+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ජීවිතයට ඇලුම් වී යහපත් දවස් දකින්න - මනූ මැතානි
April 20, 2025 Sunday Sermon Notes


හාලේලූයා යනු දෙවියන්වහන්සේට ගෞරවය, ප‍්‍රශංසාව දීමය.

අපගේ මුඛයේ නිතරම යහපත් වචන තබා ගනිමු.

සිතුවිලි ඔබගේ මනසේ බලකොටු මෙන් සෑදී ඇත්නම් ඒවා යේසුස්වහන්සේගේ නාමයෙන් කඩාබිඳ දමන්න.

ඔබ කථා කරන්නාවු වචන වලින් සිතේ ඇති දේ දැනගත හැකිය. යේසුස්වහන්සේ පැවසුවේ සිතේ පූර්ණකමින් මුඛය කථා කරයි කියාය.

දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව එන්නාවු සිතුවිලි අප බිඳ දමමු.

2 කොරින්ති 10:5
[5] අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

සිතට ඇතිවන භයාදුකමේ සිතුවිලි ඔබගේ මුඛයෙන් පවසමින් බිඳ දමමින් සෑම සිතුවිල්ලක්ම ක‍්‍රිස්තුස්වහන්සේගේ කීකරුකමට ගෙන එමු.

එවිට ඔබට දෝෂාරෝපණය, භයංකාරකමින්, ශෝකයෙන් තොර ශුද්ධ මනසක් ඇතිව සිටිය හැකිය.

විනාශකාරී වචන වලට ඔබගේ මුඛය තහනම් කරන්න.
සියලු දේ වලට වඩා සිත ආරක්ෂා කර ගත යුත්තේ අපගේ වචන වලින්ය.

හිතෝපදේශ 4:23
[23] සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ඔබගේ අනාගතය විනාශකර නොගන්න.

1 පේත‍්‍රැස් 3:10
[10] මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථා කිරීමෙන්ද වලක්වාගනීවා.

විනාශකාරි වචන ප‍්‍රකාශ නොකරන්න. මන්ද ඔබ තනිව සිටින විට යක්ෂයා එම වචනම පාවිච්චි කරමින් ඔබගේ මනස කලඹයි.

එවැනි නපුරු සිතුවිලි ගෙනෙන යක්ෂයාව දුරුකරලන්න.

ඔබ කථා කරන වචන ඔබට ඉතා වැදගත්ය.

ඔබ හරි වචන කථා කරන කළ ඔබගේ සිතේ තිබෙන එයට විරුද්ධ වචන වලින් ඔබ නිදහස් වනු ඇත.

ශෝකය ඔබගේ හිස මත තබා නොගන්න. දේව වචනය පවසන්නේ ඔබගේ දුක, කරදරය, වේදනාව, සියලු බර ස්වාමීන්වහන්සේ වෙත තබන්න කියාය.

1 පේත‍්‍රැස් 5:7
[7] උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න;

ස්වාමීන්වහන්සේ අපගේ සියල්ල උසුලන බව විශ්වාස කරමු.

ගීතාවලිය 55:22
[22] නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන සේක.

දෙවියන්වහන්සේ බලවත්ය. උන්වහන්සේගේ එක් වචනයක් තුළින් මහත් දේ සිදුවුණි.

හෙබ්‍රෙව් 1:3
[3] උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනයේ බලයෙන් සියල්ල උසුලා සිටියි.

ඔබගේ කරදරද උන්වහන්සේට ඉසිලිය හැකිය. ඒවා අප උන්වහන්සේ මත තබමු.

හිතෝපදේශ 12:25
[25] මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

මනුෂ්‍යයන් සියල්ල තමන්ගේ සිත මත තබාගෙන එයින් නැමී සිටියි. ස්වාමීන්වහන්සේගේ එක් වචනයකින් අපට සැනසිල්ල ලැබෙයි.

ඔබගේ බර උසුලමින් ජීවත්නොවී සැහැල්ලුවෙන් ජීවත්වන්න. ශරීරයට කරදර දීමෙන් ඔබම ඔබට දුක් උපුදුවා ගනී.

ඔබ අන් අයගේ නොව, ඔබගේ ජීවිතය පාලනය කළගත යුතුය.

යේසුස්වහන්සේ අපගේ ගමන පහසුකර ඇත.

යෙසායා 53:4
[4] සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.

යේසුස්වහන්සේ අපගේ සියල්ල උසුලාගෙන ඇති හෙයින් අප කිසිවක් උසුලා ගත යුතු නැත.

කරදරවීමෙන් අපට කිසිවක් වෙනස්කළ නොහැකිය.

අපගේ සියලු ජයග‍්‍රහණයන් හා අප අන් අය ධෛර්යමත් කරමින් කරන්නාවු සියල්ල වෙනුවෙන් දෙවියන්වහන්සේ අපට විපාක නියම කර ඇත. අප ඒවා ලබා ගනිමු.

තවත් කෙනෙක්ට නපුරක් කරන්ට තවත් කෙනෙක් වට්ටන්නට සමහර කිතුණුවන් පවා පෙලඹෙන්නේ ඔවුන්ගේ මනස් අලුත්කර නොගන්නා නිසාය. ඒ අය මනස් වෙනස් නොකර ගන්නා නිසා ඔවුන් නපුර කිරීමට යක්ෂයාට ඉඩ දෙයි.

කොලොස්සි 3:1-5
[1] ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. [2] පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න. [3] මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ. [4] අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය. [5] එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.

මාංසයේ දේවල් වලට අපව පාලනය කිරීමට ඉඩ නොදෙමු.

කොලොස්සි 3:6
[6] මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

දේව දරුවන් ඔවුන්ගේ නොසැලකිලිමත් කම් නිසා අකීකරු දරුවන් විය හැකිය.

කොලොස්සි 3:7-9
[7] නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය. [8] නුමුත් දැන් නුඹලා ඒ සියල්ල–කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව–පහකරන්න. [9] එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,

පරණ මනුෂ්‍යයා තුළ තිබූ දේවල් අපගේ ජීවිතයට නැවත ගාවා නොගත යුතුය.

කොලොස්සි 3:10
[10] අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.

අප අලුත් මනුෂ්‍යයා පැළඳ ජීවත්වෙමු. අලුත් මනුෂ්‍යයා මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයටය.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේව දකින්නා පියාණන්වහන්සේව දැක්කා හා සමාන බවය.

අපගේ මුඛයේ ඇති කෝපයේ, අපහාසයේ වචන ඉවතලමු.

යේසුස්වහන්සේ අපගේ පරණ මනුෂ්‍යයා පහකර අවසන්ය.

අපගේ මුඛයේ නිතර ස්වාමීන්වහන්සේගේ වචන තබා ගැනීමට පුරුදුවෙමු.

යේසුස්වහන්සේ උපමාවක් ලෙස පැවසුවත් ගෝලයන්ට එය තේරුම් ගන්නට නොහැකිවූ විට උන්වහන්සේ පැවසුවේ තවමත් මෙය තේරුම් ගන්ට නොහැකිවුනාද? මනුෂ්‍යයා අපවිත‍්‍රවන්නේ කටින් පිටවන දෙයින් කියාය.

ශු. මතෙව් 15:10-11
[10] එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න. [11] කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.

යේසුස්වහන්සේගේ වචන වලට ඵරිසිවරුන් බාධාවන ලදි. යේසුස්වහන්සේ එයට කෙලින් පිළිතුරු දෙන ලදි.

ශු. මතෙව් 15:12
[12] එවිට ගෝලයෝ ඇවිත්: ඵරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

යේසුස්වහන්සේ තුළ හරියට නොමැති කිතුවන් ඇත.

ශු. මතෙව් 15:13
[13] උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.

උන්වහන්සේ පැවසුවේ ඔවුන් අන්ධයන් හා සමාන බවය. ඔවුන්ව අතහරින ලෙසය.

ශු. මතෙව් 15:14
[14] ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.

ගෝලයන්ට එය තේරුම් ගත නොහැකි විය.

ශු. මතෙව් 15:15
[15] එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය.

යේසුස්වහන්සේ පැවසුවේ අපව අපවිත‍්‍රවන්නේ කටට ඇතුල්වන දෙයින් නොවන බවත් කටින් පිටවන දෙයින් බවත්ය.

ශු. මතෙව් 15:16-20
[16] උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද? [17] කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? [18] නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය. [19] මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය. [20] මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.

අප ප‍්‍රවේසම් විය යුත්තේ අපගේ සිතුවිලි හා වචන ගැනය.

අපගේ කෑම වේල ගැන උදාරම් වචන ප‍්‍රකාශ නොකරමින් දෙවියන්වහන්සේට ලැබුනු ආහාර වේල ගැන ස්තූතිවන්ත වෙමින් අනුභව කරමු.

ඔබගේ මිත‍්‍රයන් තුළින් ඔබට බලපෑම් ඇතිවිය හැකිය. ඒවාට එකඟ නොවී දෙවියන්වහන්සේට ස්තූති කරමින් දේව වචනයෙන් පවිත‍්‍ර කරමින් ආහාරයට ගනිමු.

1 තිමෝති 4:4-5
[4] දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත. [5] මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.

අපගේ ජීවිතය අකාලයේ විනාශ කර නොගනිමු.

ඔබ දෙවියන්වහන්සේගේ මාළිගාව බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ බවත් එළිදරව්වක් ලබා සිටිමු.

1 කොරින්ති 3:16
[16] නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?

අපගේ වචන වලින් අපගේ ශරීරය ආරක්ෂා කර ගනිමු.

1 කොරින්ති 3:17
[17] යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.

උන්වහන්සේ පවසන අකාරයට අප හැසිරෙමු. ජීවත්වෙමු.

යෝබ් 6:24
[24] මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.
[25] අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් නුඹලාගේ අවවදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?

අපගේ දිව පාලනය කරන්න උගන්වන ලෙස දෙවියන්වහන්සේගේ ඉල්ලා සිටිමු.

අපට වැරදුන තැන කොනැනද කියා තේරුම් කර දෙන ලෙස ඉල්ලා සිටිමු.

හරි වචන, සුවදායි වචන, සඵලවන වචන, නිර්භීත වචන බලවත්ය.

යක්ෂයා, රෝගය, වේදනාව යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුවීයන්න අණ කරමු.

කිතුනු භක්තිකයන්ට අවශ්‍යය පළමු පාඩම වචන ගැනය.

උත්පත්ති 1:2 දෙවියන්වහන්සේ වචනයේ බලය පවසන ලදි.

යෝබ් 22:28
[28] නුඹ කාරණයක් නියමකරගත් කල්හි ඒක නුඹට ස්ථිරවන්නේය; නුඹේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය.

ඔබ යම් කාරණයක් ගැන ප‍්‍රකාශ කළහොත් එය අනිවාර්යයෙන් ඉෂ්ටවනු ඇත.

යමෙක් ඔබට ශාප කළහොත් ඒ අයට ශාප නොකර ආශීර්වාද කළ යුතුය. මන්ද දෙවියන්වහන්සේ ඔබ කැඳවා ඇත්තේ ආශීර්වාදව බුක්ති විදීමටය.

ඔබගේ මුඛය ආශීර්වාදය ප‍්‍රකාශ කරමින්, යක්ෂයාට, රෝග වලට, භයංකාර සිතුවිලි වලට ශාප කරන්න.


Watch the Sermon Video

Read 66 times