+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බයිබලය තේරුම් ගැනීම ආශීර්වාදයකි- මනූ මැතානි
October 9, 2022 Sunday Sermon Notes

බයිබලයේ වචන තේරුම් ගැනීම අපට මහත් ආශීර්වාදයකි. එතුළින් උන්වහන්සේගේ වචනය මගින් අපට ලැබෙන මහත් ප්‍රීතිය, ශක්තිය හා උපකාරය වටහා ගත හැක.

අප යේසුස්වහන්සේව අනුගමනය කිරීමට තීරණය ගත්තා සේම උන්වහන්සේගේ වචනයට එකඟ වීමට, මෙනෙහි කිරීමට, විශ්වාස කිරීමටද තීරණය කර ගත යුතුයි.

දේව වචනයට මුල් ස්ථානය දෙන්න.

දේව වචනය අපට දෙන බීජ වේ. මෙම බීජ අප හදවතේ වැපුරූ විට ඒවා ඵල දැරීමට කාලයක් ගතවනු ඇත.

වචනයේ බීජ හදවත නැමති පසට දැමූ විට කාලයක් ගිය පසු අප එහි ඵල භුක්තිවිදිනු ඇත.

වැපුරූ කෙනා ඔබනම්, අස්වැන්න භුක්තිවිදින්නේද ඔබමය.

මා උන්වහන්සේ වෙතට පැමිණි විට මට පිටුපසින් තිබුණු පාලම් මා කඩා බිඳ දැමුවෙමි.

අප තනි වුණත් අපි තීරණය කළා ස්වාමීන්වහන්සේ අනුව යන්නට.

අපේ ගමන උතුම්ය, සමහරවිට අපේ ගමනට යම් අය බාධා උපදවන්ට පුලුවන, එවිට එම පුද්ගලයින්ව අපට ඉවත් කිරීමට සිදුවනු ඇත.

බාධා මධ්‍යයේ ජීවත් වුණත් අප ජයග්‍රාහික සෙනඟයි.

අප සමඟ විවිධාකර පුද්ගලයින් සිටිය හැක. නමුත් ඒ සියල්ලන්ම සතුටු කරමින් ඒ අය හා අත්වැල් බැඳගෙන අපට මෙම ගමන යා නොහැක.

අපි තුළ යහපත් හෘදය සාක්ෂියක් ගොඩ නඟමු, යහපත් හෘදය සාක්ෂියක් වර්ධනය කරගනිමු.

ඔබේ නිවසේ අයට අපහාස නොකරන්න. එසේ කිරීමෙන් ඔබ යක්ෂයාට ඔබේ නිවසට ඇතුල් වීමට දොරටු විවර කරනු ඇත.

හිතෝපදේශ 11:29
තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.

සුළං උරුමවනවා යනු යක්ෂ ආත්මවලට ඇතුල් වෙන්නට ඉඩ හැරීමය.

සියල්ලට වඩා අපගේ සිත අපි ආරක්ෂා කරගනිමු.

දේශකයන් මනුෂ්‍යයන්ගේ ජීවත පාලනය කරන්නේ නැත.

2 කොරින්ති 1:24
එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.

අප දේශනා කරන්නේ ඔබගේ ජීවිතයට ආශීර්වාදයක් වන පිණිසයි.

ඔබගේ ජීවිතයට එය යහපතක් විය යුතුයි. සාක්ෂියක් විය යුතුයි.

තව කෙනෙකුගේ ජීවිතයට යහපතක් සිදු වෙනවා ඇසීම අපට සදාකාල ප්‍රීතියකි.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන පොරොන්දු වචන අප කථාකරන්නට අවශ්‍යයයි.

දෙවියන්වහන්සේගේ වචන බලවන්තයි, ජීවමානයි කොයිම දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුයි. හෙබ්‍රෙව් 4:12

නිවෙස් තුළ තිබිය යුත්තේ පාලන ක්‍රමයක් නොවේ. නමුත් ප්‍රේමයෙන් එකිනෙකාට සමඟ ක්‍රියා කිරීමයි.

එපීස 4:15 ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.

අපි එකිනෙකා සමඟ ඇත්ත කථා කිරීමෙන් අපගේ ජීවිතය වර්ධනය කර ගනිමු.

එපීස 4:22-24
22 [එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රුවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා, 23 නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ, 24 සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

අලුත් මනුෂ්‍යයා පැළඳ ගත් විට අපගේ සිත අලුත්කර ගත යුතුය.

අපගේ මනස අලුත් කිරීමෙන් අපි ගමන් කරමු.

ඔබගේ නියම මනුෂ්‍යයාව පැළඳ ගන්න.

අපව මවනු ලැබුවේ සැබෑ ධර්මිෂ්ඨකමින් හා ශුද්ධකමින්ය.

යේසුස්වහන්සේ පැමිණියේ අපට නව ජීවිතයක් දෙන්නටයි.

අපි සැබෑ ධර්මිෂ්ඨකමෙන් ජීවත් වෙමු.

අපගේ සිතින් අපි අදහා ගත යුතුයි.

අපගේ අභ්‍යන්තරය වෙනස් විය යුතුයි. පරණ ස්වභාවය පහවී නව මනුෂ්‍යයා තුළ අපි අවංකව ජීවත් වෙමු.

යේසුස්වහන්සේ කුරුසපත් වීමෙන් කළාවූ උතුම් ක්‍රියාව අපි පිළිගනිමු.

එපීස 4:25
එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.

අපගේ ජීවිතය ගැන අපට වගකීමක් තිබේ.

එපීස 4:26‭-‬27
කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. 27 යක්ෂයාට ඉඩ නොදෙන්න.

යක්ෂයාට ඉඩ නොදී ජීවත්වීම අපට මහත් ආශීර්වාදයකි.

අපගේ ශරීරය දේව මාළිගාවයි. අපගේ අවයවයන් උන්වහන්සේට භාර කරමු.

2 කොරින්ති 4:1
ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.

බයිබලයේ ශුද්ධාත්මයාණන්වහන්සේ අපට යම් යම් කාරණා එළිදරව් කරන කල, අපි ඒවාට ක්ලාන්ත නොවී යහපත් ජීවිත ගත කරන්නට කැප වෙමු.

2 කොරින් 3:9
මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ.

නව ගිවිසුම තුළ ධර්මිෂ්ඨකමෙන් ජීවත් වෙමු.

දරුවන් ඔබගේ දෙමාපියන්ට කීකරුවන්න.

එපීස 6:1‭-‬3
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩ සිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරව කරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.

දෙවියන්වහන්සේ නියම කර ඇති ප‍්‍රකාරයට ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තමාගේ ස්වාමි පුරුෂයන්ට යටත්වෙන්න.

එපීස 5:24‭-‬25
එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා. පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.

දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේ: පළමුකොට දෙවියන්වහන්සේ; දෙවනුව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පසුව ස්වාමි පුරුෂයා, ඊටත් පසුව භාර්යාව.

1 කොරින්ති 11:3
නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.

යක්ෂයාට අප ඉඩ දෙන්නේ මේ ක්‍රමවේද වලට යටත් නොවී සිටීමෙන්ය.

නිවස් පිළිවෙලකට සකසා ගැනීමෙන් අපි යක්ෂයාට ඉඩ දෙන්නේ නැත.

පුරුෂයා ක්‍රිස්තුස් යේසුස්වහන්සේට එනම්, ආලේපලත් තැනැන්වහන්සේට යටත්විය යුතුය. එවිට ඔබට ආධිපත්‍යයෙන් ක්‍රියා කරන්නට හැකිවන්නේය.

සියයකට මුලාදෑනියා ආධිපත්‍යය ගැන දැන සිටියා.

මේ ආධිපත්‍යය නිවස්වල අද දින ක්‍රියා කරන්නේ නැත්තේ දෙමාපියන් දෙවියන්වහන්සේට අකීකරු වී තිබෙන නිසයි.

සමහර නිවස්වල පාලනය ගෙනයන්නේ දූ දරුවන් විසින්ය.

පුරුෂයන් භාර්යාවන් දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන්න.

අද දින කිතුනු පවුල්වල ප්‍රශ්න තිබෙන්නේ යක්ෂයාට ඉඩ දී තිබෙන නිසයි.

දරුවන් දීර්ඝ කාලයක් සුවසේ ජීවත්වීමට කැමතිනම් දෙමාපියන්ට යටත්වන්න. එය දෙවියන්වහන්සේගේ පොරොන්දුවකි.
කිතුනු පවුල්වල බොහෝ ප‍්‍රශ්න තිබෙන්නේ යක්ෂයාට ඉඩ දෙන නිසාය.

සිතින් ක්ලාන්ත නොවන්න.

2 කොරින්ති 4:1‭-‬2
ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව. ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශ කිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.

අපි මේ දේවල් කළ යුත්තේ වංචාවට, රහසින් සහ වාසියට නොවේ.

දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට ඔබ හරියාකාරව තේරුම් ගෙන පසුව හරි දේ අන්‍යයන්ට කියා දෙන්න.

දෙවියන්වහන්සේ ඉදිරියෙහි අමිශ්‍රව අවංක සෙනඟක් වෙමු.

අප තුළින් බොහෝ අයගේ ජීවිත වලට ආශීර්වාදක් විය යුතුයි.

භක්තිවන්තව ජීවත් වෙමු. ශුද්ධකමෙන් ජීවත් වෙමු.

හාස්කම් පසුපස නොයන්න.

දෙවියන්වහන්සේව ශක්තිය කරගන්න.

දාවිත් දෙවියන්වහන්සේගේ ශක්තිය පසෙකලා සෙනඟ ගණන් කර තම ශක්තිය මනින්නට උත්සහා කරනලදි.

2 සාමුවෙල් 24:1
නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. (සාතන් විසින්): ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.

මෙහිදී දාවිත්ව පොළඹවන ලද්දේ සාතන් විසිනි.

දාවිත් ආත්මිකව නොව, මාංසිකව ක‍්‍රියා කරන ලදි.

1 ලේකම් 21:1
සාතන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගිට ඔවුන් ගණන්කරන්ට දාවිත් පෙළඹවුවේය.

1 ලේකම් 21:2
දාවිත් යෝවාබ්ටත් සෙනඟගේ අධිපතීන්ටත් කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා ගොස් බෙයෙර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන්කර ඔවුන්ගේ ගණන මා ළඟට ගෙනෙන්නැයි කීවේය.

අපගේ ශක්තිය ශුද්ධාත්මයාණන්වහන්සේය.

1 තිමෝති 4:6-7
නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචනවලින් නුඹ පෝෂ්‍යවී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය. නුමුත් අපහාසිකවූ මැහැලියන්ගේ ප්‍රබන්ධ එපාකොට, භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වන්න.

වචනය ඇසූවිට එය ක‍්‍රියාවට දමන්න, එය ප‍්‍රකාශකරන්න, තවත් කෙනෙකු සමඟ බෙදාගන්න. එය ආත්මික ව්‍යායාමයයි.

1 තිමෝති 4:8 මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.

ඔබගේ ශරීරයට වඩා ආත්මික මනුෂ්‍යයා වර්ධනය විය යුතුයි. අපගේ මනස වෙනස් විය යුතුය.

ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටික වේලාවකටය. ශාරීරික ශක්තිය සීමාවකි.

භක්තිවන්තකම හැම දේටම ප්‍රයෝජනවත්ය.

භක්තිවන්තව ජීවත්වන කල ඔබට බොහෝ විපාක ලැබෙනු ඇත.


Watch the Sermon Video

Read 337 times