+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය කතා කරන්න - යෝෂා මනූ
February 5, 2023 Sunday Sermon Notes

 

අපට ජය දෙන්නාවු නාමය යේසුස්ය.
නිතරම ඔබට ජයග‍්‍රහණය අවශ්‍යය නම් ඒ නාමයට හඬ ගසන්න.

ඒ නාමයට හඬ ගසන සියළු දෙනාට ගැළවීම ලැබේ.

ඒ නාමයට යාච්ඤා කරන කවුරු නමුත් ගළවනු ලබන්නේය. රෝම 10:13

ඒ නාමය තුළ ජීවනය ඇත. බලය ආධිපත්‍යය ඇත. අපට තිබෙන්නේ ඒ නාමයෙන් කථා කරන්නටය.

ඒ නාමය අපගේ තොල්වල තිබිය යුතුය.

ඒ නාමය කථා කරන කල ඒ තුළ ජීවනය ඇත.

යේසුස් යන නාමයට සෑම දණක්ම නැමිය යුතුය. සෑම දිවක්ම එය කිව යුතුය.

ඔබගේ දිව තුළ නිතරම මෙම නාමය තිබිය යුතුය. එවිට ඔබ කිසියම් රෝගයකින් පෙලෙන කල, ප‍්‍රශ්ණයක් තුළින් යන කල, යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබට එය දුරු කල හැකිය. පළමුකොට අපගේ මුඛයෙන් පැවසිය යුත්තේ මෙම නාමයයි.

යේසුස්වහන්සේගේ නාමයේ එළිදරව්ව ගෝලයන් දැන සිටින ලදි.

පේත‍්‍රැස් යේසුස්වහන්සේගේ වචනය මත මුහුද පිට ගමන් කරන ලද්දේය. එහෙත් ඔහු අවට මුහුදේ රළ හා හුළඟ දෙස බලා භයවී ගිලෙන්නට පටන් ගත්කල ඔහුව ගළවන පිණිස යේසුස්වහන්සේට මොරගැසුවේය. මතෙව් 14:28-32

පේත‍්‍රැස් අන් ගෝලයන් මෙන් නොව, බෝහෝ කාරණාවලදී ඉදිරියට පැණ තම අදහස් ප‍්‍රකාශ කළේය.

වරක් යේසුස්වහන්සේ තමාගේ මරණය ගැන කලින් ප‍්‍රකාශ කරන විට පේත‍්‍රැස් එයට එරෙහිව නැගී සිට යේසුස්වහන්සේගෙන් තරවටුව ලැබුවේය. මාර්ක් 8:31-33

ඔහු යේසුස්වහන්සේව නාඳුනන බව ප‍්‍රකාශ කලද යේසුස්වහන්සේ තම බැටළුවන් පෝෂණය කිරීමට භාර දුන්නේ පේත‍්‍රැස්ටය.
යොහන් 21:15-23

පේත‍්‍රැස්ද, යේසුස්වහන්සේ ඔහුට කමාව දුන් බවත්, යේසුස්වහන්සේ ජීවමාන බවත් දැන සිටි අතර ඔහු පුදුමාකාර බලයක් අත් දුටුවේය.

පෙන්තකොස්ත දින උඩුමහලේ රැස්ව සිටි 120 සමඟ පේත‍්‍රැස් ඒ මහත් බලය අත් දකිනු ලැබුවේය. එහිදී ඔවුන් ශුද්ධාත්මයෙන් පිරී අන්‍ය භාෂාවෙන් කථා කළෝය.

එය ඇසූ එතැන රැස්ව සිටි අය ඔවුන් මත්වෙලායැයි පැවසූහ.

එයට පිළිතුරු වශයෙන් පේත‍්‍රැස් 11 දෙනා සමඟ මහත් ශබ්දයකින් බලයෙන් යුක්තව කථා කරමින් යේසුස්වහන්සේගේ කුරුසපත්වීමත් නැවත නැගිටීමත් ප‍්‍රකාශ කරන ලදි. ක‍්‍රියා 2:22-24

පසුව එය ඇසූ මනුෂ්‍යයන්ට පසුතැවිලිවීමත්, වතුර බව්තිස්මයත් ගැන පවසා මහත් සමූහයක් ගැළවීම ලබා හැරුණෝය. ක්‍රියා 2 පරිච්ඡේදය

එලෙස බලය ලැබීමෙන් පසු ඔවුන්ගේ ජීවිත රටාව වෙනස් වූයේය. ඔවුන් යේසුස්වහන්සේගේ නාමයෙන් අත්දැකීමෙන් ජීවත්වුණෝය.

ඔවුන් දේව මාළිගාවේ යාච්ඤා කිරීමට කාලයන් වෙන්කර ගන්නා ලද්දෝය.

සාමාන්‍යයෙන් දේව මාළිගාව අසල සිඟමන් යදින මනුෂ්‍යයන් සිටිති.
මෙදින පේත‍්‍රැස් සමඟ යොහන් යාච්ඤා කරන පිණිස දේව මාළිගාවට යමින් සිටියදී, එය 9 වෙනි පැය (දහවල් 3) පමණ විය. ඔවුන් යද්දී මව් කුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් දොරටුව අසල සිට ඔවුන්ගෙන් සිඟමන් ඉල්ලුවේය.

ඔවුන් ඔහුට අප දෙස බලන්නැයි පැවසුවෝය. ඔහු යමක් ලබා ගන්නා පිණිස බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බැලුවේය.

ක්‍රියා 3:3-6
5 ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය.

6 පේතෘස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්නැයි කියා,

පේත‍්‍රැස් එහිදී ඔහුට නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන් නැඟිට ඇවිදින්නැයි කීවේය. ඔහු රහසින් නොව, ප‍්‍රසිද්ධයේ සියල්ලන්ටම ඇසෙන්න ජීවනයේ වචන පැවසුවේය.

ක්‍රියා 3:7‭-‬9
ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට (වළලුකර) සවිවිය. ඔහු පැනනැගී කෙලින් සිට, ඇවිදින්ට පටන්ගත්තේය; ඇවිදිමින්ද පැනනගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්ද ඔහු ඔවුන් සමඟ දේවමාළිගාවට ඇතුල්වුණේය. මුළු සෙනඟ ඔහු ඇවිදිනවාත් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් දැක,

පේත‍්‍රැස් යේසුස්වහන්සේගේ නාමයෙන් නැගිටින්නැයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහුව නැඟිටුවන ලදි. ඔහු නැඟිටීමට උපකාර කරන ලදි.

එකෙනෙහිම ඔහුගේ පාද සහ ඇස්වට (වළලුකර) සවිවී ඔහු ඇවිදිමින් පැනනගිමින් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන ලදි.

පේත‍්‍රැස් තුළ ශුද්ධාමයාණන්ගේ බලයෙන් පූර්ණවීමට පෙර සැකය, බිය තිබුණ නමුත් ඔහු බලයෙන් පූර්ණවූ පසු නොබියව යේසුස්වහන්සේගේ නාමය ප‍්‍රකාශ කරන ලද්දේය.

අපද පෙර කුමන තත්වයේ සිටියත් බලයෙන් පූර්ණ වු පසු යේසුස්වහන්සේගේ නාමය තුළින් බොහෝ දේ අත් දැකිය හැකිය.

ඔබ මුලින්ම කුඩා දේවල් වෙනුවෙන් යාච්ඤා කර එම බලය ක්‍රියාත්මක වීම අත් හදා බලන්න. යේසුස්වහන්සේගේ නාමයෙන් ප‍්‍රකාශ කරමින් ඔබගේ ජීවිතය තුළ සුවය ලබා ගැනීමෙන් අත්හදා බලන්න.

මනුෂ්‍යයන් සිතුවේ මෙම හාස්කම පේත‍්‍රැස් හා යොහන්ගේ බලයෙන් කල බවය. එහෙත් පේත‍්‍රැස් එය ඔවුන්ට පහදා දෙනු ලැබුවේය.

ක්‍රියා 3:12-13
පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද? ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ යේසුස්වහන්සේ ගෞරවයට පැමිණෙවුසේක.

ඔවුන් විසින් මරණයට පත්කළාවූ යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමේ නාමය ගැන පේත‍්‍රැස් ඔවුන්ට කථා කරන ලද්දේය.

ක්‍රියා 3:15
ජීවනයේ අධිපතියාව මැරුවහුය; දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක; අපි ඊට සාක්ෂිකාරයෝය.

යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමට ඔවුන් සාක්ෂිකාරයන් බව පේත‍්‍රැස් පවසයි.

ක්‍රියා 3:16
උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.

අපගේ ජීවිතයේ නිතරම යේසුස්වහන්සේගේ නාමය අප ඇදහිල්ලෙන් පැවසිය යුතුය.

ක්‍රියා 4:7
නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය.

පේත‍්‍රැස් ඔවුන්ගේ බලය ගැන ප‍්‍රශ්න කළාවු මූලෑදෑනීන්ට පිළිතුරු දුන්නේ ශූද්ධාත්ම බලයෙන් පූර්ණවය.

ක්‍රියා 4:8
එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි, ….කොර මනුෂ්‍යයා සුවවීමට ඔවුන් පාවිච්චි කරන ලද්දේ යේසුස්වහන්සේගේ නාමය පමණක් බවය.

ක්‍රියා 4:10
නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා.

පේත‍්‍රැස් නොබියව ප‍්‍රකාශ කර සිටියේ ගැළවීම ලබා ගැනීමට වෙන කිසිම නාමයක් නොමැති බවයි.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

එම මුලෑදෑනියන් පේත‍්‍රැස්ගේ නිර්භීත ප‍්‍රකාශය දැක මවිත වුණෝය. මෙසේ නිර්භීතව සිටින්නට ඔවුන්ගේ රහස වූයේ ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි නිසා බව ඔවුන් ඇඳිනගත්තෝය. ක්‍රියා 4:13

අපගේ ජීවිතවලද රහස වන්නේ යේසුස්වහන්සේ සමඟ අපගේ ජීවිත ගත කිරීමයි.
අපගේ ජීවිතයේ අප මනුෂ්‍යයන් සමඟ කාළය ගත නොකරන අවස්ථාවේදී අප ක‍්‍රියා කරන ආකාරය වැදගත්ය. එනම් අප යේසුස්වහන්සේ වචනය සමඟ කාලය ගතකරමින් උන්වහන්සේගේ වචනය මෙනෙහි කළ යුතුය.

එම මුලෑදෑනීන් යේසුස්වහන්සේගේ නාමය පතලවීම වැලැක්වීමට එම නාමයෙන් ඔවුන්ට කථා නොකරන්නට ආඥා කරන ලදි.

ක්‍රියා 4:18
තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය.

යේසුස්වහන්සේගේ නාමය පිළිනොගන්නට ඔවුන්ගේ ඇස් අන්ධ වී තිබුණි. 2කොරින්ති 4:4

ක්‍රියා 4:29‭-‬31
දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල, ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය. ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

කොපමණ තර්ජන පැමිණියත් ගෝලයන් නිර්භිතව ශුද්ධාත්මයෙන් පූර්ණව යේසුස්වහන්සේගේ නාමයෙන් තම සේවයේ නිරත වන ලදි.


Watch the Sermon Video

Read 357 times