පවිත්‍ර කර ඇත.

1යොහන් 1:7-9
7නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය. 8අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. 9අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

කොන්දේසිය: නුඹලා කැමතිව කීකරුවන්නේ නම්,
අපි ස්වාමීන්වහන්සේ පවසන දෙයට කැමැතිව කීකරු වෙමු.

දෙවියන්වහන්සේ ආදම්ට පැවසුවේ, ඔබට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් ඔබ නසින්නේය. උත්පත්ති 2:16-17

මේ දෙදෙනා තමුන්ගේ තීරණය නැතහොත් කැමැත්ත පෙන්නුම් කළේ තහනම් කළ ගසෙන් පළ කෑමෙනි.

දෙවියන්වහන්සේ තහනම් කරේ යහපත සහ නපුර ගසෙන් නොකන්නටය.
නපුර යනු - යක්ෂයාවේ

ඔවුන් එම ගසෙන් කෑමට කැමැත්ත ඵල කරමින් තම තීරණය පෙන්නුම් කරන ලදි.

උත්පත්ති 3:1-6

ඒව ආදම්ව තහනම් ගසෙන් කෑමට පොළඹවන ලදි. එම පෙළඔවීමට ආදම් කැමැත්ත දක්වන ලදි.

පෙළඹවීම ජීවිතයේ භයානක දෙයකි. කවරෙකු හෝ අපව පොළඹවන්නේ නම් අපගේ කැමැත්ත ප‍්‍රකාශ කිරීම ඉතා භයානකය.

ගණන්දීම දෙවියන්වහන්සේ ඇසුවේ ආදම්ගෙනි.

දැන දැන අප වැරදි කරනවානම් අපට දෙවියන්වහන්සේට ගණන් දීමක් කළයුතුවේ.

අපගේ ප්‍රාණය තුළ: අපගේ කැමැත්ත, අපගේ මනස සහ අපගේ හැඟීම් ‍යන්නෙන් කොටස් තුනක් තිබේ.

ඒව හැගීම්බරව පාපයට වැටුණි. නමුත් ආදම් කැමැත්තෙන්ම පාපයට වැටුණි.

ආදම් රැවටුණේ නැත, ඒව රැවටී, වරදට වැටී (මුළාවී) ඒ ගසෙන් පළ කෑවාය.

2 කොරින්ති 11:3;

1 තිමෝති 2:14
තවද ආදම් රැවටුණේ නැත, නුමුත් ස්ත්‍රී රැවටී, වරදට වැටී සිටින්නීය.

නමුත් ආදම් ඒ ගසෙන් කන්නට ගත් තීරණය නිසා මුළු මිනිස් සංහතිය පාපයට ලක් වුණි.

අපි ස්වාමීන්වහන්සේගේ හඬ හඳුනා ගෙන උන්වහන්සේ වෙතට පැමිණෙන්නා සේම, ඉන්පසු දිනපතා අපි උන්වහන්සේගේ හඬ අසමින් කීකරු වෙමු.

කීකරුකමේ ආශිර්වාද බොහෝය.

දේව භය ඉතාම වැදගත්ය.

දේව භය නැතහොත් දෙවියන්වහන්සේට ගරු බියෙන් ජීවත් වීම ආරම්භ වන්නේ අපගේ ගැළවීමෙන් පසුවය.

අප ගැළවීම ලබා ගන්නට පෙර අපට කැමති ආකාරව අපි ජීවත් වුණි. අපි කැමති ලෙස තීරණ ගනු ලැබුවෙමුව.

හෙබ්‍රෙව් 2:3 පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?

අපගේ ගැළවීමෙන් පසු අපි ස්වාමීන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් විය යුතුය. අපගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ අපට ජයග්‍රාහීව නැතහොත් පරාජිතව ජීවත් විය හැකිය.

අපි දේව හඬ අසා කීකරු වුවහොත් ජයග්‍රහණයන්ද නැතහොත් දේව හඬට අකීකරු වුවහොත් පරාජයේ ජීවත් වන්නෙමු.

ඒ නිසා දේව භය යනු උන්වහන්සේට කීකරු වීමයි.

දේව භය ඇති තැනැත්තා දෙවියන්වහන්සේගේ මිත්‍රයෙකුය.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු රාශියක් දෙනු ලැබුවා.

නෝවාගේ ජීවිත කාලයේ අවසාන භාගයේ ආබ‍්‍රහම් කුඩා දරුවෙකුව සිටින ලදි.

බොහෝ විට ආබ‍්‍රහම් නෝවා අසල දැවටෙමින් ඔහුගෙන්ද බොහෝ කරුණු කාරණා අසා දැන ඉගෙන ගන්නට ඇත.

ස්වාමීන්වහන්සේට දේව භය ඇති තැනැත්තා (ගරුබිය දක්වන තැනැත්තා) දෙවියන්වහන්සේගේ පොරොන්දු අනුව ජීවත් වෙයි.

යාකොබ් 2:23
මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය.

බොහෝ වේලාවේදී අපගේ රහස් අපි බෙදා ගනනේ මිත්‍රයන් සමඟයි.

දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන සිටි නිසා ඔහු සමඟ සොදොම සහ ගොමොරා නගරවල් විනාශ කරන්නට පෙර ඒ දේවල් බෙදා ගනු ලැබුණි.

ස්වාමීන්වහන්සේ කරන්ට යනදේ ආබ්‍රහම්ගෙන් සැඟවූයේ නැත.

ආබ්‍රහම්ද දෙවියන්වහන්සේ සමග ඒ නගරවල් දෙක වෙනුවෙන් මැදහත්කමේ යාච්ඤාවේ යෙදී සිටිමින් මිත්‍රයෙකු ලෙස කතා කළේය.

ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ වෙත ළංව කතා කළේය. දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරන සේක්ද කියා 50 දෙනෙකුගෙන් 10 දෙනෙකු වනතෙක් ගණන් අඩු කරමින් ලොත්ගේ පවුල වෙනුවෙන් මැදහත්ව ඒ නගර විනාශ නොවන පිණිස යාච්ඤාව කරන ලදි.

අවසානයේදී ආබ්‍රහම්ගේ යාච්ඤාව නිසා ලොත්ගේ පවුල ඒ නපුරු නගර දෙක විනාශ වන්නට පෙර ගලවා ගනු ලැබු ආකාරය අපට දැකගත හැක. නමුත් මගදී ලොත්ගේ භාර්යාව ලුණු කුළුණක් බවට හැරුණි.

උත්පත්ති 18:16-33 කියවන්න.

උත්පත්ති 22:9
මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පැවසූ ප්‍රකාරයට තමාගේ පුත්‍රයාව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්නට පවා ඔහු කීකරු විය.

නමුත් ඊට කලින් ඔහු කිහිප වතාවක්ම ස්වාමීන්වහන්සේට පූජාසන ගොඩනඟා නමස්කාර කළේය.

උත්පත්ති 12:7-8
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

ආබ්‍රහම් ස්වාමීන්වහන්සේව නමස්කාර කළා. මේ දේ අපි ලොත්ගේ ජීවිතයේ දකින්නේ නැත.

උත්පත්ති 12:8 ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.

ආබ්‍රහම් යාච්ඤා ජීවිතයක් ගත කරන ලදි.

උත්පත්ති 13:4 තමා විසින් මුලදී සෑදූ පූජාසනයද තිබුණාවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ්‍රම් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.

උත්පත්ති 13:18 ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ ජීවිතය තුළ තිබුණු කීකරු කම දුටුවේය.

ආබ්‍රහම් දෙවියන්වහන්සේට ගෞරවය ගෙනෙන ආකාරයට ජීවත් වුණි.


Watch the Sermon Video

Read 326 times