+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

හන්නාගේ යාච්ඤාව - යෝෂා මනූ
June 15, 2025 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේගේ අභිමුඛයට පැමිණිය යුත්තේ කෙසේදැයි අප බලමු.

ගීතාවලිය 100:1-5

සියලු පොළෝවාසීන්ගේ නමස්කාරය.

1පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.

2ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණවේ.

3ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.

4ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුළ්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණවේ. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.

5මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයෙන් සදාකාලයට පවතී.

අප ස්තූති කරන්නේ, ප‍්‍රශංසා ගීතිකා ගායනා කරන්නේ ස්වාමීන්වහන්සේ යහපත් නිසාය.

හන්නා යාච්ඤා කරමින් ඉශ‍්‍රායෙල්වරුට අවශ්‍යව සිටි ආනාගතවක්තෘ කෙනෙකු බිහිකරන ලදි.

ඇයගේ අවශ්‍යතාවය පිරිමි දරුවෙකුය.

ස්වාමීන්වහන්සේට අවශ්‍යව තිබුනේ ඉශ‍්‍රායෙල්වරු මුඳවා ගැනීමට අනාගතවක්තෘ කෙනෙක්ය.

එල්කානා නම් මනුෂ්‍යයාට භාර්යාවන් දෙදෙනෙක් සිටින ලදි. ඒ හන්නා හා පෙනින්නාය. පෙනින්නාට දරුවන් සිටියත්, හන්නාට දරුවන් නොසිටින ලදි. (1සාමුවෙල් 1:1-2)

දරුවන් නොමැති ප‍්‍රශ්ණය නිසා හන්නා බොහෝ කණස්සල්ලෙන් පසුවුණි.

පෙනින්නා ඇයට වදනින් බොහෝ නින්දා අපහාස කරන ලදි. ඇයට මෙය මහත් ශෝකයක් විය. (1සාමුවෙල් 1:6-7)

එල්කානා ස්වාමීන්වහන්සේට නමස්කාර කිරීමට වසරක් පාසා දේව ගෘහයට යන ලදි.

ශෝකයෙන් සිටි හන්නා දෙවියන්වහන්සේට යාච්ඤා කරන ලදි.

ශෝකයෙන් පීඩාවෙන් සිටින කළ අපටද යාච්ඤා කළ හැකිය. යාච්ඤාවෙන් බොහෝ දේ වෙනස් කළ හැකිවේ.

දෙවියන්වහන්සේ ප‍්‍රශ්න කරදර එවන්නේ නැත.

අප නිතර සිටින්නේ දෙවියන්වහන්සේට ළං වීය, උන්වහන්සේ සිටින්නේ අපගේ හදවත තුළය. ප‍්‍රශ්නයකදී අමුතුවෙන් ළංවීමක් අවශ්‍ය නැත.

හන්නා ඇයගේ නින්දාවෙදී, ලැජ්ජාවෙදි, ශෝකයෙදී දෙවියන්වහන්සේට යාච්ඤා කළාය.

අපද ප‍්‍රශ්නයේදී දෙවියන්වහන්සේගේ පලා නොයා උන්වහන්සේ වෙතට ගොස්, උන්වහන්සේගේ වචනය, යහපත මෙනෙහි කරමු. ගැළවීමේ මාර්ගය උන්වහන්සේගෙන් විමසා සිටිමු.

හන්නා තුළ ඇයගේ ප‍්‍රශ්නයට පිළිතුරක් ලබා ගන්නවා යන අධිෂ්ඨානය තිබුණි.

ඇයට එල්කානාගේ ආදරය ලැබුණත්, එල්කානා ඇයට පූජාවෙන් දෙපංගුවක් දුන්නත් ඇයගේ අවශ්‍යතාවය එය නොවීය.

ඔබගේ ජීවිතයේ මුල් තැන දෙවියන්වහන්සේට දිය යුතුය. මන්ද ජීවිතයේ හිස් ස්ථානය පිරවිය හැක්කේ උන්වහන්සේට පමණි.

1 සාමුවෙල් 1:10
ඇගේ ආත්මය (ප්‍රාණය/මනස) ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.

අප තුළ තිබෙන්නාක් මෙන් හන්නා තුළ ශුද්ධාත්මය වැඩ වාසය නොකර ලදි.

අපට දුක ශෝකය අන්‍යභාෂාව තුළින් යාච්ඤා කරමින් දෙවියන්වහන්සේට ප‍්‍රකාශ කළ හැකිය.

පරණ ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ අවස්ථානුකූලව පැමිණ ක‍්‍රියා කර නැවත යන යදි.

ශෝකයෙන් පීඩිතවූයේය යන වචනයේ අර්ථ කිහිපයක්:
වේදනාවෙන්, කටුක, කෝපයෙන්, කිසි තෘප්තියක් නැතිව, හිත් වේදනා බරකින්] [ශෝකයෙන්, තද වේදනාවකින්, දුක්බරව, බොහෝසේ දුක්ඛිතව, කලබල වී, තැළුණු ආත්මයක් ඇතුව, බිඳුණු හදවතකින්, කටුක දුකක් විඳිමින්, හද ගැඹුරේ තිබුණේ වේදනාව, ප්‍රාණය තදබර ශෝකයෙන්, සුව නොවන තුවාලයක් මෙන්, කම්කටොලු වලින් පිරී සිටියා, මානසික පීඩනයෙන්, බොහෝ සෙයින් දුක්වූවා.

වේදනාව තුළ කෝපය තිබිය හැකිය. මහත් බරක් හදවතට දැනේ. යේසුස්වහන්සේ පැවසුවේ වෙහෙසවන්නාවු බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙත එන්න කියාය. (මතෙව් 11:28)

හන්නා යෙහෝවා දෙවියන්වහන්සේ වෙතට යන ලදි. ඇය සහනය ලබා ගැනීමට ගියේ සැනසිලිකරුතුමන් වෙතටය.

හන්නා තුළ මහත් මානසික පීඩනයක් තිබෙන්නට ඇත. ශරිරික වේදනාවට වඩා මානසික පීඩනය දරන්නට අසීරුය.

මානසික පීඩනයට පිළිතුරු ඇත්තේ යේසුස්වහන්සේ තුළ පමණි. ඕනෑම මානසික පීඩනයකින් අපව නිදහස් කිරීමට යේසුස්වහන්සේට පුළුවන.

අපගේ ඕනෑම ප‍්‍රශ්නයක් කරදරයක් යේසුස්වහන්සේ වෙතට ගෙනයමු. අපගේ ගැළවුම්කරුවාණෝ යහපත්ය. උන්වහන්සේ අපගේ උත්තම පූජකයාය.

පූජකවරු, අනාගතවක්තෘවරු සොයමින් මනුෂ්‍යයන් පසු පස නොයමු. මාර්ගයද, සත්‍යයද, ජීවනයද යේසුස්වහන්සේය. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ වෙතට පැමිණෙන්න කියාය. (යොහන් 14:6)

අපට දෙවියන්වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙත ළගාවිය හැකිය.

1 සාමුවෙල් 1:11
ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.

හන්නාගේ යාච්ඤාව කැපකිරීමේ යාච්ඤාවක්වුණි.

දෙවියන්වහන්සේ කවදාවත් අපව දාලායන්නේවත්, අතහරින්නේවත්, අමතක කරන්නේවත් නැත.

හන්නා පැවසුවේ ඇයට පිරිමි දරුවෙක් දෙන්නේ නම් ඇය දරුවා දෙවියන්වහන්සේට කැපකරන බවය.

ඇය පැවසුවේ ඇගේ දරුවා නාසරියෙක් කරන බවයි. දෙවියන්වහන්සේට කැපවූ කෙනෙක්. එවැනි අයගේ හිසට දැලි පිහියක් නොතබයි.

සැම්සන්ද මෙයාකාර කෙනෙකි. (විනිශ්චයකාරයා 13:5)

හන්නාට පුතෙකු ඕනෑ වුණා, දෙවියන්වහන්සේට අනාගතවක්තෘවරයෙකු ඕනෑ වුණා.

මෙම යාච්ඤාවෙන් දෙදෙනාගේම අවශ්‍යයතාවය ඉටුවේ.

බාරයක්වෙමින් යනුයේ, හන්නා දෙවියන්වහන්සේට යමක් දෙන්නට පොරොන්දු වුණා, යම් ත්‍යාගයක්, දීමනාවක් දෙන්ට කැප වුණා.

ඇය දෙවියන්වහන්සේට පැවසුවේ ස්වාමිනී ඔබවහන්සේ මා සිහිකරන්න කියාය.

ගීතාවලිය 25:6
ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය.

දෙවියන්වහන්සේගේ කරුණා ගුණයන් සදාකාලිකය. උන්වහන්සේට ඊයේ කළ දේ අද කළ හැකිය. අද කරන්නාවූ දේ හෙටද කල හැකිය.

හන්නා යාච්ඤා කලේ සේනාවල ස්වාමීන්වහන්සේ කියාය.

සේනාවල ස්වාමීන්වහන්ස යනුවෙන් දේව වචනයේ
270 වතාවකටත් වැඩියෙන් සඳහන් වේ.

එහි අර්ථය යෙහෝවා සැබොත්

යෙහෝවා සැබොත් යන්නෙන් අදහස් වන්නේ, මා වෙනුවෙන්ම සටන් කරන, ගණන් කළ නොහැකි බලවත් සේනාවක් ඇති ස්වාමීන්.

හන්නා ගියේ ඇය වෙනුවෙන් සටන් කළ හැකි දෙවියන්වහන්සේ වෙතටය.

අපටත් දෙවියන්වහන්සේගේ රැකවරණය ඇත.

හෙබ්‍රෙව් 12:22
නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන් වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,

සියොන් යනු දෙවියන්වහන්සේගේ අභිමුඛය තිබෙන ස්ථානයයි.

දෙවියන්වහන්සේ අප වටා දේවදූත සේනාවක් තබා ඇත.

රතු මුහුද අසලදී ඵාරාවෝ ඉශ‍්‍රායෙල් සෙනඟ ලුහුබැඳ එන අවස්ථාවේ මෝසෙස් පැවසුවේ ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා සටන් කරන බවයි.

නික්මයාම 14:14
ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.

ස්වාමීන්වහන්සේ අප උදෙසා සටන් කරනු ඇත. අපට තිබෙන්නේ උන්වහන්සේගේ රැකවරණයයි.

උන්වහන්සේ අප වටා දේවදූතයන් තබා අප යන එන තැන් ආරක්ෂා කරනු ඇත.

එලිෂාගේ දාසයා ගෙහාසිට එලිෂාට මෙන් දෙවියන්වහන්සේ සමඟ කිට්ටු සම්භන්ධයක් නොතිබුනි. ඔහු සියල්ල දෙස බැපුවේ මාංසාකාරවය. ඔහු සතුරු හමුදාව දැක භයවුණි. ඔහුගේ ප‍්‍රකාශය මාංසාකරය. එලිෂාගේ ප‍්‍රකාශය ගෙහාසිට වඩා වෙනස් වුණි. එලිෂා දෙවියන්වහන්සේට පැවසුවේ ගෙහාසිගේ ඇස් පාදන ලෙසය.

2 රාජාවලිය 6:17
එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.

අප වටාද ගණන් කළ නොහැකි දේව දූත රාශීයක් ඇත. මොන කාරණයකට වුවද අප භිය විය යුතු නැත.

හන්නා ආශීර්වාදයේ ජීවත්වන්නියක් බව දැන සිටින්නට ඇත. (ද්විතියකතාව 28: 1-14)

නව ගිවිසුම තුළ අපගේ ශාපය දරාගත්තේ යේසුස්වහන්සේය. (ගලාති 3:13)

හන්නා තුළ ශෝකය මෙන්ම කෝපයද තිබුණි. නමුත් ඇයගේ යාච්ඤාවේදී ඇය පෙනින්නාට සමාව දෙන්නට ඇත.

ඇයට අවශ්‍ය වූයේ ප‍්‍රශ්නයෙන් නිදහස් වෙන්නටය. වෛරයක් සිතේ තබා අපට යාච්ඤා කළ නොහැක. ඒ නිසා ඇය පෙනින්නාට සමාව දුන්නා විය හැකිය.

යේසුස්වහන්සේ පවසන්නේ යාච්ඤා කරන කළ ප‍්‍රථමව ගොස් වරද කළ අයට සමාව දෙන ලෙසය. (මාර්ක් 11:25)

හන්නා සමාව දීමට හිතින් නියමකර ගත්තා විය හැකිය.

නික්මයාම 23:26
නුඹේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.

ගීතාවලිය 113:9
උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

හන්නා යාච්ඤාවෙන් දරුවන් බිහිකරන බව විශ්වාස කරන ලදි.

ඇය ඇදහිල්ලේ වාක්‍යය පවසන්නට ඇත.

ද්වීතීය කථාව 7:14
නුඹ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. නුඹලා අතරෙහිද නුඹලාගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි

ගීතාවලිය 91:15
ඔහු මට යාච්ඤා කරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

ගීතාවලිය 25:18-22
මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව. මාගේ සතුරන් බැලුව මැනව, මක්නිසාද ඔව්හු බොහෝය; කෲරවූ වෛරයෙන් ඔව්හු මට වෛරවෙති. මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින් මම ලජ්ජා නොවෙම්වා. සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි. දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව.


Watch the Sermon Video

Read 51 times