+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සුවය සඳහා ඇදහිල්ල- මනූ මැතානි
February 5, 2023 Sunday Sermon Notes


යේසුස්වහන්සේගේ පුත්‍රයන් උන්වහන්සේ හා සමානයි.

අප සියළු දෙනාම යේසුස්වහන්සේගේ සාක්ෂිකරුවන්ය.

උන්වහන්සේ අපව කැදවා තිබෙන්නේ බොහෝ අයගේ ජීවිත වලට ආශීර්වාදයක් වන පිණිසය.

අප යේසුස්වහන්සේගේ ශරීරයයි. උන්වහන්සේගේ ශරීරය තුළින් ජීවනය ගලා යාමට උන්වහන්සේ සලසා ඇත.

ඔබ ආලේප ලත් තැනැත්තෙක්ය. ඔබ තුළින් යේසුස්වහන්සේ ක්‍රියා කරනු ඇත. ඔබ ජංගම දේව ගෘහයක් හා සමානය.

ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකු නොව, දේව පුත‍්‍රයෙකි.

ඔබ සැකයෙන් ජීවත් නොවන්න. යක්ෂයා ගෙන එන පීඩා වලට යටත් නොවන්න.

යක්ෂයාගේ විශාලතම කුමන්ත්‍රණය ඔබට පීඩා ගෙන එන්නටයි.

ප‍්‍රශ්න පීඩා එන කල එයට නොනැමෙන්න. ඔබ වල්ගය නොව නිතරම හිසව සිටින්න. එයයි දෙවියන්වහන්සේගේ කැමැත්ත.

ද්වීතීය කථාව 28:13-14
මා අද නුඹලාට අණකරන සියලු වචනවලින් නුඹ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්, මා අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස නුඹ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; නුඹද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.

ඔබ නිතරම උසස් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයි.

සතුරාගේ කිසි දෙයකට ඔබ යටත් නොවන්න.

ඇදහිල්ල ජීවත රටාවක් එය කාලයට සීමා වූ දෙයක් නොවේ.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිටෙවූ බලය ඔබ තුළයි.

දෙවියන්වහන්සේ අපට දී ඇති ඇදහිල්ලේ ප‍්‍රයෝජන රාශීයක් ඇත.

රෝම 8:11
තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

ඔබගේ වචන වලින් ඔබගේ ශරීරයේ දේවල් වෙනස් කළ හැකිවේ. මන්ද මරණයත් ජීවනයත් තිබෙන්නේ ඔබගේ මුඛයේය. ඇදහිල්ල ක‍්‍රියාත්මක වන්නේ ඔබගේ සිතෙන් හා මුඛයෙන්ය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප ජීවත්වීමය.

ඇදහිල්ලෙන් හා ඉවසීමෙන් ගමන් කළ අයගේ අඩිපාරේ අප ගමන් කළ යුතුය.

අප අලසකමින් මිදිය යුතුය.

හෙබ්‍රෙව් 6:12
ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

යේසුස්වහන්සේ අපගේ පාප, රෝග හා අපගේ ශාප සියල්ලමත් දරාගත්සේක.

ඔබ දේව වචනය ප්‍රකාශ කරන්න, වේදනාව වෙනුවෙන් යේසුස්වහන්සේ ඔබට සුවය ලබා දී තිබෙනවා.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන්නේ උන්වහන්සේගේ පොරොන්දු. ඒවා ඉෂ්ට කරන පිණිස දෙවියන්වහන්සේ එම පොරොන්දු පිටුපස සිටිනසේක. අපි ඒවා ප්‍රකාශ කරමින් සුවය අත්දකිමු.

මේ වචනය රෑ දාවල් මෙනෙහි කරන්න. දේව වචනය එදත් අදත් එකාකාරමය.

උන්වහන්සේගේ වචනයේ බලයෙන් සියල්ල උසුලාගෙන සිටී. හෙබ්‍රෙව් 1:3

දෙවියන්වහන්සේ මේ විශ්වය මැව්වේ වචන ප‍්‍රකාශ කිරීමෙනි. (උත්පත්ති 1 වෙනි පරිච්ඡේදය).

මේ වචන වචනවලින් අපි ජීවත් වෙමු.

අදටත් මේ වචනය ජීවමානව පවතී.

හිතෝපදේශ 3:5
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.

මාගේ ස්වාමීන්වහන්සේ මා සුවකරන්නාය. මාගේ විශ්වාසය උන්වහන්සේ කෙරෙහිය.

හිතෝපදේශ 3:4-5 නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

දෙවියන්වහන්සේගේ සෑම වචනයක්ම වැදගත්. ආත්මයාණන්වහන්සේ වචනයට විරුද්ධව කථා නොකරනසේක.

ඇදහිලිවතුන්ගේ හුස්ම දෙවියන්වහන්සේගේ වචනයයි

මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති.

අපි මේ වචනයට මුල් ස්ථානය දෙන්නට අප තෝරාගත යුතුයි.

වචනය ඇසීමෙන් අපගේ ඇදහිල්ල නොදැනම වර්ධනය වන්නේය.

පැතිරී යන දේ වලින් දෙවියන්වහන්සේ අප මුදවා ඇත. උන්වහන්සේ අපගේ සැපයීම හා සුවයද වේ.

නික්මයාම 23:25
නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.

මනුෂ්‍යයන්ගේ යෝජනා වලට අවනත නොවී ශුද්ධාත්මයාණන්වහන්සේ අපට කථා කරන දේ අපගේ ජීවිතයට අදාල කර ගත යුතුය.

යාකොබ් 1:22‭-‬23
නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න. මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.

ඔබගේ හැඟීම් පවසන දේවල් ඔබ නොකළ යුතුයි.

දෙවියන්වහන්සේගේ දේවල් සුළු කිරීම මෝඩකමකි.

යක්ෂයා නිතරම තැත් කරන්නේ අපගේ මනසට ලෝකාකාර දේවල් ඇතුල් කරන්නටයි. එසේම, දෙවියන්වහන්සේගේ දේ වලින් අපව ඈත් කරන්නටයි.

යන්ෂයාගේ දේට ඇහුම්කන් දුන්හොත් ඔබ විශාල බන්ධනයකට අසුවේ.

යේසුස්වහන්සේ අපගේ ශරීරය යේසුස්වහන්සේගේ ලේ වලින් මිලදී ගත්සේක.

අපි උන්වහන්සේ සමඟ එක ආත්මයක් වී සිටියි.

1 කොරින්ති 6:17
නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

ඔබගේ මිදීම දවස දක්වා ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබව මුද්‍රා කර තිබෙන හෙයින් අප උන්වහන්සේට දුක් නොදිය යුතුය.

1 කොරින්ති 6:19-20
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

අපගේ ශරීරයෙන්ද ආත්මයෙන්ද උන්වහන්සේගේ ගෞරවය සදහා අප ජීවත්විය යුතුය.

උන්වහන්සේ අපව මිලදී ගත්තේ අපව ආරක්ෂා කිරීමටය. උන්වහන්සේ අපගේ විපාකයයි, මහත් පලිහයි.

ලෝකයේ සිදුවන දේ වලට අප කනස්සලු නොවිය යුතුය.

අපි උන්වහන්සේගේ දේව දූතයන්ට වඩා වටිනා සෙනඟක්.

දේව දූතයන් දෙවියන්වහන්සේගේ සේවකයන්ය. එහෙත් අප දේව පුත‍්‍රයන්ය.

ගීතාවලිය 103:20
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

එක ආත්මයක් ගැළවීම ලැබූ විට මුළු ස්වර්ගයම ප‍්‍රීතිමත්වේ

ඔබගේ ගැළවීම පරණ වන්නේ නැත.

ඔබගේ ආලෝකය එන්න එන්නම බැබලෙන්නේය.

යෙසායා 60:1‭-‬2
නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.

යෙසායා 60:3
ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.

මනුෂ්‍යයන් ඔබ තුළ තිබෙන ආලෝකය වෙතටයි පැමිණෙන්නේ.

ඔබ නැගිට බැබලෙන්න. මේ ලෝකයේ මනුෂ්‍යයන් සිටින්නේ ඝන අන්ධකාරයේ නිසා ඔබගේ ආලෝකය ඒ අය ඉදිරියෙහි බබළවන්න.

යෙසායා 51:23
නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.

යක්ෂයාට අවශ්‍ය වන්නේ ඔබව පාපිස්සක් ලෙස පාවිච්චි කිරීමටය. එහෙත් ඔබ ඊට විරුද්ධව ක්‍රියා කළ යුතුය.

යෙසායා 52:1
සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.

ඔබගේ ජීවිත අපවිත‍්‍රතාවයකට ඉඩ නොදෙන්නට ඔබ වගබලා ගත යුතුයි.

ඔබගේ ප‍්‍රකාශය, ඇදහිල්ල ඔබට ජය ගෙන දේ.

ගීතාවලිය 119:11
ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

දෙවියන්වහන්සේගේ වචනය ඔබගේ සිතේ නිධානව තිබේනම් ඔබට ඇදහිල්ලෙන් ජය ගත හැකිය.

අබ ඇටයක ඇදහිල්ල යනු ජීවන වචනයේ ඇදහිල්ලයි.

ලූක් 17:6
ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.

ජීවන වචනයේ ඇදහිල්ල ඔබ තුළ තිබෙනවා නම් ඔබට මරණය පහ කළ හැකියි. ඔබගේ ජීවිතයේ තික්තකමින් මුදවන්න ජීවනයේ ඇදහිල්ලට හැකිය.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වූයේ අපව ධර්මිෂ්ඨ කරන පිණිසයි. (2 කොරින්ති 5: 21)

ආදම් කළ වැරැද්ද නැතිකර දමන පිණිස යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වූසේක.

කිසිවෙකුට ඔබව රැවටීමට ඉඩ නොදෙන්න.

1 යොහන් 3:5‭-‬7
කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත. යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත.
යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත. මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුළාකරන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක්මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටියි.

ඔබගේ පාපිෂ්ඨ ස්වභාවය සම්පූර්ණයෙන්ම ක‍්‍රිස්තුස්වහන්සේ ඉවත් කර දැන් උන්වහන්සේ ඔබ තුළ ජීවත්වේ. උන්වහන්සේගේ ධර්මිෂ්ඨ කමිනුයි අප දැන් ජීවත්වන්නේ.

නික්මයාම 23:25
නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.

උන්වහන්සේගේ සියළු රෝග වලින් ඔබව නිදහස් කර හමාරයි. එයයි අපගේ ඇදහිල්ලයි. දේව වචනය නිතර ඇසීමෙන් ඔබට ඇදහිල්ල ඇතිවේ.

හිතෝපදේශ 3:7
නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

ඔබ තුළ දේව භය තිබේ නම් ඔබ නපුරු දේ වලින් ඈත් වනු ඇත.

හිතෝපදේශ 3:8
ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.

ඔබගේ ජීවිත රටාව විය යුත්තේ දේව භයෙන් ජීවත්වී දේව වචනයට කීකරුවීමත් උන්වහන්සේ මත විශ්වාසය තබා ජීවත්වීමත්ය. එවිට ඉබේම ඔබට සුවය ලැබෙන්නේය.

හිතෝපදේශ 4:20‭-‬22
මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න. මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.

ඔබ වචන කථා කරන කල දේව වචනය කථා කරන්න. එය ඔබගේ මුළු ශරීරයටම සුවයයි. ඒවා ඔබව ජීවත් කරවයි.


Watch the Sermon Video

Read 263 times