+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන් අපගේ සැපයුම්කරුයි - යෝෂා මනූ
May 22, 2022 Sunday Sermon Notes

අප ජීවත්වන්නේ ස්වාමීන්වහන්සේගේ වචනයෙන්.

උන්වහන්සේගේ් වචනයේ තිබෙන ජීවන වචන අප ප‍්‍රකාශ කරමු, කථා කරමු, අපගේ ජීවිතයට ඇතුල්කර ගනිමු

ඔබ තවමත් ස්වර්ගීක ගමන් බලපත‍්‍රයක් රැගෙන නැතිනම්, නොමිලේ ස්වර්ගීක ගමන් බලපත‍්‍රය ලබා ගත හැකි ආකාරයත්, ස්වර්ගීක පුරවැසියෙක් වන්නේ කෙසේද කියාත් ඔබට දැනගත හැකිය.

ගැළවීම ලැබූ පසු අපට මේ ලොකයේ ස්වර්ගීක ජීවිතයක් ගත කිරීමට හැකිය. එයයි දෙවියන්වහන්සේගේ ආශ්චර්යමත් දේ.

මේ දේවල් දැන ගැනීමට ඔබට ස්වර්ගීක ගමන් බලපත‍්‍රය යන කුඩා පොත මහගු උපකාරයක් වනු ඇත.

දිළිදු ජීවිත තුළින් දෙවියන්වහන්සේට මහිමය ලැබෙනවායැයි සමහරු පවසති.

මට මුදල් ලැබුනහොත් මා අයහපත කරයි, මා යම් ඇබිබැහිවීම් වලට යොමු කරයි කියා ඔබ පවසනවානම්, එයට පිළිතුරු සපයා ගැනීමට සඵලත්වය පිළිබද බොහෝ මිනිසුන් විශ්වාස කරන බොරු 10ක් පොත ඔබට උපකාරිවෙයි.

දෙවියන්වහන්සේ පොහොසත්. මෙම බොරු 10 කියවා ඔබ එයින් නිදහස් වන්නේ නම් ඔබට ජීවිතයේ සාර්ථකත්වය, සඵලත්වය කරා ගමන් කිරීමට හැකිය.

උන්වහන්සේගේ කැමැත්ත මෙවැනි ආර්ථික කඩාවැටීම් ඇති කාලසීමාවකදී උන්වහන්සේ ඔබේ සැපයුම්කරුව සිටීමයි.

විවෘතවු ස්වර්ගීක කවුළු යටතේ ඔබට ජීවත්වීමට හැකිය.

විශ්වාස කළහොත් උන්වහන්සේ සපයාවි. උන්යහන්සේ යෙහෝවා යයිරා.

ඉශ‍්‍රායෙල් සෙනඟ රතු මුහුද පසු කර පොරාන්දු දේශයට යන අතරතුරදී ඔවුන්ට කාන්තාරයේ අවුරුදු 40 ගමන් කිරීමට සිදුවුයේ ඔවුන් දෙවියන්වහන්සේට විරුද්ධවූ නිසාත්, මෝසෙස්ට විරුද්ධවු නිසාත් නොඇදහිලිකාර පරම්පරාවක්ව සිටි නිසාත්ය.

එම පරම්පරාවෙන් නව පරම්පරාව හා පොරොන්දු දේශයට ඇතුල්විය හැකිවුයේ යෝෂුවා හා කාලෙබ්ට පමණි. ඒ ඔවුන් දෙදෙනාගේ විශ්වාසය නිසයි. (ගණන් කථාව 14:30-31)

මාරාහීදී ඉශ‍්‍රායෙල්වරු මෝසෙස්ට වතුර සම්බන්ධව මෝසෙස්ට විරුද්ධව කොඳුරන ලදි. නමුත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ අත්ත වතුරට දැමුවිට වතුර මිහිරි විය.

යේසුස්වහන්සේ කුරුසියේ ශාපය දරාගෙන අපගේ ජීවිතයේ තිත්තකම මිහිරි බවට පත්කළා. ගලාති 3:13

ඉශ‍්‍රායෙල්වරු නිතර කලබල වුනා. කෑම වලට පවා කෙඳුරුවා
නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට කෑම සැපවුවා.

දෙවියන්වහන්සේ ඕනෑම කෙනෙකුට සපයනවා.

ඔබගේ වචන පරිස්සම් කර ගන්න.

ගලාති 3:13

ගීතාවලිය 23:1

අප සැබෑවේ වචන කථාකළ යුතුයි.

ඔබ විශ්වාස කරන දේ ඔබට වෙන්ට යන්නේ.

මලාකි 3:7 අපි දෙන්නේ දෙවියන්වහන්සේටයි.

අකීකරු පුත‍්‍රයාගේ කථාවේ බාල පුත‍්‍රයා නැවත පැමිණි විට පියා ඔහුව සිටි ආකාරයෙන්ම පිළිගන්නා ලදි.

ඔහුට නැවත ලැබුනාවු දේවල්

මුදුව - ආධිපත්‍යය නැවත ලැබුනා

වස්ත‍්‍රය - ධර්මිෂ්ඨකමේ වස්ත‍්‍රය ලැබුනා / රාජකීය පූජකත්වය නැවත ලැබුනා

වහන් - පියා සමඟ සමාදානය පිහිටුවනු ලැබුවා.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප සඵලවයෙන් ජීවත්වීමයි.

මලාකි 3:7 - අප ස්වාමීන්වහන්සේ වෙත පැමිණිය යුතුයි.
යේසුස්වහන්සේ මාගේ ස්වාමීන්ය යන්නෙන් අදහස් වන්නේ මම උන්වහන්සේට අයිතියි කියාය.

අප කීකරුවී දෙවියන්වහන්සේගේ වචනය පිළිපදින විට උන්වහන්සේ අපට උපකාර කරනවා.

මලාකි 3:7-11

උන්වහන්සේව සෝදිසිකර බලන්න දෙවියන්වහන්සේ ඔබට නොදෙනවාද කියා.
දෙවියන්වහන්සේගේ සැපයීමේ අඩුවක් නැත.

අප නොමසුරුව වැපුරුවහොත් නොමසුරුව කපා ගන්නවා.

දේව දරුවන්ට ඇස්වහා වදින්නේ නැත. භය වෙන්ට එපා.

විශ්වාසවන්ත කෙනාට දෙවියන්වහන්සේ වැඩි වැඩියෙන් දෙන්ට යනවා.

දීමෙන් අප ආශීර්වාද ලබනවා.
Watch the Sermon Video

Read 436 times