+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව ප්‍රඥාවෙන් ජීවත් වන්න- මනූ මැතානි
October 16, 2022 Sunday Sermon Notes

දේව භය අපගේ ජීවිත වලට ඉතා වැදගත්ය.

කිතුනුවෙකු තුළ දේව භය නොමැතිනම් ඔහු ලෞකික මනුෂ්‍යයෙකු හා සමානය.

තේරුම් ගැනීමක් නොමැතිව, නුවණ නොමැතිව ජීවත්වනවා යනු නුපුහුණු අශ්වයෙකු පැදීමට උත්සහ කරන්නා සේය.

අපගේ ශරීරය දමනය කරන්නේ දිවය.

එය කටකලියාවක් හා සමානය.

යාකොබ් 3:8
නුමුත් දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය.

යාකොබ් 3:2-3
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

සතුරා නිතරම සහෝදරයන් අතර භේද ඇති කරයි.

අපගේ සිතුවිලි අපි ආරක්ෂා කරගනිමු. ඒවා බලකොටු බවට පත් වෙන්නට ඉඩ නොදෙන්න.

එය ඔබේ චරිතයට විශාල බලපෑමක් වන්නේය.

යේසුස්වහන්සේ පිළිගැනීමෙන් අපගේ ජීවිතයට පුදුම ප්‍රේමයක් නිවාඩුවක් විශ‍්‍රාමයක් වෙනසක් ඇති වුණි.

යක්ෂයා බලහත්කාරයෙන් අපට වියගහක් දමා තිබූ නමුත් යේසුස්වහන්සේ ඒ බලහත්කාරයෙන් අපව නිදහස් කළේය.

මේ අලුත් ජීවනයට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම් අපි ස්වාමීන්වහන්සේගෙන් ලබා ගනිමු.

කිතුනු භක්තිකයන්ට ස්වාමීන්වහන්සේගේ ආවරණයක් ඇත.
ස්වාමීන්වහන්සේ පැවසුවේ "මම ඔබගේ පලිහ හා මහත් වූ විපාකයත් වී සිටිමි."

ස්වාමීන්වහන්සේගේ කරුණාව, දයාව අනුග‍්‍රහය සෑම දවසකම අලුත්ව තිබේ.

දෙවියන්වහන්සේ කිසිදා අපගේ සිත දෝෂාරෝපණයයට ලක් කරන්නෙ නැත.

දෙවියන්වහන්සේ ආරම්භයේ සිට ප‍්‍රඥාවයි.

දෙවියන්වහන්සේට ආරම්භයක් අවසානයක් නැත.

මතෙව් 11:28
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

යේසුස්වහන්සේ පවසන්නේ ඔබ මා වෙතට එන්න. මන්ද මම සත්‍යයයි අනුග්‍රහයයි. ඔබ යා යුතු මාර්ගය ඔබට උගන්වන්නම්.

දේව බලයට ඔබේ ජීවිතය වෙනස් කරන්නට හැකියාව පුලුවන්කම තිබෙනවා.

අප ගැළවීම ලැබුවාට පසු, යා යුතු මාර්ගය දෙවියන්වහන්සේ උගන්වනු ඇත.

අපගේ මනුෂ්‍ය දැනුමෙන් අපහට දෙවියන්වහන්සේගේ දේවල් වටහා ගත නොහැක.

මනුෂ්‍යය ප‍්‍රඥාව කෙරෙහී විශ්වාස නොකරන්න.
දෙවියන්වහන්සේගේ බලය කෙරෙහී විශ්වාස කරන්න.

දෙවියන්වහන්සේ පිළිගැනීමෙන් අප මරණ භයින් නිදහස ලබා ගන්නවා.

යේසුස්වහන්සේව පිළිගැනීමෙන් සදාකාල ජීවනය හිමිවේ. සදාකාල ජීවනය තුළ මරණය නොමැත.

ඔබට ආලෝකය ලැබෙනවා, ආලෝකය තුළ අන්ධකාරයක් නොමැත. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රේමය ලැබෙනවා. ප්‍රේමය තුළ වෛරයක් නොමැත. යහපත ලැබෙනවා. යහපත තුළ කිසි අයහපතක් නැත.

උන්වහන්සේ තුළ සියල්ලම අංග සම්පූර්ණය.

මේ මහත් ගැළවීම කිසිදා සුළු නොකරන්න.

අපි දේව කැමැත්ත කරමින් ස්වාමීන්වහන්සේගේ සාක්ෂිකාරයන් වෙමු.

ශුද්ධාමයාණන්වහන්සේ නිරයට ගොසින් අප වෙනුවෙන් මිලය ගෙවා නිම කළසේක.

රෝම 8:11
11 තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

යේසුස්වහන්සේගේ සිදුවීම් අප ඇස් වලින් නොදුටුවත් ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරන බැවින් අපට සියල්ල ගැන සාක්ෂි දරන්නට පුළුවන.

එය අපගේ විශ්වාසයයි.

1 පේත්‍රැස් 1:8 නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

අපි දෙවියන්වහන්සේට තිබෙන ප්‍රේමය නිසයි එකිනෙකා සමඟ සහභාගිකම් පවත්වන්නට සභාවට පැමිණෙන්නේ.

යොහන් 14:21 යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

අප දෙවියන්වහන්සේට ප්‍රේම කරනවානම් උන්වහන්සේගේ වචනය අපගේ හදවතේ රක්ෂා කර ගත යුතුය.

ගීතාවලිය 119:11 ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයේ සනාථ කරන්සේක.

මාර්ක් 16:20
ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.

1 පේත්‍රැස් 1:8 නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

සැබෑ ප්‍රේමය මෙයයි. උන්වහන්සේව නොදැක ප්‍රේම කිරීමයි.

අපගේ ඇස් අපව රවටන්නේය.

අප ගැළවීම ලැබූ පසු ස්වාමීන්වහන්සේ අපගේ ආත්මික දෙනෙත් විවර කර ඇත. ඒ නිසා ආත්මිකව දේවල් තේරුම් ගනිමු.

1 පේත්‍රැස් 1:8-9 නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.

මුලු දවස පුරා අපට උන්වහන්සේ තුළ අපට ප්‍රීති විය හැකියි.

දෙවියන්වහන්සේගේ වචනය සනාථ කරන පිණිස ශුද්ධාමයාණන්වහන්සේ බලා සිටීයි.

1 යොහන් 2:15 ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

ඔබගේ ගැළවීම සදාකාලිකයි. එය සදහට දී තිබෙන දීමනායි.

1 යොහන් 2:16 මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

දෙවියන්වහන්සේ වෙතට ළඟා වීමට හැකි වන්නේ යේසුස්වහන්සේගේ ගැළවීම තුළින් පමණි.

ඔබ යේසුස්වහන්සේව පිළිගත් පසු දෙවියන්වහන්සේ ඔබව ඔසවා ස්වර්ගීක ස්ථානවල උන්වහන්සේගේ පුත‍්‍රවු යේසුස්වහන්සේ සමඟ හිඳුවනසේක.

එපීස 2:6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

1 යොහන් 2:17 ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නේ දේව දරුවන්.

සෑම උදෑසන උන්වහන්සේ අපට කතා කරයි, උපකාර කරයි.

ස්වාමීන්වහන්සේ සෑම කෙනෙකුටම හුස්ම දී තිබේ.

අපගේ දෙවියන්වහන්සේ බලවන්තයි.

අපි රසබලා දැන ගනිමු ස්වාමීන්වහන්සේ කොතරම් යහපත් ද කියා.

ගීතාවලිය 34:8 ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.

ක්‍රියා 17:25 උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.

සියල්ල මවා තිබෙන්නේ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේ අපට ජීවිතයද හුස්මද දෙන දෙවියන්වහන්සේය.

ඔබ නොදකින දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට තෝරා ගන්න.

යෙසායා 66:1
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?

දෙවියන්වහන්සේ අපගේ හුස්ම හා සමානව ආත්මයෙන් අප තුළ වාසය කරනු ඇත.

ක්‍රියා 17:26 උන්වහන්සේ පිළියෙළ කළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.

ක්‍රියා 17:27 මෙසේ කළේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන්වහන්සේව සම්බවන ලෙස ඔවුන් තමන්වහන්සේව සොයන පිණිසය; එහෙත් උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක.

ක්‍රියා 17:28‭-‬30
මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි නුඹලාගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය. ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට සැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ වෙනස් වන්න. මා කෙරෙහි විශ්වාස කරන්න.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාව මැවුවේ උන්වහන්සේගේ ස්වරූපයටත් සමානත්වයටත්ය.

ස්වාමීන්වහන්සේ අපට ශුද්ධාත්මයෙන් ජීවනය දෙනු ලබනවා.

උන්වහන්සේගේ කැමැත්ත අප තුළට පැමිණ අපගේ ශරීරය උන්වහන්සේගේ මාළිගාව කරන්නටයි.

ස්වාමීන්වහන්සේ අපගේ ගල් සිත ඉවත් කරමින් අපට මාංශමය හදවතක් දෙනසේක.

යමෙක් වෙනස් වූ විට ස්වාමීන්වහන්සේ ඔහුට අළුත් හදවතක්, අළුත් ආත්මයත් දීමට පුළුවන.

ක්‍රියා 17:31 මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.

ක්‍රියා 14:17 එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.

ස්වාමීන්වහන්සේ අපගේ නමස්කාරය ලබන්නට කැමති වන්නේ බලහත්කාරයෙන් නොවේ, ස්වකැමැත්තෙන්ය.

මතෙව් 11:28-29
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

අපි ස්වාමීන්වහන්සේට යටහත් වෙමු. උන්වහන්සේගෙන් අපි ඉගෙන ගනිමු.

අපි දේව වචනය අසමු. එයින් අපට සහනය ලැබේ.

අපි උන්වහන්සේගේ ප්‍රඥාවෙන් ජීවත් වූවොත් කිසිදා අපට වරදින්නේ නැත.

ස්වාමීන්වහන්සේ අපට සදාකාල ජීවනය දෙනසේක.

ස්වාමීන්වහන්සේ අපට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නට උගන්වන සේක.

අපගේ නියම මනුෂ්‍යයා ඇතුලාන්තයේ ස්වභාවයයි.

ද්විතීය කතාව 30:15, 19
15 මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.
19 මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, ජීවනය තෝරා ගන්න. යහපත තෝරාගන්න.

ජීවන වෘක්ෂය ඔබයි.

දෙවියන්වහන්සේ පැවසුවේ යහපත් සහ නපුර දැනගැන්මේ ගසෙන් ඔබ ඵල අනුභව නොකරන්න.

හිතෝපදේශ 15:4
ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.

ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨ ගසක් ලෙස ඔබ තබා තිබෙන්නේ ඔබගේ තොල් වලින් ඔබ කථා කරන කල මනුෂ්‍යයන්ට එය සුභාරංචියක් ලෙස පෙනෙන්නටය.

යෙසායා 61:3
අපි හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය.

ඔබ ගැළවීම ලබා ගත් කල ඔබ දෙවියන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් බවට පත්වේ. එවිට සිතේ පූර්ණකමින් ඔබ කථාකරනු ඇත.

මනුෂ්‍යයා ලැජ්ජාවට පත් වන්නේ භය නිසයි.

මතෙව් 11:30 මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

ස්වාමීන්වහන්සේගේ ආලේපය යක්ෂයාගේ වියගස් විනාශ කරනසේක.

ද්විතීය කතාව 28:47-48
47 සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා, 48 ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව එවන්නාවූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් නුඹ විනාශකර දමන තුරු යකඩ වියගහක් නුඹේ කරේ තබනවා ඇත.

2 කොරින්ති 10:3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

අපගේ මනස අපගේ යුද්ධ භූමියයි.

අපගේ යුද්ධය මාංශාකාර යුද්ධයක් නොවේ.

අපගේ මනස අපි හරියාකාරව හසුරුවා ගනිමු.

2 කොරින්ති 10:4 (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

අපගේ මනසේ බලකොටු තිබෙන තුරු අපට නිදහස් වෙන්නට නොහැකියි.

2 කොරින්ති 10:5 අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

අපගේ සිතුවිලි අපි පාලනය කරමු. ඒ වැරදි සිතුවිලි වෙනස් කරගනිමු.

දෙවියන්වහන්සේගේ දැනගැන්මට විරුද්ධව තිබෙන සෑම සිතුවිල්ලක් බිඳ දමා ඔබ ඔබව නිදහස් කර ගත යුතුයි.

යාකොබ් 3:2 මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

අපි නුවණ නැති අශ්වයෙක් මෙන් ජීවත් වෙන්නට අවශ්‍ය නැත.

සම්පූර්ණ මනුෂ්‍යයෙකු ලෙස ඔබ ජීවත්වීමට කැමතිනම්, ඔබගේ ශරීරය දමනය කිරීමට කැමැතිනම් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් ඔබට එය කල හැකියි.

ඔබ කටකලියාවක්සේ ස්වාමීන්වහන්සේගේ වචනය ඔබේ දිවට දමා ගත් කල ඔබට ඔබගේ ශරීරය දමනය කරගත හැක.

යාකොබ් 3:3 අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව.

අප කතා කරන වචන වලින් අපගේ මුලු ශරීරය අපට පාලනය කරගත හැකියි.

ඔබගේ ශරීරය දුර්වල භාවයක් ගෙනේ නම් ඔබ බයිබලයේ වචන වලින් ශරීරයට කථාකරන්න.

යෝවෙල් 3:10
නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

ඔබගේ ජීවිතයට අදාල වන්නේ ඔබ පවසන දෙයයි.

යෙහෝෂාපාට් රජ අභක්තික රජෙක්වූ අහබ් සමඟ එක්ව යුද්ධයට යාමට කැමැත්ත ප‍්‍රකාශ කර අවසානයෙදී අසීරු තත්වයට පත්ව, පසුව ස්වාමීන්වහන්සේගේ පිහිට පැතීය.

2 ලේකම් 18-19 පරිච්ඡේද කියවන්න.

අභක්තිවන්ත කෙනෙක් හා භක්තිවන්ත කෙනෙක් හට කිසිදා එක්ව කටයුතු කිරීමට නොහැක.


Watch the Sermon Video

Read 321 times