+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මහත් විපාක ගෙනදේ- යෝෂා මනූ
October 2, 2022 Sunday Sermon Notes


ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය වන කල දේව වචනය කෙරෙහි ඇති විශ්වාසය, පිපාසය සහ ආශාවද අප වර්ධනය කර ගත යුතුය.

හොඳින් මුල් ඇද ඇති සශ්‍රීක ගසක් මෙන් ඔබ වචනය තුළ ස්ථීර වන්න.

නියම කාලයට ඵල දෙන ගසක් මෙන් වන්න.

දේව වචනය තුළ පවතින්න, එය රෑ දහවල් මෙනෙහි කිරීමට ඔබ තීරණය කරගන්න. එවිට ඔබ ආශීර්වාද ලද්දෙක් වනු ඇත.

ගීතාවලිය 1:2-3
2 ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. 3 ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.

යාච්ඤා කිරීම , දේව වචනය තුළ පැවතීම අපගේ ජීවිතයේ රටාවක් කර ගත යුතුයි.

සඵලත්වය යනු අප ලඟ ඇති මුදල් වස්තු ප‍්‍රමාණය පමණක් නොව, පළමු කොට අප ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් සෙවිය යුතුය. එවිට සියල්ල අප තුළ රදා පවතී.

මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.

ධර්මිෂ්ඨයා ගන්න තීරණ, මාර්ග මේ සියල්ල දෙවියන්වහන්සේ දන්නා සේක.

ගීතාවලිය 1:6
මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.

දේව භය ඇතිව ආරවුල් ඩබර ජය ගත හැකි බව පෙන්වා දෙන බයිබල් පද කිහිපයක්……….

හිතෝපදේශ 10:12
වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

හිතෝපදේශ 10:18
වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.

හිතෝපදේශ 15:17
වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.

හිතෝපදේශ 26:26
ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.

ලෙවී කථාව 19:17
නුඹේ සිතින් සහෝදරයාට වෛර නොවෙන්න. නුඹේ අසල්වාසියාගේ හේතුවෙන් නුඹ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න.

හිතෝපදේශ 22:4
යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.

දෙවියන්වහන්සේට ගෞරව ගෙන දෙන ජීවිතයක් ගත කරන්නාට විපාක ඇත.

හෙබ්‍රෙව් 11:6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

යටහත් පහත්කම යනු දේව වචනයට කීකරුවීමයි.

යේසුස්වහන්සේද යටහත් පහත්ව පියාණන්වහන්සේගේ හඬ අසමින් පියාණන්වහන්සේට කීකරුවිය.

යටහත් පහත්කම මාංසාකාරයෙන් පෙනීමෙන් නොව ඔබගේ හදවතෙහි තිබිය යුතුය.

යටහත් පහත්කම තුළින් ඔබට ආධිපත්‍යය ක්‍රියාත්මක කළ හැකිය. යක්ෂයාට තරවටු කළ හැකිය.

යාකොබ් 4: 1-12 කියවන්න.

යටහත් පහත්කම තුළින් අපට දෙවියන්වහන්සේගේ විපාක වන වස්තුවත්, ගෞරවයත්, ජීවිතයත් ලැබේ.

යෝෂුවා 24:14
එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවය කළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.

සියලු දවස්වල දී ස්වාමීන්ට භය වෙන්ට ගරුබිය දක්වන්නට අපි ඉගෙන ගත යුතුයි.

අවංකකම සැබෑකම ඔබගේ ජීවිතයේ අත්තිවාරමක් කරගත යුතුයි.

සේවය කිරීම යනු දෙවියන්වහන්සේට නමස්කාර කිරීමයි. එය අප සියලු දෙනා සතු වගකීමකි.

අපි ගිය සතියේ හිතෝපදේශ 10:12 හි බලනු ලැබුවේ දේව භය නැතිකමෙන් වෛරය, ක්‍රෝධය, ඩබර හා ආරාවුල් උපදවන බවයි.

හිතෝපදේශ 10:12 - වෛරය (ක්‍රෝධය) සහ ඩබර ආරාවුල් උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නිසා අපි ඩබර ආරවුල් ජය ගනිමු. වෛර නොකරමු.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

දෙවියන්වහන්සේට භය වීම යනු උන්වහන්සේගේ වචනයට ප්‍රේම කිරීමයි. උන්වහන්සේගේ වචනයට ප්‍රේම කරනවානම් එය දිනපතා කියවිය යුතුය.

ස්වාමීන්වහන්සේගේ වචනයට ප්‍රේම කරන්නන් තුළ පුදුමාකාරවූ දිව්‍යමය වූ මහත් සමාදානයක් සහ හොඳ සුවයත්, දියුණුවත්, සඵලත්වයත් පවතින අතර ඔවුන් කිසි විටෙකත් (කවදාවත්) අමනාප වන්නේ නැත. (නොවන්නෝය.)

ඒ අය තමුන්ගේ ඇදහිල්ලේ ගමනට බාධා වන්නට, අවහිරයක් වෙන්නට ඉඩ දෙන්නේ නැත.

මන්ද වචනය ඔබගේ අත්තිවාරමයි.

පිලිප්පි 4:7
එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

අපගේ සිත අපගේ මනස අප ආරක්ෂා කර ගත යුතුය.

1 යොහන් 3:13‭-‬14
සහෝදරයෙනි, ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් මවිත නොවෙන්න. අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.

ඔබ තුළ දේව භය පවතින බැවින් ඔබ ලෝකේ මනුෂ්‍යයන්ට බය විය යුතු නැත. ඒ අයට වෛර නොකරන්න. සමාදානය ඔබ තුළ රඳාපවත්වා ගන්න.

ක්‍රියා 9:31
මෙසේ මුළු යුදයෙහිද, ගලීලයෙහිද, සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.

සභාව තුළ දේව භය තිබීමෙන් සභාව වර්ධනය වනු ඇත.

මුල් සභාවේ අයද දේව භයින් යුතුව විසිර ගොස් සැම තැන ස්වාමීන්වහන්සේ ගැන සාක්ෂි දැරීමෙන් සභාව තුළ මහත් වර්ධනයක් විය.

ඔබගේ වගකීමද ඔබට හමුවන අයට ස්වාමීන්වහන්සේ ගැන සාක්ෂි දැරීමය. එය අපගේ ජීවිතයේ වැදගත්ම දෙයයි.

මුල් සභාව මෙන් අදද සභාව දියුණුවන ලෙසත්, සමාදානය දේව භය තිබෙන ලෙසත්, ශුද්ධාත්මයාණනවහන්සේගේ පිහිටවීමෙන් සභාව වර්ධනය වන ලෙසටත්, ඔබ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න.


Watch the Sermon Video

Read 343 times