+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ගැළවීම ලැබූ අයගේ පළමු ආශාව - මනූ මැතානි
June 19, 2022 Sunday Sermon Notes


මේ පොළොවේ ඔබට පුලුවන් ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න.

අපට දෙවියන්වහන්සේ නිදහස් කැමැත්තක් දී තිබෙනවා හරි දේ තෝරා ගන්නා පිණිස.

ආත්මික තලයේ අපි ජීවත් වෙමු.

එපීස 5:15-16 ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.

එපීස 5:17 මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ ප්‍රඥාවයි.

බලකොටු කෙනෙකුගේ මනස තුළ සෑදෙන්නේ කාලයක් ගත වීමෙන් පසුවයි.

2 කොරින්ති 10:3 මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

ගලාති 5:7‭-‬8 නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද? ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය.

පරීක්ෂාවන් වලට ඇතුල් නොවී සිටින පිණිස යාච්ඤා කරන්න.

ගලාති 5:9 මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය.

කුඩා දේවල් වලින් විශාල දේවල් හට ගන්නේය.

2 කොරින්ති 10:4 (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

එපීස 5:7‭ එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න.

ගීතාවලිය 119:11 ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

ගීතාවලිය 119:9 තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

දේව වචනය තුළින් මා පාපය පරාජය කරන්නෙමි.

දෙවියන්වහන්සේගේ අලංකාරභාවයයි අපව අලංකාර කරන්නේ.

එපීස 5:6 හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

දේව රාජ්‍යය පළමුකොට සොයන්න අනෙකුත් දේවල් ඔබේ ජීවිතයට එකතු වනු ඇත.
මතෙව් 6:33

1 කොරින්ති 1:25 මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.

යේසුස්වහන්සේගේ කුරුසපත් වීම මනුෂ්‍යයන් ඉදිරියේ මෝඩකමක් ලෙස පෙණුනද දෙවියන්වහන්සේ ඒ පූජාව පිළිගත් සේක.

1 යොහන් 4:4 මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

අපි ජීවත් වන්නේ දෙවියන්වහන්සේගේ බලයෙන්, හා ප්‍රඥාවෙන්.

1 කොරින්ති 3:18 කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.

යාකොබ් 1:22 නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

එපීස 5:6 හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

දෙවියන්වහන්සේගේ මුලු වචනය අනාගත වාක්‍යයක්.

2 තෙසලෝනික 2:9‭-‬10 ඔහුගේ ඊට සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්යවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද, විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.

එපීස 5:7 එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න.

එපීස 4:27‭-‬28 යක්ෂයාට ඉඩ නොදෙන්න. සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.

ගලාති 6:10 එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.

ඔබ ජීවත් වන්නේ ඇදහිල්ලෙන්.

දේව කැමැත්ත ඔබ දියුණු වීමයි, සඵලවීම.

එපීස 5:8 මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.


Watch the Sermon Video

Read 318 times