+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ගැළවීම සඳහා ශුභාරංචිය අගය කරන්න - මනූ මැතානි
December 4, 2022 Sunday Sermon Notes

 

අප දිනපතා වර්ධනය විය යුතුය. එය අපට ප‍්‍රයෝජනවත්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් අප වර්ධනය වන වන කළ අපට එදිනෙදා මඟ පෙන්වීම් ලැබේ. අප කුමන මට්ටමක සිටියත් සියල්ලන්ම වර්ධනයවීමට අවශ්‍යය.

නියම ජීවනය තිබෙන්නේ වචනය තුළිනි.

යේසුස්වහන්සේගේ බව්තිස්ම වූවිට "මොහු මාගේ ප්‍රේමවන්ත පුත‍්‍රයා" යයි දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කළසේක. මතෙව් 3:17

පසුව යේසුස්වහන්සේව පරික්ෂා කිරීමට පැමිණි යක්ෂයා “ඔබ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා නම්”..... කියා සැකයක් ඇති කරවයි. මතෙව් 4:3,6

නමුත් යේසුස්වහන්සේ එයට පිළිතුරු දුන්නේ දේව වචනයෙනි. (මතෙව් 4:4,7,10)

මතෙව් 4:4
උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

අපි දේව වචනය තුළින් වර්ධනය විය යුතුයි.

දේශයෙහි වූ සාගතයක් හේතුවෙන් නයෝමි ඔවුන් ජීවත්වූ ආශීර්වාදාත්මක නගරය වන බෙත්ලෙහෙම අතහැර තම පුරුෂයා හා පුත‍්‍රයන් දෙදෙනා සමඟ මෝවබ් දේශයට යන ලදි.

එහිදී ඇගේ පුරුෂයාද පුත‍්‍රයන් දෙදෙනාද මැරුණාය. ඉන්පසු ඇය තනිවූවාය.

සාගතයෙන් පසු දෙවියන්වහන්සේ නැවත භෝජනය දී තම දේශයට කරුණාව පෙන්වූ බව ඇයට ආරංචි වූවා.

ඇය තම ආශීර්වාදාත්මක භෝජන සහිත නගරයවූ බෙත්ලෙහෙමට නැවත හැරී එන ලදි.

එහිදී හමුවූ අය හට ඇයට නයෝමි කියා කී විට, ඇය පැවසුවේ, මට එසේ නොකියන්න. මට මාරා යයි කියන්නයැයි පැවසීය.

මන්ද, නයෝමි යනු, අලංකාර, මිහිරිය සහ ප්‍රසන්නභාවයයි.
නමුත් මාරා යනු, තිත්ත යන අරුතයයි.
රූත්ගේ කථාව 1 පරිච්ඡේදය

ඇය මෙසේ පැවසුවේ, බොහෝ තිත්ත අද්දැකීම්වලට මුහුණ දුන් නිසාය.

නමුත් නයෝමි නැවතත් රොටී තිබෙන නිවසට පැමිණියාය.

නයෝමි තමාගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති පාවිච්චි කරමින් නැවත තමාගේ ජීවිතය ගොඩ නගා ගන්නා ලදි.

ස්වාමීන්වහන්සේ අපට නිතරම පවසන්නේ අප වචනය සමඟ කාලය ගත කිරීම වැදගත්.

බයිබලයේ සෑම දෙයක්ම ලියා තිබෙන්නේ සෑබෑ වාර්තාවක් ලෙසය.

නමුත් සිදු වූ සියල්ලක්ම දෙවියන්වහන්සේ විසින් සිදු කළාවූ දේවල් නොවේ. බොහෝ අය කළ දේවල් සමඟ දෙවියන්වහන්සේ එකඟ වූයේ නැත.

දෙවියන්වහන්සේ දාවිත්ව ඉශ‍්‍රායෙල්හි රජකමට තෝරා පත් කර ගන්නා ලද්දේ, ඔහු
දෙවියන්වහන්සේගේ සිතට එකඟව සිටි මනුෂ්‍යයෙක් වූ නිසයි.

දාවිත් බැත්-ෂෙබා සමඟ සිදු කළ පාපයට දෙවියන්වහන්සේ විරුද්ධ වූයේය. 2 සාමුවෙල් 11:27

නමුත් දෙවියන්වහන්සේ ඔහුගේ වරද පෙන්වාදුන්විට ඔහු තම පාපය පිළිගෙන පසුතැවිලි වුණේය. 2 සාමුවෙල් 12:13

දාවිත් තමාගේ පාපයෙන් ඉවතට හැරුණේය.

දාවිත් පරණ ගිවිසුම තුළ විසු අයෙකි.

නව ගිවිසුම තුළින් අපට තිබෙන ගැළවීම දාවිත්ට නොතිබුණි.

ඔහු ජීවත්වූයේ ව්‍යවස්ථාව යටතේය.

නව ගිවිසුම තුළ දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ ලේ වලින් සෝදා පවිත‍්‍රකර අපව රාජකීය පූජකයන් බවට පත්කර ඇත.

එළිදරව් 1:5-6
විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ, අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්.

පරණ ගිවිසුම තුළ සිටි රජවරුන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැක. ඒ අය ක්‍රියා කළ ආකාරය, තීරණ ගත් ආකාරය යුද්ධ කළ ආකාරය ආදියෙන්.

ඒ අය සටන් කළේ බාහිර යුද්ධයකය.

අපට තිබෙන්නේ ආත්මික යුද්ධයකි.

අපට තිබෙන්නේ ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් උන්වහන්සේගේ ආයුධ භාවිතා කොට බලකොටු බිඳ දැමීමටය.

2 කොරින්ති 10:3‭-‬4
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව. (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

අපගේ ආත්මික ආයුධ අපි පැළඳගන්න අවශ්‍යයයි. එපීස 6:10-20

අපි ක්‍රිස්තුස්වහන්සේගේ යුද්ධභටයන් වෙමු, අප නිතරම උන්වහන්සේගේ ආත්මික ආයුධ පැළද සිටීමෙන් අපි තුළට පැමිණෙන බාධාවලට විරුද්ධව ක්‍රියා කරමු.

එපීස 6:16‭-‬17
ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය. ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

ගිනිහෙලි යන වචනයේ තවත් අර්ථයක් නම්, මිසෛලයක් මෙන් ක්‍රියා කරන විනාශකාරී අවියක්.
යක්ෂයා එවැනි ආකාර රෝග, ප‍්‍රශ්ණ, කුණාටු අපගේ ජීවිතයට එවමින් අපව විනාශ කිරීමට මාන බලයි.

දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ යෝනාව නිනිවේ කියන දේශයට ගොසින් සුභාරංචි වචනය බෙදාගන්නටය. ඒ තුළින් එහි සිටි මනුෂ්‍යයන්ව විනාශයට පළමුවෙන් ගළවා ගැනීමටය.

දෙවියන්වහන්සේගේ සිත කැමැත්ත වචනය තුළ ලියා තිබේ. දේව කැමැත්ත මනුෂ්‍යයන් විනාශ වීම නොවේ.

යෝනා දෙවියන්වහන්සේගේ අණට අකීකරුව පලා යාමට නැවකට නැගුණි. දෙවියන්වහන්සේ නැව සොලවන ලදි. යෝනාට තමා දෙවියන්වහන්සේ වෙතින් පලා යන බවට ඒ මනුෂ්‍යයන්ට කියන්නට සිදුවිය. යෝනා 1:8-12

සමහර අවස්ථාවන්වල දී දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අරමුණු ඉටුකිරීමට අපව සොලවනු ඇත.

ඔවුන් යෝනාව මුහුදට දැමූ විට යෝනාව ගිල දැමූ මත්සයා දෙවියන්වහන්සේට අවශ්‍ය වූ ස්ථානයට ඔහුව වමාරන ලද්දේය. යෝනා 2:10

යෝනා විනාශවීමට යන මනුෂ්‍යයන් හට වචනය ප‍්‍රකාශ කිරීමට අලසව සිටින ලදි. ඔහුට අවශ්‍ය වූයේ එම මනුෂ්‍යයන්ගේ විනාශය දැකීමටය. යෝනා 4:1-4

නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත එක් මනුෂ්‍යයෙකු හෝ විනාශ නොවී ගැළවීමය. යෝනා 4:10-11

2 පේත්‍රැස් 3:9
ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.

දේව කැමැත්ත මනුෂ්‍යයා විනාශවෙනවා දැකීම නොව, ඒ නිසයි ආත්ම දිනාගන්නා ප‍්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු වන්නේ.

හිතෝපදේශ 11:30
ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.

ක්‍රියා 1:8 අපි ස්වාමීන්වහන්සේගේ සාක්ෂිකාරන් වන්නෙමු.

ගීතාවලිය 68:6‭-‬7
දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති. දෙවියන්වහන්ස, ඔබ තමන් සෙනඟට පෙරටුව නික්ම ගිය කලද වනාන්තරය මැදින් ගිය කලද

අපි සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේ තුළ එක පවුලක් වන්නෙමු.
අපි එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. ඔවුන්ව ශක්තිමත් කළ යුතුයි.

යක්ෂයා සභාව තුළ සිටින අයගේ මනස් තුළට බොරු සිතුවිලි ඇතුල් කරමින් සිටී.

හෙබ්‍රෙව් 3:12
සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.

නොඇදහිලිකාරකම යනු, අකීකරුකමය.

ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යෑම යනු, අපගේ ජ්වලිතභාවය නැතිවීමයි. එවැනි අය හා සමඟ සහභාගිකම් පවත්වා ඒ අය නැවත ශක්තිමත් කිරීම අපගේ වගකීමයි.

හෙබ්‍රෙව් 3:13
නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

අවවාද කරන්න යන වචනයෙන් අදහස් වන්නේ දිනපතාම එකිනෙකාව ධෛර්යයමත් කිරීමයි.
අපි එකිනෙකාට මෘදුවූ තරවටු කළ යුතුයි.

ඔබ යම් කෙනෙකු ශක්තිමත් කරන විට ඔබ තුළ ඇති දීමනාද ක්‍රියාත්මක වේ.

හෙබ්‍රෙව් 3:14‭-‬15
මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට, අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.

ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ යනු අපි ආලේපයේ පංගුකාරයන් වී සිටින්නන්.

ඔබගේ විශ්වාසය අන්තිම දක්වා ස්ථීරව තබාගන්න.

ක‍්‍රිස්තුස්වහන්සේට අවශ්‍ය වන්නේ අප තුළින් ජීවත්වීමයි.

1 පේත්‍රැස් 2:9
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

අපි ස්වාමීන්වහන්සේගේ සන්තක වූ විශේෂ සෙනඟක්. අපි ලෝකයේ ආලෝකයයි.

අපගේ ආලෝකය කන්දක් උඩ තියෙන නුවරක් හා සමානයි.

අපගේ ජීවිතයෙන් නිතරම ප්‍රශංසාව පෙන්වා දිය යුතුයි.
ලෝකයා නිතරම ප්‍රශංසා කරන්නේ මැවිල්ලටයි. අප ප‍්‍රශංසා කරන්නේ මැවුම්කරුටය.

අපගේ දෑත් ආලේප ලබා ඇත.

ඔබ ක‍්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෙක් නම්, ක‍්‍රිස්තුස්වහන්සේ කළ දේවල් ඔබ තුළින් සිදුවිය යුතුයි. ඒ ආලේපය ඔබ තුළ ඇත.

යොහන් 14:12
සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.

යේසුස්වහන්සේ මෙළොව සේවය කල කාළය තුළ උන්වහන්සේට කිසිවෙකු ගළවන්නට නොහැකි විය. ඒ තාක් උන්වහන්සේ ලේ වැගිරීමක් කර නොතිබුනි. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝය.

යොහන් 1:29
පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!

යේසුස්වහන්සේ ලෝකයාගේ පාපය උසුලාගත් ගැළවුම්කරුයි.

අපට දැන් දී තිබෙන්නේ සදාකාල ජීවනයයි. අපට සදාකාල ජීවනය හිමිවූයේ අප යම් කෙනෙකුගෙන් සුභාරංචිය ඇසූ හෙයිනි.

1 කොරින්ති 4:15
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම නුඹලා ජනිතකෙළෙමි.

පාවුල් කොරින්ති සභාව තුළ සුභාරංචිය කියාදී ඔවුන්ට පියෙක් ලෙස සිටියේය

රෝම 1:16
මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.

අපි සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමු. මේ සුභාරංචි වචනයයි අපව නිදහස් කළේ. මුදවා ගනු ලැබුවේ.

ස්වාමීන්වහන්සේ කළ මහත් වූ ජීවිතය නිසයි අපි මේ යහපත් ජීවිතය ජීවත් වන්නේ.

අප යන යන සෑම තැනම සුභාරංචිය ගෙන යා යුතුයි

1 කොරින්ති 3:4‭-‬6
මක්නිසාද එක්කෙනෙක්: මම පාවුල්ගේය; වෙන කෙනෙක්: මම අපොල්ලොස්ගේයයි කියන කල, නුඹලා මාංසිකයෝ නොවෙත්ද? ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.

අප සභාව තුළ භේද ඇතිවීමට ඉඩ නොදිය යුතුය.

1 කොරින්ති 1:11
මක්නිසාද මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය.

1 කොරින්ති 1:12
ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය.

භේද ඇතිවීම දෙවියන්වහන්සේගෙන් නොවේ. අප ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණි. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප එක ශරීරයක්.

1 කොරින්ති 1:13
ක්‍රිස්තුස්වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් නුඹලා උදෙසා කුරුසියෙහි ඇණගසනු ලැබුවේද? නොහොත් පාවුල්ගේ නාමයට නුඹලා බව්තීස්මකරනු ලැබුවහුද?

1 කොරින්ති 1:14 මාගේ නාමයට නුඹලා බව්තීස්ම කරනලදැයි කියන්ට කිසිවෙකුට පුළුවන් නොවන ලෙස ක්‍රිස්පස්ද ගායස්ද ඇර

යේසුස්වහන්සේට දෙවියන්වහන්සේ දුන් උතුම්ම නාමය උන්වහන්සේ ලබා ගත්තේ මහත්වූ කුරුස පූජාව කළ නිසයි. එතුමාණන්ගේ නාමයෙන් පමණයි අපට ගැළවීම ලබා ගන්නට පුලුවන් වූයේ.

පිලිප්පි 2:6‭-‬9
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.
එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.

අප යේසුස්වහන්සේගේ නාමය විශ්වාස කරනවා.

අප යේසුස්වහන්සේගේ නාමය පවසන්නේ ආත්මයාණන්වහන්සේ තුළිනි.

ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් අප ඒ නාමය පවසන විට ඒ නාමය බලවන්තයි.

පිලිප්පි 2:10‭-‬11
එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

ශුද්ධාත්මයාණන්වහන්සේ නෙමෙැතිව ඒනාමයෙන් කිසිවක් කල නොහැකිය. (ක්‍රියා 19: 13-16)

යේසුස්වහන්සේ නාමය ක්‍රියාකරන්නේ ශුද්ධාත්ම බලයෙන් පමණි.

1 කොරින්ති 12:3
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.

අප තුළ තිබෙන ආත්මයාණන් තුළින්, අපට යක්ෂයන් දුරු කරන්නට පුලුවන්කම තිබෙන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන්.

රෝම 1:16 මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.

අප යේසුස්වහන්සේගේ නාමය සුලු නොකළ යුතුයි.

1 කොරින්ති 3:5
ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.

මනුෂ්‍යයන්ගේ ගරු සැලකිලි ලබා නොගත යුතුය. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප සේවකයන් පමණි

ක්‍රියා 14:11 ……..

1 කොරින්ති 3:6
මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.

1 කොරින්ති 3:7
එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.

දෙවියන්වහන්සේට ලැබිය යුතු ගෞරවය ලබන්නට අපට කිසිදු අයිතියක් නැත. එය අයිති දෙවියන්වහන්සේට පමණි

1 කොරින්ති 3:8
හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.

අප දෙවියන්වහන්සේ උදෙසා කරන්නාවු සියල්ලටම විපාක ඇත.
අපි දෙවියන්වහන්සේගෙන් විපාක ලබාගන්නාවූ සෙනඟය.

1 කොරින්ති 3:9
මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.

යෝනාගේ වචනය ඇසු සෙනඟ පසුතැවිලිවිය. සුභාරංචිය ඉදිරියේ ඔවුන් දණ නමන ලදි.


Watch the Sermon Video

Read 306 times