+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

උන්වහන්සේගේ ගලායාමේ සැපයුම - මනූ මැතානි
May 22, 2022 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ මාගේ සැපයුම්කරු යන ස්තීර මනසකින් ඔබ සිටගැනීම අවශයයි.

හැමෝම කරන දේ ඔබ නොකරන්න.

දේව දරුවෙක් හැටියට පුත‍්‍රයෙක් හැටියට අප ජීවත්වන්නේ කෙසේද කියා ඔබ දැනගත යුතුයි.

1කොරින්ති 10:9

දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් සෙනඟ සමග ගිවිසුමක් සෑදුවා ඒ තැනැන්වහන්සේම අප සමගත් ගිවිසුමක් කර තිබෙනවා යේසුස්වහන්සේගේ ලේ තුළින්.

උන්වහන්සේ කවදාවත් වෙනස්වන්නේ නැත.

රෝම 6:14 අපි දැන් ව්‍යවස්ථාව යටතේ නොවෙයි සිටින්නේ. අනුග්‍රහය යටතේය.

අපගේ ජීවිතයේ පාපයට අධිපතිකම් දෙන්නට අවශ්‍ය නැත.

භය නොවී ඇදහිල්ලෙන් ජීවත් වන්න.

උත්පත්ති 15:1

උත්පත්ති 14:19
ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;

උත්පත්ති 14:20‭-‬21
20 නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.
21 සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට:

උත්පත්ති 14:22‭-‬23
22 මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර
23 නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට

ඔබ මූලාශ්‍රයට සම්බන්ධ වෙන්න. ස්වාමීන්වහන්සේ ඔබගේ මූලාශ්‍රයයි.

ඔබගේ රැකියාව, ඔබගේ උසස් වීම මනුෂ්‍යයෙකු කරන්න එපා.

උත්පත්ති 15:1
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.

මතෙව් 6:31
එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.

යෙරෙමියා 33:20-21
20 දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,
21 මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය.

මතෙව් 6:30 මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?

ඔබ ආශීර්වාද ලද්දෙකුය.

මතෙව් 6:31‭-‬32
31 එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. 32 මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.

ඔබගේ දෑත් සැකයක් නැතුව කෝපයෙන් තොරව ඔසවන්න.

ඔබගේ දෑත් ඇදහිල්ලෙන් හා ශශුද්ධකමෙන් ඔසවා නමස්කාර කරන්න.

පළමු කොට යන්නෙන් අදහස් කරන්නේ, ප්‍රධාන දේ, වැදගත්ම දේ, අවශ්‍යම දේ.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති රැකගන්න.

යක්ෂයාගෙන්, මාංශයෙන් හා දෙවියන්වහන්සේගෙන් අපට හඬ ඇසෙන්ට පුලුවන්.

රෝම 14:17 මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

රෝම 8:14-15
14 මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
15 මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

ස්වාමීන්වහන්සේ අපගේ සැපයුම්කරු.

මතෙව් 6:33
නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.

ක්‍රියා 14:15‭-‬17
15 මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.
16 උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක.
17 එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.

ක්‍රියා 17:23‭-‬24
23 මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශකරමි.
24 ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;

ක්‍රියා 17:24‭-‬26
24 ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;
25 උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.
26 උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.

ක්‍රියා 17:27‭-‬28
27 මෙසේ කළේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන්වහන්සේව සම්බවන ලෙස ඔවුන් තමන්වහන්සේව සොයන පිණිසය; එහෙත් උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක.
28 මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි නුඹලාගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ.

මතෙව් 6:33-34
33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.
34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

උත්පත්ති 15:1
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.

විපාක ලබා ගැනීමට අප දෙවියන්වහන්සේට කීකරුවිය යුතුයි

හිතෝපදේශ 10:22 ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

යෝබ් 36:11
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

1කොරින්ති 10:9-10
9 අපි ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය.
10 නුඹලා නොකොඳුරන්න, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.

ලෝකයා සමග ඔබ කොදුරන්න එපා

ගීතාවලිය 57:7 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය, මාගේ සිත ස්ථිරය. මම ගීතිකාකරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.

ගීතාවලිය 108:1-5
1දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.
2 වීණාව සහ මහා වීණාව පිබිදෙව්, මමද ඉතා අලුයම පුබුදින්නෙමි.
3ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
4මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.

5දෙවියන්වහන්ස, ඔබ ස්වර්ගවලට වඩා උසස්වුව මැනව. ඔබගේ මහිමයද මුළු පොළොවෙහි උසස්වේවා

ඔබගේ තොල් පාවිච්චි කරන්න උන්වහන්සේට මහිමය ගෞරවය පුදකරන්න.


Watch the Sermon Video

Read 433 times