+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ යහපත්ය, උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින්නේය - යෝෂා මනූ
June 8, 2025 Sunday Sermon Notes

හාලේලූයා අවුරුදු 18 අප දේව මෙහෙයන් පැවැත්වූයේ තුන්වෙනි මහලේ.
මීට අවුරුදු 10 කට කලින් අප මෙම පළමු මහල ඉල්ලා සිටියා.
ඒ අතර මා මේ දොර අසලින් යන විට එය අප හට ඇරෙන්නැයි නොයෙක් වර ප‍්‍රකාශ කරමින් යන අතර ස්තූති කරන්නට පටන් ගත්තා.

යම් බාධාවක් හේතුවෙන් අපට එය නොලැබුණත් අප දුක් නොවී නොකඩව යාච්ඤා කරමින් සිටියා.

අප දෙයක් හිමිවන තුරු නොකඩව යාච්ඤා කළ යුතුයි.

සමහර විට අපට පිළිතුරු ප‍්‍රමාධවන විට අප සිතනවා ඇයි එලෙස ප‍්‍රමාධ වන්නේ කියා.

මාද එලෙස කල්පකා කරමින් සිතුවා ස්වාමීනි මහල් තුනක් නැගීම සමහරුන්ට අසීරුයිනේ කියා.

නමුත් ස්වාමීන්වහන්සේ සියල්ල නියමිත වෙලාවට ඉටුකරලනවා.

දෙවියන්වහන්සේගේ යහපත කියා නිමකළ නොහැක.

දේව වචනයේ 42 වතාවකට වැඩියෙන් උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින බව පවසා ඇත.

දෙවියන්වහන්සේ නිතරම යහපත කරන දෙවියන්වහන්සේය. උන්වහන්සේ කිසිදා අයහාපත කරන්නේ නැත.

දෙවියන්වහන්සේගේ සදාකාල් පවතින කරුණාව ගැන අප බයිබල් පද කිහිපක් ප‍්‍රකාශ කරමු.

දෙවියන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවතී. එය වෙනස් නොවෙයි.

කරුණාව කියා පවසන්නේ උන්වහන්සේ අපට ආශීර්වාද කිරීමට, උන්වහන්සේගේ දරුවන්ගේ යාච්ඤා වලට පිළිතුරු දීමට, උන්වහන්සේගේ දරුවන්ට සපයා දීමට උන්වහන්සේ නිතරම ආශාවෙන් බලා සිටීමය.

දෙවියන්වහන්සේගේ යහපත් කියා අප නිතර අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතුවේ.

අයහපත පැමිණෙන විටත් ඒ අයහපත දෙවියන්වහන්සේට යහපතට හැරවිය හැකියි පවසමින් ස්තූති කරමු.

අපගේ ජීවිතයට ලැබෙනුයේ අප විශ්වාස කරන දේය.

දෙවියන්වහන්සේගේ කරුණා ගුණය ඉශ‍්‍රායෙල් සෙනඟ නිතර අද්දුටුවත් ප‍්‍රශ්න කරදර පැමිණෙන විට ඔවුන් කොදුරන්නට විය.

ඔවුන් මැසිවිලි කීවත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ යහපත් හස්තය, ආශීර්වාදය ඔවුන් පිටට පමුණුවන ලදි.

දෙවියන්වහන්සේ යහපත, කරුණාව කිසිදා අමතක නොකරමු.

අප ස්තූති කරන විට ස්වාමීන්වහන්සේට යම් යම් දේ වෙනස් කළ හැකිය.

1 ලේකම් 16:34
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

අප ස්තූති කරන්නේ ස්වාමීන්වහන්සේ යහපත් නිසාය. අප නිතර හදවතින් එන ස්තූතිය පුද කරමු.

අප ස්තූති කරන්නේ ස්වාමීන්වහන්සේ යහපත් නිසාය. අප නිතර හදවතින් එන ස්තූතිය පුද කරමු.

දේව වචනය පවසන පරිදි අප දෙවියන්වහන්සේට ස්තූතිය, නමස්කාරය පුදමු.

ගීතාවලිය 136:1-26 අප පවසමු

මෙහි අලංකාරභාවය නම් හැම පදයකම උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින්නේය කියා සදහන් කර තිබීමය.

සදාකාල කරුණාවෙන් යුත් ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීම.

1 ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

2 දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

3 ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

4 මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

5 නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය.

6 ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

7 මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

8 දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

9 රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

10 කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

11 ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

12 බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

13 රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

14 ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය.

15 ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

16 ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

17 මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

18 කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

19 අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

20 බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහ්නසේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

21 ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

22 ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

23 අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

24 අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

25 උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

26 ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

ස්වාමීන්වහන්සේ නිතරම බලා සිටින්නේ උන්වහන්සේගේ කරුණාව පෙන්වීමටය.

අප මෙම බයිබල් පද මෙනෙහි කරමු.

මෙහි පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන්ට ජයග‍්‍රහණය දුන් ආකාරයයි.

ඉශ‍්‍රයෙල් වරුන්ගේ සතුරු රජවරුන් විනාශ කළ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ උදෙසා සිටගත් සේක. උන්වහන්සේගේ සෙනඟව ආරක්ෂා කළ සේක.

දෙවියන්වහන්සේ නිතර පවසන්නේ උන්වහන්සේගේ කරුණාව, ප‍්‍රේමය කිසිදා වෙනස් නොවන බවය. එය සදාකල් පවතින බවය.

අප කොයි දේ කළත් දෙවියන්වහන්සේගේ කරුණාව අනුග‍්‍රහය තුළ පවතිමු.

දෙවියන්වහන්සේ අපට නිතර ජයග‍්‍රහණය දෙන්නාවු දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන් ඉදිරියේ මහත් ආශ්චර්ය දේ කරන ලදි.

රතු මුහුද දෙබෑ කිරීම, ඵාරාවෝ ඉදිරියේ මිසරයේ සියලු කුළුදුලන් මරා දැමීම යනාදි බොහෝ දේ....
ඉශ‍්‍රායෙල් සෙනඟව මිසරයෙන් යැවීමට ඵාරාවෝ අකමැතිවූ විට දෙවියන්වහන්සේ හාස්කම් තුළින් ආශීර්වාකරමින් උන්වහන්සේගේ සෙනඟට උන්වහන්සේ කෙසේ හෝ මාවතක් සාදන බවට පෙන්වා දෙන ලදි.

කව්රු විරුද්ධවුවත් දෙවියන්වහන්සේට ඔබට මාර්ග සෑදිය හැකිය. ගල් සිත් වුවද උන්වහන්සේට වෙනස්කළ හැකිබව විශ්වාස කරමු.

ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින බව අප නිතර ප‍්‍රකාශ කරමු.


Watch the Sermon Video

Read 61 times