+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගෙන් ලබාගන්නට නම් ඔබ ඉවසිලිවන්තව සිටිය යුතුයි - මනූ මැතානි
June 8, 2025 Sunday Sermon Notes


ලියවිලිවල සඳහන් ආකාරයට දෙවියන්වහන්සේ අපේ ජීවිත වලට නිතරම යහපත කරන තැනැන්වහන්සේය.

දෙවියන්වහන්සේ නියම කාලයට අපට අවශ්‍යතා ඉෂ්ඨකරනු ඇත.

යෝබ් පීඩාව තුලින් යන විටත් දෙවියන්වහන්සේ ඔහුව අත්හැරියේ නැත.

ඔහු විශ්වාසයෙන් සහ ඉවසීමෙන් බලා සිටියේය.

යාකොබ් 5:11
ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අප කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.

ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් පිරී සිටින තැනැන්වහන්සේය.

යෝබ්ගේ ජීවිතයේ වැඳගත්ම දේ ඉවසීමයි.

ඉවසීම යනු: ඔබ ප‍්‍රිතියෙන්, සතුටින්, සමාදානයෙන්, උන්වහන්සේගේ වචනය තුල පමණක් සිට සහ කටයුතු කිරීමයි.

යෝබ්ගේ යහලුවන් පැමිණ ඔහුට දොස් තබද්දි ඔහු සිතා ගත්තේ තමන්ගේ ප‍්‍රකාශයට වඩා දෙවියන්වහන්සේ විශාලය, උන්වහන්සේ අපිට අනුකම්පා කරන තැනන්වහන්සේය, උන්වහන්සේ යාඤවට පිලිතුරු දෙන සැමදා එක ලෙස ක‍්‍රියා කරන දෙවියන්වහන්සේ කියාය.

යෝබ්ට දෙවියන්වහන්සේ දෙගුණයකින් ආශිර්වාද කලේය.

යෝබ්ගේ ගුණාංග නම් පීඩාව තුලින් ගමන් කරද්දිත් ඔහු ඉවසීමෙන් ගමන් කරමින් දෙවියන්වහන්සේ අමතක කලේ නැත. දෙවියන්වහන්සේට දොස් තැබුවේ නැත.

අපගේ ජීවිතයේදීත් දෙවියන්වහන්සේට දොස් තබන්නේ නැතිව ඉවසීමෙන් ක‍්‍රියා කරන්නෙකු වෙමු.

දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ තැනැන්වහන්සේය. උන්වහන්සේගේ දයාව උන්වහන්සේ අපට දක්වයි.

ඕනෑම අවස්ථාවකදී අප ඉවසීමෙන් කටයුතු කරමු. ඔබ ඉවසීමෙන් සිටිමෙන් දෙවියන්වහන්සේගේ පොරොන්දු උරුම කරගත හැක.

මනුෂ්‍යන් වෙනස් විය හැක. නමුත් දෙවියන්වහන්සේ කිසිදා වෙනස් නොවේ.

ඉවසිලිවන්තයා සැමදා ජය ගනි. ඉවසූ අය ආශීර්වාදලද්දෝය.

ඉවසීම ලැජ්ජාවට කරුණක් නොවේ. යේසුස්වහන්සේ අපගේ ලැජ්ජාව කුරුසියේ දරාගත් සේක. අපට ලැජ්ජාවක් තිබිය යුතු නැත.

යමෙක් අපි දිහා වැරදි ලෙස බැලුවත් කථා කලත් අපි කැලඹිය යුතු නැත.
එසේ වන්නේ නම් ඔබ තුල සිටින පරණ මණුෂ්‍යා සහ ඔබගේ පරණ සිතුවිලි තවමත් ක‍්‍රියා කිරීමයි.

ඔබ සැබැ කිතුනුවෙක් නම් ඔබ තුල පරණ මණුෂ්‍යා සිටිය නොහැක.
ඔබට ස්භාවයන් දෙකක් තිබිය නොහැක.

අපගේ ඉවසීම දෙවියන්වහන්සේ ඉදිරියේ විශාල කාරණාවක්ය.
ඉවසීමක් නොමැති කම නිසා බොහෝ දෙනා කරදරයට පත්වේ.

ඔබ කලයුත්තේ ඉවසීමෙන් දෙවියන්වහන්සේව විශ්වාස කරමින් පොරොන්දු ඉෂ්ඨ කරගැනීමයි.

ඉවසීම දෙවියන්වහන්සේගේ ගුණාංගයකි.

හෙබ්‍රෙව් 6:12
ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

පොරොන්දු ඉටුකර ගත්තේ ඇදහිල්ලෙන් සහ ඉවසිලිවන්තකමෙනි.

අප මනසින් දුර්වල නොවී ඉවසමු. ඉවසන මනුෂ්‍යයා ශක්තිමත් කෙනෙකි.

රෝම 15:4-6
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය. නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.

දෙවියන්වහන්සේ ඉවසීමෙන් කටයුතු කරන තැනැන්වහන්සේය.

දෙවියන්වහන්සේ ආදම් සහ ඒව උන්වහන්සේගේ ස්වරුපයෙන් හා සමානත්වයෙන් මවා, ඔවුනට බලය දී, ආශීර්වාද කර, බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට, ඒක යටත් කර, අධිපතිකම් කරන්නැයි කී සේක. (උප්පත්ති 1:27-28)

ආදම් සහ ඒව පාපයට වැටුන විට දෙවියන්වහන්සේ ලැජ්ජාවට පත් වූහ.
උන්වහන්සේගේ සැලැසමට බාධා ඇති විය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා උන්වහන්සේගේ ස්වරුපයෙන් මැවූ සේක. නමුත් සාතන් සමඟ පාපය සහ මරණයේ ගිවිසුමකට ඇතුල් වී පාපයට වැටීමේ හේතුවෙන් ඔවුන්ගේ ස්වරුපය සම්පුර්ණයෙන්ම වෙනස් විය.

ආදම් පාපය සමඟ, මරණය සමඟ, දෙවියන්වහන්සේගේ සතුරා වන යක්ෂයා සමඟ ගිවිසුමක් ඇති කරගත්හ. යක්ෂයා උන්වහන්සේගේ සතුරෙක්ය.

සාතන් දෙවියන්වහන්සේට නමස්කාර කල දේවදුතයා ලෙස සිටියහ. ඔහු ඒ ගැන උඩගු වී “මම දෙවියන්වහන්සේ මෙන් සිටිය යුතුයි උන්වහන්සේගේ සිහසුනට වඩා ඉහලට යා යුතුයි” කියා සිතුවේය. (යෙසායා 14:13)

එසකියෙල් 28:14-15
“නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය. මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සිටෙවුවෙමි; නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය. නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියෙහිය. නුඹේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ නුඹ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, නුඹ පව්කෙළෙහිය. එබැවින් නුඹ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි. නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟුවී තිබේ……”

යක්ෂ්‍යාගේ සිත උඩඟු වූ නිසා දෙවියන්වහන්සේ ඔහුව ඉවත් කළේය.

යක්ෂ්‍යාට උවමනා කලේ ඔහුගේම රාජ්‍යක් ගොඩනගා ගැනීමටය.

මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ස්වරූපයටත්, සමානත්වයටත් මවා ඇති බව යක්ෂ්‍යා දැන සිටියහ.

යෙසායා 14:12-13
දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.

යක්ෂ්‍යාගේ සිතුවිලි වූයේ ඔහු දෙවියන්වහන්සේටත් ඉහළින් සිටින්ට යන බවත්, ඔහු දෙවියන්වහන්සේව පාළනය කරන්ට යන බවත්, දෙවියන්වහන්සේ ඔහූට නමස්කාරයි කියාය.

අපටත් නොයෙක් ආකාර දෙවියන්වහන්සේට විරුද්ධ සිතුවිලි පැමිණි කල, අප කිව යුත්තේ ඒවා යක්ෂ්‍යා කාර සිතුවිලි බවය. මෙවැනි සිතුවිලි යක්ෂ්‍යාගේන් පැමිණේ. එවිට අප උඩඟු විය හැක.

උඩගුකම පැමිණි සැනකින් දෙවියන්වහන්සේ යක්ෂයාව ස්වර්ගයෙන් නෙරපා දමන ලදි.

උඩඟුකමෙන්, මුරන්ඩු කමෙන්, කැරලිකාර කමෙන්, ආධිපත්‍යයට විරුද්ධව ජීවත් වන පුද්ගලයන් උන්වහන්සේ ප‍්‍රිය කරන්නේ නැත.

දෙවියන්වහන්සේ යක්ෂයා හට මහත් වූ ප්‍රඥාවක් දී තැබුණි. උන්වහන්සේ දෙන දීමනා ආපසු ගන්නේ නැත. නමුත් උන්වහන්සේ අපව සිටින ස්ථානයෙන් වෙන් කල හැක.

ස්වර්ගයෙන් නෙරපූ යක්ෂයා ඔහුට තිබුණ ප්‍රඥාව පාවිචිකර “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ස්වරූපයට මවා තිබෙන්නේය. දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර ගිවිසුමක් ඇත. මම මේ මනුෂ්‍යයාව රවට්ටා ගත යුතුයි. කෙසේ හෝ මනුෂ්‍යයා රැවටීමෙන් ඔහු මට නමස්කාර කරන්නට මාර්ගයක් සාදා ගත යුතුය. ඒ තුළින් දෙවියන්වහන්සේත් මට යටත් වෙයි” කියා සිතුවේය.

මනුෂ්‍යට දෙවියන්වහන්සේ බොහොසේ ප්‍රේම කරයි, මනුෂ්‍යාව ඉතා අලංකාර ලෙස දේවදූතයන්යන්ටත් යක්ෂයාටත් වඩා ඉහලින් සාදනු ලැබුවේය.

ගීතාවලිය 8:4-6
ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.

මනුෂ්‍යයා වෙනුවෙන් මහත් දේ කළ දෙවියන්වහන්සේ මා වෙනුවෙන් එසේ නොකලේ මන්දැයි යක්ෂයා සිතීය.

යක්ෂයාට කොහෙත්ම කිසිම දෙයක් සාදන්නට පුලුවන් කමක් නැත. නමුත් ඕනම දෙයක් පාවිච්චි කර විනාශ කරන්නට හැකිය.

යක්ෂයා මැව්ම්කරු නෙවෙයි. යක්ෂයාට මවන්න බැරිය. මවා ඇති දේවල් විකෘති කරන්න පුලුවන්ය.

දෙවියන්වහන්සේ අලංකාර ලෙස මැව් මනුෂ්‍යයා තමන් විසින්ම තමාගේ ජීවිතය නාස්ති කරගන්නේය. යක්ෂයන්ගේ ක්‍රියාකාරීත්වයන් සමඟ එකඟ වී දෙවියන්වහන්සේට ස්තුති කරනවා වෙනුවට යක්ෂයන්ට නමස්කාර කරන්නේය.

ඊට හේතුව නම් අපි උන්වහන්සේගේ ස්වරූපයට, උන්වහන්සේ සමානත්වට මවා ඇති බව යක්ෂයා දන්නවා වූවත් මනුෂ්‍යයන් කොයිතරම් වටිනා පුද්ගලයන්ද කියා ඒ අය නොදනි.

මගේ කිසි වටිනාකමක් තැනැයි කියමින් දෙවියන්වහන්සේට දුක් නොදෙමු.

ලෝකයේ මනුෂ්‍යයන්ට වුනත් දෙවියන්වහන්සේ ප්‍රේම කරනවාය. නමුත් ඔවුන් දෙවියන්වහන්සේට කෙල ගසනවාය. දෙවියන්වහන්සේට නමස්කාර නොකර මැවිල්ලට නමස්කාර කරයි.

දෙවියන්වහන්සේ තුළින් ඈත් කරන්නේ මනුෂ්‍යයාගේ හදවතේ ඇති කැරළිකාරකමේ ස්වභාවයයි.

දෙවියන්වහන්සේ යමක් හොඳයි කියයි නම්, එය නරකයි කියා මනුෂ්‍යයා සලකන්නේය. ඒ නිසා මනුෂ්‍යයන්ට වටහගන්නට සුභාරංචිය අවශ්‍යය කර තිබේ. එපමණක් නොව ඔබ සුභාරංචියේ ජීවිතයක් ගත කරන බව ඒ අයට දකින්නට පුළුවන් විය යුතුය.

අපි සාමාන්‍ය මනුෂ්‍යයන්ව සිටි නමුත් දැන් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්ව සිටි. උන්වහන්සේ අපට ශරීරයක් හා මනසක් දී තිබෙන සේක. අපි එය නාස්ති නොකර සිටිමු.

උන්වහන්සේ අපගේ ආත්මයේ වැඩ වාසය කරමින් අපත් සමඟ එක්වී සිටින සේක.

මනුෂ්‍යයන්ට ඒක වටහගන්නට බැරිය. අපගේ ශරීරයෙන් උන්වහන්සේට මහිමය දීමට අපට හැකිය.

1 කොරින්ති 6:19-20
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට නිදහස් කැමැත්තක් දී තිබෙන සේක.
ඒ නිදහස් කැමැත්ත පාවිච්චි කිරීම කොයිතරම් අලංකාරයිද?

අපි සියල්ලන් තමාගේ හෘදසාක්ෂය අනුව ක්‍රියා කරමින් සිතන හරි දේ කරමින් නිදහසේ ජීවත් වෙන්න කැමතිය.

නමුත් අපි නොදැනව සිටින්නේ සතුරා විසින් අපව පාලනය කරන්න උත්සාහ කරන බවය. අපි යේසුස්වහන්සේ පිළිගන්නට පෙර යක්ෂයා විසින් අපේ ජීවිතය විශාල වශයෙන් පාලනය කලේය.

1 කොරින්ති 6:19-20
“නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.”

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

ඔබ කිතුනුවෙක් නොවේනම් ‘මාගේ මගේ ශරීරය මට අයිතියි. එය වෙන කිසිවෙනකුට අයිති නොවේ, මට ඕන දෙයක් මට කරන්න පුළුවන්’ යයි කිව හැක. නමුත් ඔහුගේ ශරීරයත් මවා තිබෙන්නේ දෙවියන්වහන්සේමය.

කිතුනුවෙකුට විශේෂයෙන්ම ඔබගේ ශරීරයෙන් ඔබ කරන දේවල් ගැන ඔබට වගකීමක් තිබේ. ඔබගේ ජීවිතය ගැන ඔබට වගකීමක් තිබේ.

මාගේ ශරීරය මට අයිති නැත. එය විශාල මිලයක් ගෙවා උන්වහන්සේ මිලදි ගෙන ඇත. අපගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරව කරමින් මහිමය දෙමු.

අපගේ ශරීරය මිලයට ගැනීමට අප වෙනුවෙන් යාගයක් ලෙස දෙවියන්වහන්සේ දුන්නේ උන්වහන්සේගේ ඒකජාතක පුත‍්‍රයාය.

පළවෙනි ආදම් මැව්වා හා සමානව උන්වහන්සේ අන්තිම ආදම් එව් සේක.
බයිබලයේ ප‍්‍රකාශිත ලෙස අන්තිම ආදම් යේසුස්වහන්සේටය.

1 කොරින්ති 15:45
එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය.

අන්තිම කියන වචනයෙන් අර්ථවත් වන්නේ ඒ කෙනාට පසුව තව කෙනෙක් නැත යන්නයි.

යේසුස්වහන්සේ වරද්ද ගත්තා නම් මනුෂ්‍යයාට දීමට දෙවියන්වහන්සේට වෙන කිසිම පිලිතුරක් නැත. මුළු මනුෂ්‍යය වර්ගයාම යක්ෂයාට අයිති වෙන්න තිබුණාය.

නමුත් අන්තිම ආදම් වරද්දගත්තේ නැත. අන්තිම ආදම් මරණය ජයගත් සේක.

අන්තිම ආදම්ට අපට ගැලවීම ලබා දෙන්නට පුළුවන්කම තිබුණි. උන්වහන්සේගේ ලේ වැගිරම තුළින් අපි සම්පූර්ණයෙන්ම මුදවා ගත් සේක.

යේසුස්වහන්සේ කාන්තාරයේදී දවස් හතලිහක් නිරාහාරයෙන් සිටිය කාලයේදි යක්ෂයා ගෙනා පරික්ෂා වලින් අන්තිම පරික්ෂාව වූයේ, මේ මුලු ලෝකයේ සියලු රාජ්‍යයන්ද, එහි ඓශ්වර්යයද උන්වහන්සේට පෙන්වා, “ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි” උන්වහන්සේට පැවසීමය. (මැතිව් 4:8-9)

යක්ෂයා යේසුස්වහන්සේවත් රැවටිල්ලට භාජනය කර, පළවෙනි ආදම් වරද්දගත් ආකාරයටම අන්තිම ආදම්වත් රවටා ගැනීමට උත්සාහ කළේය. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැත. යේසුස්වහන්සේ ජයගත් සේක.

සාතන් හෙරෝද් රජතුමාගේ සිතට ඇතුළුවී කුඩා දරුවන් මරණයට පත් කිරීමෙන්, යේසුස්වහන්සේ මරණයට පත් කිරීමට උත්සාහ දැරිය. නමුත් දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව ආරක්ෂා කළ සේක. (මතෙව් 2:13-18)

ඉන්පසුව පරික්ෂා තුලින් උන්වහන්සේව මරාදැමීමට උත්සාහ කලහ. අන්තිම උත්සාහය ලෙස සාතන් යූදස්ව පාවිච්චි කලේය. (යොහන් 13:27)

නමුත් යේසුස්වහන්සේ උන්වහන්සේගේ කැමැත්තෙන්ම මරණයට භාරවූ සේක.

ලූක් 22:3-4
එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය. ඔහු ගොස්, නායක පූජකයන්ට සහ අධිපතීන්ටත් උන්වහන්සේ පාවාදෙන්නේ කෙසේද කියා ඔවුන් සමඟ කථාකරගත්තේය.

සාතන් යූදස් තුලට ඇතුලුවී යේසුස්වහන්සේව පාවා දීමට පෙළඹ විය.


යේසුස්වහන්සේව නැති කලහොත් මනුෂ්‍යයන්ගේ අයිතිය ඔහුට ලැබී, ඔහුට රාජ්‍යයක් ලැබෙන්නේ යයි සාතන් සිතීය. පොළවත් අපායත් ඔහුට අයිති වේවියැයි ඔහු සිතීය.

“මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය” යේසුස්වහන්සේ පැවසූ නිසා (යොහන් 14:9) යේසුස්වහන්සේව වැටීමට සැලැස්වීමෙන් දෙවියන්වහන්සේත් මට නමස්කාර කරනු ඇතැයි ඔහු සිතන්නට ඇත.

නමුත් යේසුස්වහන්සේගේ ක‍්‍රියාකාරීත්වය තුළින් යක්ෂයාට මහත් පරාජයක් අත්විය. යේසුස්වහන්සේ ලැජ්ජාව දරාගෙන අප සමඟ සිට ගනිමින් උන්වහන්සේගේ ජීවිතය පූජා කර අපව මුදවා ගත් සේක.

යක්ෂයා යේසුස්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කල අවස්ථාවේදිත් යේසුස්වහන්සේ බොහෝසේ ඉවසිලිවන්තව ක‍්‍රියා කල සේක.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ අන්තිම විසදුම විය

අපට ගළවා ගත හැක්කේ යේසුස්වහන්සේට පමණය.

පිලිප්පි 2:6-8
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.

යේසුස්වහන්සේ කුරුසියේ මරණය දක්වා කීකරු වු සේක.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේමය. නමුත් උන්වහන්සේ මනුෂ්‍ය රූපය ගනිමින් උන්වහන්සේගේ මහිමවත් ස්ථානය ගැනවත් නොසිතා මනුෂ්‍යයන් මුදවා ගැනීමට තීරණය කල සේක.

අප සියළු දෙනාම ආදම් තුළ සිටියහ. නමුත් ක‍්‍රිස්තුස්වහන්සේව පිලිගත් පසු අපි යේසුස්වහන්සේ තුළ සිටි. දැන් අපට ආදම්ගේ ස්වභාවය නොව ක‍්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය ඇත.

දෙවියන්වහන්සේ ලේ වැගිරීමක් තුළින් අපව මිළදී ගත් සේක.

ලේ වැගුරවීමකින් තොරව පාපයට සමාවක් නැත කියා ලියා තිබේ. (හෙබ්‍රෙව් 9:22) අන්තිම පූජාවනම් යේසුස්වහන්සේය.

යේසුස්වහන්සේගේ කුරුසිපත් මරණයෙන් පසුව දේව මාලිගාවේ තිරය දෙකට ඉරී ගියහ. (මතෙව් 27:51) දැන් තවත් පූජාවක් අවශ්‍ය නොවේ.

උත්තම පූජකයන්ට ගෙන ඒමට තව පූජාවක් නොමැත. දැන් දෙවියන්වහන්සේ දේව මාලිගාවේ පමණක් නොව උන්වහන්සේ සෑම තැනකම සිටින සේක.

ඔබ යේසුස්වහන්සේ පිලිගත් කෙනෙක් නම් උන්වහන්සේ සිටින්නේ ඔබ තුළය.

දැන් අපට ගෙන එන්නට ඇති එකම පූජාව අපගේ ශරීරයයි. අපගේ තොල් වලින් උන්වහන්සේට ප‍්‍රශංසා පූජා කරමු.

රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.

ඔබගේ ශරීරය ජීවමාන පූජාවක් ලෙස ඔප්පූ කරන්න. උන්වහන්සේට අවශ්‍ය ජීවමාන පූජාවක්ය.

පරණ ගිවිසුමේ ඔප්පු කල පූජාවන් මැරුණාවු පූජාවන්ය.

යේසුස්වහන්සේ පූජාවූයේ ජීවමාන පූජාවක් ලෙසින්ය.

අපගේ ආශාවන් කුරුසපත් කර අප දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ ජීවමාන පූජාවක් වෙමු.

ඉරුදිනට පමණක් සීමා නොවු, වෙන්වී ගත කරන ජවිතයක්ය. ඔබගේ නිවසේ, වැඩබිමේ සෑම තැනම ජීවමාන පූජාවක් ලෙස ජීවත් වන්න.

අපගේ දුර්වල තැන් සාදා ගනිමු.

ස්වාමීන්වහන්සේ දෙස බලා සිටින්නන් ශක්තිමත් වේ යයි ලියා තිබේ (යෙසායා 40:31) එසේ ජීවත් වීමට උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටින්න

ඔබ වෙන්වු ජීවිතයක් ගත කරන විට ඔබට ආත්ම දිනා ගැනීමට හැකි වනු ඇත.

සාදාරණ සේවය යනු ඔබගේ නමස්කාරයයි.

ඔබ ශුද්ධව ජීවත් වීම උදෙසා උන්වහන්සේගේ ශරීරය කැඩුුනා වු බිදුනා වූ තත්වයට පත් කිරීමට උන්වහන්සේ ඉඩ හැරිය සේක.

එම නිසා අපව ශූද්ධවන්තයන් ලෙස ආමන්ත‍්‍රණය කරයි. ඔබගේ නාමය ශුද්ධවන්තයෙක් ලෙස විය යුතුයි.

එළිදරව් 4 වෙනි පරිච්ඡේදයෙන් පසු ඇදහිල්වතුන් හදුන්වන්නේ ශුද්ධවන්තයන් ලෙසය.

ශුද්ධවන්තයෙක් යන වචනය තුළින්ම අප තුළ දේව භයක් ඇතිවිය යුතුය.

අප දෙවියන්වහන්සේට කැප වී සිටියි. ලෝකයට අයිති නොවේ. අපගේ කථාව, හැසිරීම, වෙනස් විය යුතුයි. ලෝකාකාර පුරුදු අපගේ ජීවිතයේ තිබිය නොහැක.

මෙපමණ කලක් අපගේ ජීවිත පාලනය කලේ යක්ෂ්‍යාය. නමුත් දැන් අප ක‍්‍රිස්තුස්වහන්සේට අයත්ව සිටි.

අපගේ පරණ පුරුදු වල අප තවත් ජීවත්වන්නේ නම් අප ජීවමාන පූජාවක් නොවනු ඇත.

දෙවියන්වහන්සේට ගෞරවය මහිමය දෙන ජීවිතයක් අප තෝරා ගනිමු.

එපීස 2:1-3
නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.
අපි පාපයේ මැරී උදහසේ දරුවෝව සිටි නමුත් උන්වහන්සේ පිලිගත් කල අපට ජීවනය ලැබුනි.

පරණ දේවල් පහව ගොස් දැන් අපි නව මැවිල්ලක්ය.

අපි දැන් දෙවියන්වහන්සේ නමස්කාර කරන්නේ ආත්මයෙන් හා සැබෑකමින්ය. (යොහන් 4:24)

අපගේ ගමන ඇත්තේ ක‍්‍රිස්තුස්වහන්සේගේ කැමැත්තේ ප‍්‍රකාරයටය.

යක්ෂයාගේ උවමනාව කිතුණු භක්තිකයන් අල්ලා ගැනීමය. කිතුණු භක්තියට බොහෝ පරික්ෂා පැමිණෙන්නේ ඒ නිසාය.

පරික්ෂා මධ්‍යයේත් අප ශුද්ධව ජීවත් වීම තොරා ගනිමු.

ඔබ පරාජිතයෙක් ලෙස පෙන්වීමට යක්ෂයා බොහෝ සේ උත්සාහ කරයි.

ගීතාවලිය 8:3-5
ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.

අහස පොළව මැවු දෙවියන්වහන්සේ මනුෂ්‍යා ගැන මෙතරම් සිතන්නේ මන්ද? එතරම් උන්වහන්සේ මනුෂ්‍යයාට ප‍්‍රේම කරන නිසාය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යාව උන්වහන්සේට මදක් පමණක් පහත් කොට සෑදූ සේක.

දෙවියන්වහන්සේ අපව ඔසවා ක‍්‍රිස්තුස්වහන්සේට දකුණු පසින් අපව හිදුවා ඇත.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

යේසුස්වහන්සේ අපගේ මැදිහත්කාරයාණෝව සිටින සේක.

මහිමය සහ ගෞරවය නැමති ඔටුන්නෙන් අපව සරසා සියල්ල අපගේ පාද යටට දැමූ සේක. අපව ලෝකයේ පාලකයා ලෙස පත්කර ඇත.

ගීතාවලිය 8:5-6
ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.

යක්ෂයාටත් වඩා ඉහලින් දෙවියන්වහන්සේ අලංකාර මනුෂ්‍යයෙක් සාදා ඔහුට සියල්ල භාරදීම යක්ෂ්‍යාට පිලිකුල් කල දෙයකි.

ඔහු කෝපයට පත්ව ආදම්ව රවටා වරදට පමුණුවන ලදි.

යේසුස්වහන්සේවද රැවටීමට උත්සහා කළ යක්ෂයා අපවද රැවටීමට උත්සහ කරයි.

අප කෙරෙහී දෙවියන්වහන්සේගේ ඇති මහත් ප‍්‍රේමයත් අපගේ ගැලවීමේ විශාලත්වයත් එතුළින් පිළිබිඹුවේ.

උන්වහන්සේ අපව අදුරෙන් ආලෝකයට ගෙන ආ සේක. වහලුන් වූ අපව පුත‍්‍රයන් කර ඇත. අශුද්ධ ආත්ම වලින් නිදහස් කර ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුලට වගුරුවා ඇත.

යක්ෂයා තවමත් උත්සහා කරනුයේ අපව වට්ටන්නටය. අප දැන් සිටින්නේ ක‍්‍රිස්තුස්වහන්සේ තුලය. අපව පරාජය කළ නොහැක.

ආදම්ට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් තිබුණත් ඔහුගේ දුර්වලකම හේතුවෙන් ඔහු පරාජයට පත්විය.

දෙවියන්වහන්සේ සම්පූර්ණ පුද්ගලයෙක් ලෙස ආදම්ව සෑදුවත් පර්ක්ෂාවට ලක්වී ඔහු දුර්වල විය.

අපට පරික්ෂාවක් පැමිණෙන කළ ස්වාමීන්වහන්සේ අප සමඟ සිටින බව අප විශ්වාස කළ යුතුය.

සෑම පරික්ෂාවේදීම අප උන්වහන්සේගේ අනුග‍්‍රහය විශ්වාස කළ යූතුය.

2 කොරින්ති 12:7
තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.

සාතන්ගේ දුතයෙක් මාංශයේ උලක් ලෙස පාවුලු තුල තබුනි. එය කුරුසියක් ලෙස නොව සාතන්ගේ පීඩාවක් ලෙසය.

2 කොරින්ති 12:8-9
ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි. උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.

පාවුලු මෙම පීඩාව පහවෙන ලෙස යාච්ඤා කළත් දෙවියන්වහන්සේ “මාගේ කරුණාව (අනුග‍්‍රහය) නුබට සෑහේ” යැයි පැවසු සේක. (2 කොරින්ති 12:9)

පරික්ෂාව ජය ගන්නට උන්වහන්සේගේ අනුග‍්‍රහය අපට සෑහේ. අපගේ දුර්වල කමේදි උන්වහන්සේගේ බලය සම්පුර්ණ වන සේක.

මාගේ කැමැත්තේ බලයෙන් නොව ඔබවහන්සේගේ අනුග‍්‍රහයෙන්, බලයෙන් මට ජය ගත හැකියැයි අප පැවසිය යුතුය.

අප කළ යුතු දේ ගැන, වැළකිය යුතු දේ ගැන ස්වාමීන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටිමු.

යටි සිතින් අභ්‍යන්තරයෙන් අප ශුද්ධවන්තයෙක් ලෙස සිතමු.

ශුද්ධවන්තයෙක් යනු වෙන්වු භාජනයකි.
දෙවියන්වහන්සේට අවශ්‍ය අපව රක්ෂා කිරීමටයි.

යක්ෂ්‍යා ලෝකයේ දෙවියාවී මනුෂ්‍යයන්ගේ සිත් තුලට නපුර ඇතුල් කිරීමට උත්සාහ කරයි.

නමුත් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ඔබව ගලවා, ඔබව මුදවා, ඔබව නිදහස් කර ඔබව නව ජීවනයට රැගෙනවිත් ඇත.


Watch the Sermon Video

Read 10 times