+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
බිය ඍණාත්මක අශුද්ධ බලයකි - යෝෂා මනූ
April 13, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ යහපත්වූ, ධර්මිෂ්ඨවූ, විශ්වාසවූ, වෙනස් නොවන්නාවු දෙවියන්වහන්සේය.
දෙවියන්වහන්සේගේ අභිමුඛය නොමැතිව අපට කිසිවක් කළ නොහැකිය.
ඔබ සිටින්නාවු තත්වයෙන් ඔබව වෙනස් කිරීමට දෙවියන්වහන්සේට පුළුවන
ඔබ යේසුස්වහන්සේව ගැළවුම්කරු ලෙස පිළිගත්විට දෙවියන්වහන්සේ ඔබට සදාකාල ජීවනය දෙනු ඇත. ඒ තුළින් ඔබ උරුමක්කාරයෙන්, දේව පවුලට අයත් කෙනෙක්, නව මැවිල්ලක් වනු ඇත.
යේසුස්වහන්සේ නිතරම පියාණන්වහන්සේ සමඟ ඇති සම්බන්ධ පැවසීය.
ගතවන හැම මොහොතක් මොහොතක් පාසා දෙවියන්වහන්සේ අප සමඟම සිටින බව දැන සිටීම යහපත්ය.
යොහන් 17:1-3
1 යේසුස්වහන්සේ මේ දේවල් කියා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක්: පියාණෙනි, පැය පැමිණ තිබේ; 2 ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව. 3 සදාකාල ජීවනය නම් මේය-එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.
සදාකාල ජීවනය නම් යේසුස්වහන්සේය. අප ගැළවීම ලැබූ දින පටන් අප ජීවත්විය යුත්තේ උන්වහන්සේ සමඟ සමීප සම්බන්ධකමක් ගොඩනඟා ගෙනය.
දෙවියන්වහන්සේ මෙලොවට යේසුස්වහන්සේව එව්වේ උන්වහන්සේව දැන හැදින ගන්නටය. එම හඳුනාගැනීම අපගේ ජීවිත කාලය පුරාවටම විය යුතුය.
ඒ හඳුනාගැනීම තුළින්. දෙවියන්වහන්සේ අපගේ පියාණන් ලෙසද, යේසුස්වහන්සේ අපගේ මිතුරා ලෙසද, ගැළවුම්කරු ලෙසද, සියල්ලෙන් සියල්ල ලෙසද සිටී. ඒ තුළින් අප ඵල දරනු ඇත
දේව වචනය යේසුස්වහන්සේය. අප බයිබලය කියවීමෙන්ද උන්වහන්සේව හඳුනාගත හැකිය.
යොහන් 15:1-3 1 මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය. 2 මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක. 3 මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය. 4 මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය. 5 මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
ඵල දැරීමට නම් ගහක අත්තක් මෙන් අප යේසුස්වහන්සේට සම්බන්ධවී සිටිය යුතුය.
මොහොතක් මොහොතක් පාසා යේසුස්වහන්සේ අප අභ්‍යන්තරයේ ජීවත්වනවා යන සිතුවිල්ලෙන් අප ජීවත්වෙමු.
අප ජංගම දේවස්ථානයක් මෙන්ය. අප යන සෑම තැනකම දෙවියන්වහන්සේද අප හා ගමන් කරයි.
භය පැමිණෙන්නේ යක්ෂයාගෙන්ය. නමුත් දෙවියන්වහන්සේ අපට දුන්නේ භයාදුකමේ ආත්මයක් නොවේය.
දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් මනසක්ය. 2 තිමෝති 1:7
භය යනු ආත්මයක්ය. භය අපව යොමුකරනුවේ ඍණාත්මක පැත්තටය.
2 තිමෝති 1:7 පදය අනුව යක්ෂයා අශුද්ධ ආත්මයක්, බයාදුකම කියන්නේ අශුද්ධකමේ ආත්මයක්. මේ බයාදුකමේ කර්තෘ යක්ෂයාමයි.
අප ජීවත්වූයේ සියල්ලටම භයෙන්ය.
හෙබ්‍රෙව් 2:14-15 14 එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, 15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.
ඒවගේම බිය ඍණාත්මක අශුද්ධ බලයක්.
දෙවියන්වහන්සේ අපව මරණ භයෙන් නිදහස් කර ඇත.
අශුද්ධ බලය වන බිය පැමිණෙන්නේ සතුරාගේ නරක පුවත් තුළින්.
සතුරාගේ හඬ නිතරම මාංශයට බරවූ බිය ගෙනඑන සිතිවිලිය.
ගීතාවලිය 112:7 ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.
අද බොහෝ විට මාධ්‍යය තුළින් ගෙනෙන්නේ නරක පුවත්ය. මිනිසා ඒවා ඇසීමට පෙළඹෙති. ඒවා අසමින් භයවෙති.
බිය පැමිණෙන්නේ නපුරු දුෂ්ට යක්ෂයාගෙන්ය.
දෙවියන්වහන්සේ නපුරේ කර්තෘවරයා නොවේ. දෙවියන්වහන්සේ සෑම විටම යහපත්ය. උන්වහන්සේට අපට දෙන්නට නපුරක් නැත.
එපීස 6:16
ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල (ගිනිමය ඊතල) නිවන්ට නුඹලාට පුළුවන් වන්නේය.
නපුරා අපගේ මනසට ගිනිමය ඊතල ගෙනෙන එක මාර්ගයක් වන්නේ බිය.
මේ ගිනිමය ඊතල වැනි නපුරාගේ සිතුවිලි නවතා දමන්ට අපට පුළුවන් වන්නේ දේව වචනය අපගේ මුඛයෙන් ප්‍රකාශ කිරීමෙන්.
යක්ෂයා එවන ගිණි හෙලි වැනි සිතුවිලි අප භාරගතහොත් අපගේ වචන වලින් අප ඌට දොරක් විවෘත කර දෙයි.
හිතෝපදේශ 6:2
නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,
අප අසුවන්නේ අපගේ මුඛයේ කීම් වලින්මය.
ඔබට එන සිතුවිල්ල ඍණාත්මකනම් එකවරම එය කිසිවෙකු හා නොපවසන්න. එම සිතුවිල්ල යේසුස්වහන්සේගේ නාමයෙන් බිදහෙළමු
සිතුවිලි ක‍්‍රම තුනකින් පැමිණේ.
1) දෙවියන්වහන්සේගෙන් පැමිණෙන සිතුවිලි - ඒවා සමාදානයේ සිතුවිලිය
2) යක්ෂයාගේ සිතුවිලි
3) මනුෂ්‍යන්ගේ යටගියාවු සිතුවිලි
සිතුවිල්ලක් පැමිණෙන විට එය පැමිණෙන්නේ කොහෙන්ද කියා අප සෝදිසි කර බැලිය යුතුය.
2 කොරින්ති 10:3-5 3 මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව. 4 (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.) 5 අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
බොහෝ අය තමුන්ගේ එදිනෙදා ව්‍යවහාරයේදී භිය ගැන පවසයි.
“අනේ මට භය හිතෙනවා,
මට/මං භයයි,
මං භය වුණා,
මට භයක් දැනුණා,
මං භය වෙලා හිටියේ,
මං භයින් හිටියේ
මම නම් පොඩි දෙයටත් භයයි
මම ඇත්තටම භයයි
දැන් නං මට භයයි වගේ”
භය කියන වචනය අපගේ ව්‍යවහාරයෙන් තුරන් කරමු.
අප භය ගැන ප‍්‍රකාශ කරනවා යනු යක්ෂයාගේ ගිණි හෙලි වලට ඉඩ දෙනවා මෙන්ය.
ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද? ගීතාවලිය 118:6
හෙබ්‍රෙව් 13:6
මෙසේ ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි, මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියන්නෙමි.
නිතරම අපගේ ප‍්‍රකාශය විය යුත්තේ “මම භය වන්නේ නැහැ" කියාය.
Watch the Sermon Video