+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව භය සඵලත්වය ගෙන දෙයි - යෝෂා මනූ
June 19, 2022 Sunday Sermon Notes

 

අපට සටනක් තිබෙන්නේ මේ පොළොවේ. අපගේ මනස යුධ බිමයි. ස්වර්ගයේ අපට කිසි සටනක් නැහැ.

මේ ලෝකයේ ඉන්න තුරු අපි සතුරාගේ ක්‍රියා ජයගමු.

දේව වචනය ප්‍රකාශ කිරීම පොත

අපට ජයග්‍රාහී ජීවිතයක් ගත කිරීමට උපකාරී වන පියවර 4ක්

අපි මුළා නොවී ජීවත් වෙමු.

අපි නොකැළඹී සිටිමු

අපි ඉගෙන ගත් දේවල් තුළ නොකඩවා පවතිමු.

අපි දේව වචනය දැන ගමු.

යොහන් 8:31-32 එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

අපි නිදහසට කරුණු නොදී දේව වචනයට කාලය දෙමු.

අපව කැඳවා ඇත්තේ ගෝලයන් ලෙසයි. ඒ නිසා මේ සත්‍යය දැනගැනීමෙන් ස්වාමීන්වහන්සේ අපව නිදහස් කරනසේක.

යොහන් 8:36 එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස් වන්නහුය.

අපි දෙවියන්වහන්සේගේ සෙනඟ ලෙස සභාව තුළ දේව භය තිබිය යුතුයි.

දේව භය තිබීමෙන් අපට සඵලත්වයෙන් ජීවත් විය හැකියි.

හිතෝපදේශ 22:4
යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.

දෙවියන්වහන්සේට සේවය කිරීමෙන් අපට උන්වහන්සේ විපාක දෙනු ලබනවා.

අපට දෙවියන්වහන්සේ සමාදානය විපාකයක් ලෙස දී තිබෙනවා.

යටහත් පහත්කම යනු, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිව්‍යමය වූ මෘදු මොළොක් ගුණාංගය ඇතුව සිටීමයි.

මතෙව් 11:28-39 වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

අපි නිදහස්කම ඇතුව ස්වාමීන්වහන්සේ නමස්කාර කරමු.

වියගහ යනු, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීම, එය පිළිගෙන අපි ඉගෙන ගමු.

එබැවින් යටහත් පහත්කමෙන් නිහතමානීකමෙන් - දේව භය, ගරුබිය ඇතුව සදාචාරාත්මකව අපි අපගේ ජීවිත ගත කරමු.

මේ තුළින් අපට විපාක ලැබෙනවා.

දේව භය ඇතුව සිටීමෙන් අපට වස්තුවත් ගෞරවයත් ජීවිතයත් දෙනු ලබනවා.

පිලිප්පි 4:19 ස්වාමීන්වහන්සේගේ කැමැත්ත අපට කිසි අඩුවක් හිඟයක් නැතිව උන්වහන්සේගේ තේජස් මහිමේ ප්‍රකාරයට සැපයීමයි.

අපගේ ජීවිතය උන්වහන්සේට පූජා කිරීමෙන් අප විපාකයක් ලෙස ජීවිතය, ධනය, සම්පත, තේජාන්විත බහුලත්වය සඵලත්වයද සහ ගෞරවයද දෙනු ලබනවා.

ගීතාවලිය 34:9-10
9 ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට භයවව්. මක්නිසාද උන්වහන්සේට භයවන්නන්ට කිසි හිඟයක් නැත.
10 තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.

ගීතාවලිය 23:1 පවසන්නේ ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය මට කිසි හිඟයක් නැත.

අපි උන්වහන්සේගේ ශුද්ධවන්තයන්. අපි ශුද්ධකමෙන් ජීවත් වෙමු. ස්වාමීන්වහන්සේගේ සැපයීම ලබා ගමු.

මේ අනුව ජීවත් වීමෙන් ස්වාමීන්වහන්සේගේ සැපයීම ලබමු.

ගීතාවලිය 23:5 මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.

ශුද්ධ කරනු ලැබූ සියල්ලන්ට දෙවියන්වහන්සේ භෝජන සංග්‍රහයක් පිළියෙල කර දෙනු ලබනවා.

ගීතාවලිය 112:1‭-‬3
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දෙකුය.

ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ අය භාග්‍යවන්තයන්.

ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය. සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.


Watch the Sermon Video

Read 399 times