+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යක්ෂ ආත්ම දුරු කරමින් මාංසය යටත් කර ගන්න - මනූ මැතානි
September 11, 2022 Sunday Sermon Notes


ජීවිතයට බොහෝ කුණාටු පැමිණෙන්නේ මාංශික තෘෂ්ණා නිසාය.

යක්ෂයන් දුරුකරන්න පුළුවන. නමුත් මාංශය දුරු කිරීමට නොහැක. මාංශයට උගන්වන්න, අණ කරන්න අවශ්‍යයයි කල යුතු දේ කිරීමට. එනම් ස්වාමීන්වහන්සේට කීකරුවීමට, යටත්වීමට.

දෙවියන්වහන්සේගේ වචනයට අකීකරුව ගමන් කරනවානම් යාච්ඤාව පවා පිළිකුල් බවට පත්වේ.

හිතෝපදේශ 28:9
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

බයිබලය පවසන්නේ යාක්ෂයන් දුරුකිරීමට හැකියි, නමුත් මාංශයට අවශ්‍ය කීකරුවීමයි.

පාවුල් තමා ගැනම එසේ පවසයි.

1 කොරින්ති 9:27
නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

මගේ ජීවිතයට තීරණ ගන්නේ මාංශය විසින් නොවේ.

ව්‍යවස්ථාවටත් මාංශයටත් කරන්න බැරි වූ දේ යේසුස්වහන්සේ පැමිණ අප වෙනුවෙන් ඉෂ්ට කරන ලදි.

රෝම 8:3 මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.

පරණ ගිවිසුම පමණක් අපි කියවනවා නම්, මාංශාකාරව සිටින්ට බර වෙනවා.

අලුත් මැවිල්ලක් ලෙස අපි නව ගිවිසුම වැඩිකොට කියවමු.

හෙබ්‍රෙව් 6:12 ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

මා තුළ සිටින තැනන්වහන්සේය මාගේ මාංශයට වඩා බලවන්තයි.

2 තිමෝති 2:15
සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

සැබෑවේ වචනය හරියාකාරව පහදා ගන්නේ කෙසේද?

අපි ගැළවීම ලැබූදා පටන් දෙවියන්වහන්සේ අපට දෙවියන්වහන්සේගේ වචනයෙන් කතා කරනු ඇත.

එපීස 4:10 සභාවට දෙවියන්වහන්සේ දීමනා 5ක් දී තිබෙනවා. ඒවා දුන්නේ පෝෂණය ලබා ගන්නා පිණිසයි. ඉගෙන ගන්නා පිණිසයි.

වචනය හරියාකාරව පහදා ගන්න.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

අපි යන සෑම තැනම දෙවියන්වහන්සේ අප සමඟයි.

නව ගිවිසුම තුළ උන්වහන්සේ අපගේ ස්වාමීන් ලෙස පිළිගැනීමෙන් අපි යටහත් පහත් වෙමු.

යාකොබ් 4:5
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?

යේසුස්වහන්සේ සභාව කෙරෙහි අතිශයින් ආශාවෙන් සිටී. ඊර්ෂ්‍යාවෙන් සිටින්නේ.

යාකොබ් 4:6 නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

යාකොබ් 4:7 එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.

ඉශ‍්‍රායෙල් පූජකයාගේ පුතුන් කලාවු වැරදි මුළු ඉශ‍්‍රායෙල් සෙනඟටම බලපෑ ආකාරය සාමාවෙල් පෙන්නුම් කරයි.

1 සාමුවෙල් 4 පරිච්ජේදය.

පිලිප්පි 3:1 ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

ආත්මයෙන් ආරම්භ කරන දේ මාංසයෙන් සම්පූර්ණ කරන්නට තැත් නොකරන්න.

ගලාති 4:14 මාගේ මාංසය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නහුය.

ගලාති 4:15‭-‬16 එසේවී නම් නුඹලාට තිබුණු ඒ ප්‍රීතිය කොයිද? මක්නිසාද පුළුවන්නම් නුඹලාගේ ඇස් උගුලා මට දෙන්ට පවා නුඹලා කැමතිව සිටිය බවට නුඹලා ගැන සාක්ෂිදෙමි. එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද?

ඔබගේ ගැළවීම ඉතා උතුම්.

දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අනුව ජීවත් වීම සැහැල්ලු විය යුතුයි.

1 යොහන් 5:18 දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

මගේ ප්‍රාණයත් මගේ මාංශයත් ආරක්ෂා කිරීම මගේ වගකීමයි.

මාංශයෙන් ගමන් කලහොත් නපුරාට අවස්ථාව හිමිවේ ඔබ තුළ ගමන් කිරීමට.

1 යොහන් 5:19 අපි දෙවියන්වහන්සේගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව.

දැන ගන්න සත්‍යය අපි දෙවියන්වහන්සේගේ.

අපි සියල්ලන්ටම තිබුනේ නපුරු හෘද සාක්ෂියක්. ඉන්පසු දෙවියන්වහන්සේ ව්‍යවස්ථාව දුන් නමුත් හෘද සාක්ෂිය නපුරු බැවින් මනුෂ්‍යයා එය පිළි නොගන්නා ලදි. පසුව උන්වහන්සේ යේසස්වහන්සේව මෙළොවට එව් සේක.

මාංසයටත් ව්‍යවස්ථාවටත් කිරීමට නොහැකිවූ දේ ක‍්‍රිස්තුස් යේසුස් වහන්සේ කුරුසියේ කලසේක.

යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේව අපගේ එඬේරා ලෙස ගුරුතුමා ලෙස ස්වාමීන් ලෙස අප තුළින් ක‍්‍රියාකිරීමට අපහට ලබාදුණි.

පාවුල් කීවා සේ අපද අපගේ ශරීරය දමනය කරතත යුතුවේ.


Watch the Sermon Video

Read 298 times