+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය අපගේ යාච්ඤාවට ගැලපෙන ලෙස වෙනස් කරන්නේ නැත - මනූ මැතානි
May 29, 2022 Sunday Sermon Notes


දෙවියන්වහන්සේට ඕනේ වුනේ මනුෂ්‍යයා සමඟ ගිවිසුමක් ඇති කරන්නටයි.

ගීතාවලිය 89:34 මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ධර්මිෂ්ඨකමේ පරම්පරාවක් බිහි කරන පිණිසයි.

මලාකි 2:15 ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.

දේව භයක් අපගේ දරුවන්ට කියා දිය යුතුයි

හෙබ්‍රෙව් 10:16 ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට:

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය වෙනස් කරන්නේ නැත.

හිතෝපදේශ 28:4 ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.

ගීතාවලිය 22:3

කිතුනු ජීවත ගමන ජයග්‍රාහී ජීවිතයක්.

රෝම 8:18 මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.

මේ ලෝකයේ තිබෙන තාවකාලික දේවල් අපට දෙවියන්වහන්සේගේ සදාකාලික දේවල් සසඳන්නට නොහැකියි.

ගීතාවලිය 103:5 රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.

යාකොබ් 3:2 මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.

නික්මයාම 23:25

අපේ අනාගතය තිබෙන්නේ අපගේ දිවේ, දෙවියන්වහන්සේගේ අතේ නොවේ.

1 සාමුවෙල් 8:5 ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය.

1 සාමුවෙල් 8:6‭-‬7

6 එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.

7ස්වාමීන්වහන්සේද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.

යෝෂුවා 23:11-13

11 එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.

12 මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්,

13 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.

යොහන් 14:21

ද්විතීය කතාව 7: 2-4 

2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.

3 ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.

4 මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.

2 කොරින්ති 6:17-18

17 එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,

18 නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

හිතෝපදේශ 28:9 ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.


Watch the Sermon Video

Read 392 times