+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආත්මික චරිතය - මනූ මැතානි
September 25, 2022 Sunday Sermon Notes

 

අප වෛර බැදගෙන, සමාව නොදීමේ ආත්මයක් ඔබ තුළ තබාගෙන, තික්තකමේ ජීවත්වන කල, කිසි කලෙක සඵලත්වය ලබා ගත නොහැක.

අපගේ ආත්මික චරිතය ගොඩ නඟා ගැනීමට බයිබල් පද ප්‍රයෝජනවත් වේ. නමුත් සමහර මනුෂ්‍යයන් එය පිළිගැනීමට අකමැතිවේ.

ඔබ කොතරම් ලෞකික සඵලත්වය ලබා ඇති බව පෙන්නුම් කරත්, දෙවියන්වහන්සේගේ සඵලත්වය නොමැතිනම් දුගී දුප්පත් මනුෂ්‍යයෙකුට සමානය.

අපගේ ආත්මික චරිතය ගොඩ නඟා ගැනීමට බයිබල් පද ඔබ ඉවහල් කර නොගන්නේනම් ඔබට ඒ ගැන යම් දවසක දුක්වීමට සිදුවේ

1 තිමෝති 6:5‭-‬6 සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය. ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.

ලාභය භක්තිවන්තකම කියා සිතනවානම්, ඔබගේ ජීවිතයේ විශාලම අඩුව දෙවියන්වහන්සේ අභිමුඛත්වය ඉදිරියේ ඔබ ඈත්ව සිටීමය.

සිතේ වෛරයක් තබාගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරනු ඇතැයි අප සිතනවානම් අප ජීවත්වන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දෙමින්ය.

ස්වාමීන්වහන්සේගේ සැපයීම තුළ ජීවත්වීම මහඟු ආශීර්වාදයකි.
අපගේ උඩඟුකමේ ජීවත්නොවී, ස්වාමිනී ඔබවහන්සේ සමඟ මා ජීවිත ගමන ගෙනයමියි කියා අප පැවසිය යුතුය.

උඩඟුකමේ ආකල්පයෙන් ජීවත්වන්නන්ට ස්වාමීන්වහන්සේ පවසන දේ......

ලෙවී කථාව 26:19-20
මම නුඹලාගේ බලයේ උඩඟුකම බිඳින්නෙමි; නුඹලාගේ අහස යකඩ මෙන්ද නුඹලාගේ භූමිය පිත්තල මෙන්ද කරන්නෙමි.
එසේ නුඹලාගේ ශක්තිය නිකරුණේ වියදම් වන්නේය. මක්නිසාද නුඹලාගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය.

අප ආත්මික චරිතයක් ගොඩ නගා නොමැතිනම් බොහෝ විට අපට ලඟ තිබෙන දේ පමණයි පෙනෙන්නේ, දුර තිබෙන දේ පෙනෙන්නේ නැත. දුර තිබෙන දේට අප අන්ධවයි සිටින්නේ.

හිතෝපදේශ 5:11‭-‬13 අහෝ, මා *ගුරුකමට වෛරවී,* මාගේ සිත අවවාදය සුළුකළ හැටි! මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්, මම සභාව සහ සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමියි කියාත් නොකියන පිණිසද,

අප තරවටු සුළුකර ගුරුකම් එපා කරන කල, යම් දවසක සුසුම්ලෑමට සිදුවේ.

වැදගත්වන්නේ අපගේ ආත්මික චරිතය ගොඩනගා ගැනීමය.

යෙරෙමියා 2:13 මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
ජීවන වතුරෙන් අපට නැවුම් භාවය ලබා දෙනු ඇත. එය ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබේ.

යාකොබ් 3:14-16 නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.
ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.

තික්තකම් වෛර සිතේ තබා ගෙන ජීවත්වීම පාරට්ටුකර ගැනීම දෙවියන්වහන්සේගෙන් එන ප‍්‍රඥාවක් නොවේ. ඒ හද තුල යක්ෂයාට ක්‍රියා කිරීම පහසුය.

අප යමක් කරන විට, භූමිකව, මාංශිකව, යක්ෂාකාරව යන මාර්ග තුන් අකාරයෙන් සිතුවිලි එන්නට පුළුවන. නමුත් ඒවා දෙවියන්වහන්සේගෙන් නොවේ.

අප කල්පනාකාරිව සිටින්නට අවශ්‍යයයි. ඒවා තෝරා වෙන් කරගෙන හඳුනාගැනීමටත්, අපගේ ජීවිත ආරක්ෂාකර ගැනීමටත් වැදගත් වේ.

නිවසක වෛරය තිත්තකම තුළින් අඩ දබර ඇතිවන්නේද, අප ඒවා පැමිණෙන්නේ කොතැනින්ද කියා සොයා බැලිය යුතුයි.

අප ඒවාට ඉඩ දෙන්න ඉඩ දෙන්න මහ විනාශයක් බවට පත්වේ.

අප දේව දරුවන් වශයෙන් අපගේ නිවස්වල රණ්ඩු දබර ඇතිවීමට ඉඩ නොදෙන්න.

1 පේතෘස් 3:7 එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.

භාර්යාවන්ගෙන් අයුතු ප‍්‍රයෝජන නොගෙන ඒ අයට නිසි අයුරින් සලකන්න.

බයිබලයේ මේ හැම දේටම පිළිතුරු තිබෙනවා. ඔබ බයිබලය කියවන්න.

සත්‍යය ඔබව නිදහස් කරයි.

භාර්යාවට මාණික්‍යක් සේ සළකන්න. ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කරන්නා සේ භාර්යාවට ප්‍රේම කරන්න.

එපීස 5:23‭-‬24 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. 24 එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.

ක්‍රියා 20:28 දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.

නායකයන් පත්කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. කුමක් සඳහාද? සභාව පෝෂණය කිරීමට.

පෝෂණය දිය යුත්තේ සත්‍යතාවේ වචනයෙනි.

සත්‍යතාවේ වචනය අසන විට ජීවිත වෙනස්වේ.

යෙරෙමියා 1:5 මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.

ඔබව ස්වාමීන්වහන්සේ තෝරා තිබෙන්නේ යම් කාර්යක් කිරීමටය. එය වෙනස් කිරීමට ලෝකයටවත් මාංසයටවත් යක්ෂයාටවත් ඉඩ නොදෙන්න.

දාවිත් තමා තුළ හොද ආත්මික චරිතයක් ගොඩනගා ගෙන තිබුණි.

ඔබද ඔබගේ ආත්මික චරිතය ගොඩ නගා ගන්න. එය බිඳ හෙලීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ තුළින් යමක් සිදුකිරීමටයි. ඔබ වටිනා පුද්ගලයෙකි.

ඒ වටිනාකම යේසුස්වහන්සේගේ ලෙයින් මිලදී ගෙන තිබේ.

ඒ කැමැත්තෙන් ඔබව ඉවත් කිරීමට කාටවත් ඉඩ නෙදෙන්න.

යක්ෂයා යේසුස්වහන්සේ වෙත පරික්ෂාවන් ගෙන ආ කල්හී උන්වහසේ පැවසුවේ, සියල්ලට වඩා උන්වහන්සේට දෙවියන්වහන්සේගේ වචනය උතුම් කියාය.

යෝබ් 23:12
උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේ කොට තබාගතිමි.

හිතෝපදේශ 23:1 නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,

ඔබගේ අදහස් සිතුවිලි වෙනස් කළ හැකි පුද්ගලයෙකු හා යන විට කල්පනාකාරීව සිටින්න.

දෙවියන්වහන්සේගේ වචනයට පටහැනිවූ දේ කරන්නට ඔබගේ තීරණ කිසිවිටෙකත් වෙනස් නොකරන්න.

ආත්මික චරිතයක් ගොඩ නැගී නොමැතිනම් බොහෝ දේ නැතිවී යයි.

හිතෝපදේශ 29:1 බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.

කෙනෙක් ප‍්‍රිය වචන කථා කල සැනින් විශ්වාස නොකරන්න. හැම හොද දෙයක්ම දෙවියන්වහන්සේගෙන් නොවෙයි.

යක්ෂයාටත් ඔබව රැවට්ටවීමට පුළුවන.

හිතෝපදේශ 26:24‭-‬25 වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි. 25 ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න; මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය.

හිතෝපදේශ 6:16‭-‬19 ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ: උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය, දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය, මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.

සහෝදරයන් අතර භේද ඇති කිරීම ඉතා භයානකය. එය දෙවියන්වහන්සේ පිළිකුල් කරන කාරණයකි.

පිටස්තරින් ප‍්‍රිය උපදවන ලෙස කථා කරන්නාගේ ඇතුලත දෙවියන්වහන්සේ ද්වේෂ කරන කාරණා තිබිය හැක.

පිටස්තරින් හරි කියා සිතන හැම දේටම එකවර යටත් නොවන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ සියල්ල දන්නාසේක.

රජෙකු තෝරා ගැනීමේදී සාමුවෙල් පවා පිටස්තර පෙනුම බලා රැවටුණි.

මනුෂ්‍යයා බලන්නේ පිටස්තරයෙන් නමුත් දෙවියන්වහන්සේ බලන්නේ අභ්‍යන්තරයයි.

දෙවියන්වහන්සේ තෝරාගත් ආකාරයට ඔබත් තෝරාගන්න.

ඔබගේ ආත්මිකව ගොඩනගාගත් චරිතයයි දෙවියන්වහන්සේට වැදගත්.

එයට හේතුව කාලයක් ගිය විට ඔබගේ චරිතයයි ඔබව ඔසවන්නට යන්නේ.

2 පේතෘස් 1:5‭-‬9 එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද, දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.

ඔබ ඵල දරන කෙනෙක් නොවන්නේ නම් ඔබ අන්ධවයි සිටින්නේ.

අන්ධ වී සිටීම යනු මනසින් උඩඟු වී සිටීමයි.

එම නිසා උන්වහන්සේගේ වචනය තුළින් අපගේ ආත්මික චරිතය ගොඩනගා ගනිමු.

ආත්මික චරිතය ගොඩනගා ගත් මනුෂ්‍යයෙකුට භයවීමට අවශ්‍යය නැත. දෙවියන්වහන්සේගේ ආශීර්වාදමත් බව ඒ ජීවිතයේ පසුපස පැමිණෙනු ඇත


Watch the Sermon Video

Read 327 times