+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ අපගේ ආගිය තැන් දන්නා සේක - මනූ මැතානි
October 23, 2022 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේගේ අණ පනත් රක්ෂා කිරීම සඳහන් බයිබල් පද ඔබ මෙනෙහි කිරීම අවශ්‍යයයි.

ඒවා පරණ ගිවිසුම යයි කියා ඉවතදැමීම සුදුසු නැත.

පරණ ගිවිසුමෙත්, අලුත් ගිවිසුමෙත් ඇත්තේ එකම දෙවියන්වහන්සේය.

පරණ ගිවිසුමේ සමහර දේ අලුත් ගිවිසුම තුළින් යේසුස්වහන්සේ සම්පූර්ණ කළසේක.

නමුත් උන්වහන්සේගේ අණ පනත් එසේමය. පරණ ගිවිසුමෙහි විස්තරාත්මකව ඇති දේ අලුත් ගිවිසුමෙහි සාරංශ ගත කොට සදහන්ව ඇත.

දේව භය, දේව දරුවන්ගේ ජීවිතයෙහි තිබිය යුතු හොඳ චරිත ගුණාංගයකි.

දේව භය යනු දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දී කීකරුවී ඒ අනුව ගමන් කිරීමය.

දේව භය සෑම කිතුනුවෙකු තුළම තිබිය යුතුය. ඒ තුළින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ගමන් කළ යුතුය.

හිතෝපදේශ 8:13
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.

දේව භය යනු උඩඟුකම සම්පූර්ණයෙන්ම එපා කිරීමය.

දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිටින අතර යටහතුන්ට අනුග‍්‍රහය වැඩිකරන සේක.

සමහර පුද්ගලයන්ව අපගේ ජීවිතයෙන් දෙවියන්වහන්සේම වෙන් කරයි. ඒ අය කිතුනුවන් පවා විය හැකියි. එය ඔබගේ යහපත සඳහාමයි.

ඔබගේ ජීවිතයට බොහොසේ වැරදි බලපෑම් ඇතිවෙනවා නම් ඒ අයගෙන් ඔබ වෙන් වෙන්න.

දෙවියන්වහන්සේ යම් අයව ඔබගෙන් වෙන් කළා නම් ඒ දේ ඔබගේ වර්ධනය සඳහාමයි.

1 කොරින්ති 5:6 නුඹලාගේ පාරට්ටුකරගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙන බව නොදනිවුද?

විශාල බලපෑම්, ප්‍රශ්න ඇතිවන්නේ කුඩා දේවල් වලිනි.

1 කොරින්ති 5:7
මුහුන් නැත්තාවූ නුඹලා අලුත් පිඩක් වන පිණිස, පරණ මුහුන් පහකරන්න. කුමක්හෙයින්ද, අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාග කරනලද්දේය.

ඔබගේ පරණ ජීවිතයේ කිසිවක් නව ජීවිතයට නොගෙනෙන්න.

මේ ශරීරය උන්වහන්සේගේ මාළිගාවයි.

ක‍්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ වාසය කරමින් සිටින අතර ඔබ දැන් මේ පොළොවේ සිටින්නේ උන්වහන්සේ සිටින ආකාරයෙන්මය.

1 යොහන් 4:17 අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම්, ඒ තැනන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි සිටින බැවින්, විනිශ්චය දවස ගැන නිසැකකම ඇතුව සිටීමය.

යේසුස්වහන්සේ ඵරිසිවරුන්ට විරුද්ධව සිටියේ, ඔවුන් පිටස්තරයෙන් එක් ආකාරයකින් ජීවත් වූ නමුත් රහසිගතව දෙවියන්වහන්සේට විරුද්ධවූ දේවල් කළ නිසයි.

1 කොරින්ති 5:8‭-‬11
එබැවින් පරණ මුහුන්වලින්වත් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නමැති මුහුන්වලින්වත් නොව අවංකකමද සැබෑකමද නමැති මුහුන් නුමුසු රොටියෙන් මංගල්‍යය පවත්වමු. වේශ්‍යාකම්කරන්නන් සමඟ සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලියුවෙමි; නුමුත් මේ ලෝකයෙහි වේශ්‍යාකම්කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමඟ කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය; එසේ කරන්ට නම් නුඹලා ලෝකයෙන් අහක්ව යන්ට ඕනෑය. නුමුත් සහෝදරයෙකැයි කියනලද කෙනෙක් වේශ්‍යාකම්කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දාකරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමඟ සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.

ඔබ යම් කෙනෙකුගේ ආත්මික මට්ටම ඔසවන්න නමුත් ඔබ ඒ අයගේ පහත් වූ ආත්මික මට්ටම බසින්න එපා.

ඔබගේ ආත්මික ජීවිතයේ වර්ධනය ඔබට වැදගත් විය යුතුයි.

ඔබ තුළ තිබෙන බලාපොරොත්තුව අන් අය සමඟ බෙදාගන්න.

ඔබ ස්වාමින්වහන්සේගේ කැමැත්ත කරන්න නිතර සූදානම්ව සිටිය යුතුය.

යක්ෂයාගේ ආශාව ඔබ උඩඟුවී වැටීමය.

දෙවියන්වහන්සේගේ ආශාව ඔබ යටහත් වී අනුග‍්‍රහය වැඩි කරමින් ගමන් කිරීමය.

ඔබ දෙවියන්වහන්සේට යටහත් වුවහොත් ඔබගේ සිතේ ආශාවටත් වැඩියෙන් ස්වාමීන්වහන්සේ ඔබට සපයා දෙනු ඇත.

එපීස 3:20 උන්වහන්සේගේ කැමැත්ත අපි හිතනවාටත් ඉල්ලනවාටත් වඩා සපයා දෙන්නටය.

හිතෝපදේශ 20:6
බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශ කරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?

විශ්වාසවන්ත මනුෂ්‍යයාට හොඳ අත්තිවාරමක් තිබෙනවා, එසේම ඔහු ස්ථීරව සිටියි.

ආත්මික මනුෂ්‍යයන් සමඟ සහභාගිකම් පවත්වන්න.

ඔබගේ විශ්වාසවන්තකම ඉතා වැදගත්ය.

හිතෝපදේශ 8:13 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.

ඔබ වර්ධනය වන්නට කැමැත්තක් දැක්විය යුතුයි.

දේව භය ඇති මනුෂ්‍යයා ප‍්‍රඥාවන්තය. ඔහු වැරදි වචන ප‍්‍රකාශ නොකරයි.

ආරම්භයේදී අපට ආශාවක් තිබෙනවා වචනය තුළ වර්ධනය වෙන්නට, නමුත් අවුරුදු කිහිපයකටත් පසුවද ඊට වඩා වර්ධනය වෙන්නට පිපාසයක් තිබිය යුතුයි.

හෙබ්‍රෙව් 5:11
ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම් කරදෙන්ට අමාරුය.

ඇසීමට මැළිිවී සිටීන අය දේව වචනය අසන්නට කැමැත්තක් නොදක්වයි.

ආමොස් 8:11‭-‬12
බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසායක්වත් නොව ස්වාමීන්වහන්සේගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය. එවිට මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන් කරන්නෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත, නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත.

ස්වාමීන්වහන්සේගේ වචනය ඇසීමට මැළිවීමේ හානියක් ඇති වී තිබේ.

වචනය ඇසීමත් ඒ අනුව කීකරු වීමත් වැදගත්ය.

වචනය ඇසීමෙන් සුවය ලැබේ.

වචනය අසා අපගේ ජීවිතය වෙනස් කරගනිමු.

දෙවියන්වහන්සේ අපට වචනය උගන්වන්නේ අපගේ ප්‍රයෝජනයටයි.

වචනය අසන විට දෙවියන්වහන්සේගේ ආශාවන් උන්වහන්සේ අප තුළට ඇතුල් කරනසේක.

දෙවියන්වහන්සේ අපට කථා කරන විට අප අවදියෙන් සිටියහොත් අපට බොහෝ දේ වටහා ගත හැකිය.

හෙබ්‍රෙව් 5:12 මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය.

ගුරුවරුන් දෙබඩි ජීවිත ගත කරන්නේ නැත.

ඔබ වර්ධනය වුවහොත් ඔබට තව කෙනෙකුට උගන්වන්නට පුලුවන.

අප වගකීමක් ඇතුව ජීවත්විය යුතුය.

හෙබ්‍රෙව් 5:13
ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.

ඉතා ඉක්මනින් පැකිලීමට පත් නොවිය යුතුය.

ළදරුවන් නොවී ධර්මිෂ්ඨකමට අවදිවී වර්ධනය විය යුතුය.

දේව වචනය අසමින් ගමන් කරනවා යන වගකීම අපගේ ජීවිතයේ තිබිය යුතුය.

සමහරුන් යහපත් හෘදය සාක්ෂියක් නැතුව ජීවත් වූ නිසා ඔවුන්ගේ ඇදහිල්ලේ නැව බිඳගත්තෝය.

යෙසායා 30:9
මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.

ඔබ සමාජයේ සිටින්නන්ට ආදර්ශයක්වන්න. ඔබගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලන්නට ඉඩ හරින්න.

යෙසායා 30:10
ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස් වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:

ඔබ ඔබවම රවටා නොගන්න. සත්‍ය වචනය අසන්නට කැමතිවන්න.

හිතෝපදේශ 23:1-2
නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
2 නුඹ ගිජු කෙනෙක් නම්, නුඹේ උගුරට පිහියක් තබාගන්න.

මෙයින් අදහස් වන්නේ, ඔබ ආහාර වේලකට රැවටී මනුෂ්‍යයා ඔබට කියන සෑම දෙයටම එකඟ නොවී සිටීමයි.

යෙසායා 30:11
නුඹලා මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.

2 රාජාවලිය 5 වන පරිච්ඡේදය කියවන්න

නාමන් නම් සේනාපතියා ඔහුගේ කුෂ්ඨ රෝගයෙන් සුවය ලබා ගැනීමට රිදී තලෙන්න, රන් ෂෙකෙල් හා ඇඳුම් කුට්ටම් සමඟ පැමිණෙන ලදි.

2 රාජාවලිය 5:5
සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.

නාමන් එලීෂා වෙතට ගොස් සුවය ලබා ගන්නා ලදි.

ඔහු සුවය ලැබු පසු ඉශ‍්‍රායෙල්හී දෙවියන්වහන්සේ මිස මුලු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දනිමියි කීවේය.

2 රාජාවලිය 5:15
එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.

නාමන් තමා ලද සුවය නිසා ඔහු ගෙනාවාවූ දේවලින් පඬුරක් පිළිගන්න යැයි එලිෂාට පැවසීය.

නමුත් එලිෂා එය ප‍්‍රතික්ෂේප කරන ලදි.

එයට හේතුව එලිෂාට අවශ්‍ය වූයේ සිරියාවට පණිවිඩයක් යැවීමටයි, එනම්: දෙවියන්වහන්සේ සුව කරන්නේ දෙයක් බලාපොරොත්තුවෙන් නොව නමුත් දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් බවයි.

එලිෂා නාමන්ට පැවසුවේ අනුග‍්‍රහයේ පණිවිඩය රැගෙන යන්න කියාය.

2 රාජාවලිය 5:16
ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය.

ගෙහාසී යනු එලිෂා ළඟම සිටි සේවකයාය.

ඔහුට ඇතිවූ තෘෂ්ණාව නිසා ඔහු බොරුවක් පවසා නාමන්ගේ පඬුරෙන් කොටසක් ඉල්ලා ගන්නා ලදි.

2 රාජාවලිය 5:22
ඔහුද: සියල්ල හොඳය; මාගේ ස්වාමියා–ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙතට ආවෝය; ඔවුන්ට රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත් දුනමැනවැයි කියන්ට මා එවුවේයයි කීවේය.

ගෙහාසී එලිෂාටද ඔහු කොහේවත් ගියේ නැතැයි කියමින් බොරු කීවේය.

2 රාජාවලිය 5:25
ඔහු වනාහි ඇතුල්වී තමාගේ ස්වාමියා ඉදිරියෙහි සිටියේය. එලිෂා කථාකොට: ගෙහාසී, නුඹ කොහේ ගොහින් ආවා දැයි ඔහුගෙන් ඇසීය. ඔබගේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැයි ඔහු කීවේය.

එලිෂා ගෙහාසීට ඔහුගේ වංචාව හෙළිකරන ලදි.

දෙවියන්වහන්සේ සියල්ල දන්නා සේක. අපට කිසිවක් උන්වහන්සේගෙන් සැඟවිය නොහැක.

අප දෙවියන්වහන්සේ ඉදරියේ අවංක දරුවන් මෙන් ජීවත් විය යුතුය.

2 රාජාවලිය 5:26
එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීව වතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද?

එලිෂා කල දෙය ඔහුටත් ඔහුගේ පවුලටත් ශාපයක් විය.

2 රාජාවලිය 5:27
එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.

දෙවියන්වහන්සේ ඔබට පවසන්නේ ඔබ කරන දේ , ඔබගේ සිතේ තිබෙන අදහස්, සිතුවිලි චේතනා උන්වහන්සේ දන්නා බවයි.

එමනිසා කිසිවක් නොසඟවන්න. අවංක වන්න.

නව ගිවිසුමේ ශුද්ධාත්මයාණන්ගේ උපකාරය ලබා ගන්න.

දෙවියන්වහන්සේගේ කැමැත්ත දැන ගන්න.

ගෙහාසීගේ ක්‍රියාව එලිෂාගේ පණිවිඩයට බාධාවක් වුනි.

පාවුල් තීරණය කලා අවසානය දක්වා ඔහුගේ ඇදහිල්ල විශ්වසවන්තකම රක්ෂා කරන බවට. අපද එවැනි ජීවිතයක් ගත කොට ආශීර්වාද ලද්දන් බවට පත්වෙමු.


Watch the Sermon Video

Read 310 times