+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රඥාවන්තයා දේව භයින්
නපුරෙන් වැලකී සිටී - යෝෂා මනූ

July 3, 2022 Sunday Sermon Notes

 

ඇදහිල්ලේ මූලික පියවර පොත

ඇදහිල්ලේ ගමනේ කර්තෘ යේසුස්වහන්සේය, උන්වහන්සේ අපට මේ ඇදහිල්ලේ ගමන ගමන් කරන්නට මඟ පෙන්වා දෙයි.
1 වන පියවර නම්, අපි දෙවියන්වහන්සේගේ ජයග්‍රාහී වචනය සමඟ එකඟ වී ජීවත් වීම.

2 වන පියවර නම්, දේව වචනය විශ්වාස කර ඒ මන ක්‍රියා කිරීම.

අපි මේ වචනය සමඟ එකඟ වී එයට කීකරු විය යුතුය. ඒ අනුව ක්‍රියා කළ යුතුයි.

3 වන පියවර දේව වචනය අපගේ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි.

අපගේ ජීවිතයේ වෙනස් වුණාට පසු, අපි නව මැවිල්ලක් වූවාට පසු, දේව වචනයෙන් අපගේ ව්‍යවාහරය, කතා විලාශය වෙනස් කර ගැනීම ඉතා වැදගත්.

දේව වචනයෙන් පරණ විදිහට කතා කළ ආකාරය වෙනස් කරමින් සත්‍ය වචනය කතා කරන්ට පුරුදු පුහුණු වෙමු.

මේ වචනය අපගේ මුඛයෙන් කතා කරන විට අපගේ මනසේ පරන අදහස් සිතුවිලි අපට වෙනස් කර ගන්නට හැකි වේ.

විවාහ මංගල්‍යයේ ගිවිසුම පොත

දෙදෙනෙක් විවාහ වන විට ඔවුන්ගේ විවාහය ආරම්භ කළ යුතු වන්නේ ආශීර්වාද කිරීමෙන්.

දේව භයින් ජීවත් වීම තුළින් අපට නිදහස් ජීවිතයක් ගත කරන්නට පුලුවන.

දේව භය තිබීමෙන් අපට නිදහස්කමේ ජීවත් වන්නට හැකි වෙනවා.

දෙවියන්වහන්සේට අපගේ මුල් ප්‍රේමය දීමෙන් අපි ශුද්ධකමෙන් ජීවත් වෙන්නට තීරණය කරමු.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

දැන් අපි සිටින්නේ ආලෝකයේ, ඒනිසා ආලෝකයේ දරුවන් මෙන් අපි ජීවත් වෙමු, හැසිරෙමු.

පරණ පුරුදු අපි යේසුස්වහන්සේ තුළින් ජය ගමු.

අපගේ ජීවිතයට හොඳ පුරුදු එකතු කර ගමු. එවිට දේව කරුණාවෙන් අනුග්‍රහයෙන් අපට ජීවත් වන්නට හැකිවේ.

යෝබ් 28:28
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

ලෝකයාගේ ප්‍රඥාව නම්, අශුද්ධකමේ ශාපයේ පරාජිතකමේ ජීවත් වීමයි.

නව මැවිල්ලක් වූවායින් පසු අපි දේව හඬ අසමින් උන්වහන්සේ සමඟ සම්බන්ධකමකට ඇතුල් වී, අපි අලුත් ආත්මික තලයකට ඇතුල් වෙන්නෙමු.

අපි දිව්‍යමය ප්‍රඥාව ඇතුව ජීවත් වෙමු.

නුවණ නම්, අපි නපුරෙන් වැලකී සිටීමය.

ඥාණවන්ත මනුෂ්‍යයා තමාගේ ජීවිතයේ හොඳ තෝගැනීම් කරන්ට පටන් ගනී.

"මම නපුරෙන් වැලකී සිටීමෙන් අපට දේව ආරක්ෂාව ඇතුව සිටිය හැකියි.

මේ "නපුරු" යන වචනය ආරම්භ වන්නේ උත්පත්ති කතාවෙන්.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට පැවසුවේ තහනම් කල, යහපත සහ නපුරු ගහෙන් නොකන්න කියා.

එම වචනයමයි මේ යෝබ් පදයේ සඳහන් වන්නේ. නපුරෙන් වැලකී සිටීම.

නපුර යන වචනයේ තවත් අර්ථයක් වන්නේ විපත.
දෙවියන්වහන්සේ ආදම්ට කීවේ මේ විපත්ති ගහෙන් ඵල කන්ට එපාය කියාය.

උත්පත්ති පොතේ 2:9,17, 3:5 මේ නපුරු ගහ සම්බන්ධව කතා කරයි.

ඉශ්‍රායෙල් සනඟට දෙවියන්වහන්සේ පැවසුවේ, ඔවුන්ව කිරි සහ පැණියෙන් උතුරා යන දේශයකට ගෙනෙන බවයි.

මේ සෙනඟ වහල්භාවයේ වසර 400 කට අධික කාලයක් සිටි නිසා ඔවුන් තුළ තිබුණේ වහල්කමේ මනසක්.
ඒ අයට ඇදහිල්ලෙන් ක්‍රියා කරන්නට බැරි වුනේ ඒ නිසයි. ඒ සෙනඟට කිසි ඇදහිල්ලක් තිබුණේ නැත.

නික්මයාම 23:1
බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.

නික්මයාම 23:2 නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න.

බොහෝ සෙනඟ තුළ අද අපි දකින්නේ නපුරා ක්‍රියා කරන ආකාරයයි.

නපුරක් කිරීමට සමූහයක් අනුව අපි නොයා යුතුයි.

වැඩි සෙනඟක් යම් දේවල් කරත්, ඔබ හරිදේ කරන්ට තනිවම හිට ගත යුතුය.

මේ නපුරාගේ නපුරු ප්‍රවෘත්ති නැතහොත් ක්‍රියා පතල නොකර සිටිමු.

ඒ තුළින් අපට නොඇදහිලිකාරකම, භය ඇති වෙනවා, අපි කනස්සලු වෙන්ට පටන් ගන්නවා, කරදර වෙනවා.
අපි නපුරා සමඟ එකඟ නොවෙමු.

ගීතාවලිය 112:1
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දෙක්ය. (භග්‍යවන්තයෙකුය)

ගීතාවලිය 112:6 මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.

මේ ආශීර්වාද ලත්, ධර්මිෂ්ඨ කෙනා ජීවත් වන්නේ ස්ථීර වූ නොසෙලවන්නා වූ පරවතයක් මතයි.

මතෙව් 7:24-28 කියවන්න

මනුෂ්‍යයන් දෙදෙනෙක් තමුන්ගේ
නිවස් ගොඩ නගා ගත්තෝය.
එක්කෙනෙක් වැලි මත අනෙක්කෙනා පර්වතයක් මත තමුන්ගේ නිවස් තනා ගත්තෝය.

පර්වතය මත නිවස තැනූ කෙනා වචනය අසා පිළිපදිමින් එය තමාගේ ජීවිතයට අදාල කරගෙන ගොඩනගා ගත්තේය.
නුවණ ඇතුව සිටි කෙනා මොහුය.

වැලි මත නිවස තැනූ කෙනා වචනය ඇසූ නමුත් එය පිළිනොපදිමින්, ක්‍රියාවට දමන්නේ නැතිව තමාගේ ජීවිතය ගත කළේය. නුවණ නැති කෙනා මොහුය.

වැසි වැස්සා, ජලය ගැලුවා, හුළඟ හැමුවා. ප්‍රශ්න, කරදර, පීඩා සහ පරීක්ෂා එක හා සමානව නිවස් දෙකටම පැමිණියා.

මේ නිවස් දෙකේ වෙනස දකින්නට පුලුවන් වුනේ කුණාටු පැමිණි විටයි.

පර්වතය පිට පිහිටා තිබුණු නිවස කඩා වැටුණේ නැත. මන්ද ඔහු අත්තිවාරමක් මත ගොඩ නැගූ නිසයි. නුවණ ඇති මනුෂ්‍යයා මොහුට සමානකරනු ලබන්නේය.

නුමුත් වැලි මත්තෙහි තැනූ කෙනාගේ නිවස කඩා වැටුණේය. මන්ද ඔහු අත්තිවාරමක් මත ගොඩ නගා තිබුණේ නැත. නුවණ නැති මනුෂ්‍යයා මොහුට සමානකරනු ලබන්නේය.

එක්කෙනෙකු වචනය අසා පිළිපැද්දා අනෙක් කෙනා වචනය අසා පිළි පිළිපැදුවේ නැත.

දෙවියන්වහන්සේ සමග සම්බන්ධකමක් ගොඩනගාගත් මනුෂ්‍යයා කිසි දෙයකටවත් සැලෙන්නේ නැත.

ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.

දෙවියන්වහන්සේ ඔහුව කිසිදා අත් හරින්නේ නැත. ඔහු ගැන දෙවියන්වහන්සේ නිතරම සිහි කල්පනාවෙන් සිටී.

ගීතාවලිය 112:7 ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.

මේ වචන අපගේ ප්‍රකාශයෙන් නිතරම අපේ සිතට ඇතුල් කර ගනිමු.

මේ නරක ආරංචි නිතරම ගෙන එන්නේ භය. ඉන්පසු අපි කනස්සලු වී, වියවුල් වන්නේය.

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

මේ ධර්මිෂ්ඨයාගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.

ඔහු කාලයෙන් කාලයට වෙනස් වන්නේ නැත.

ගීතාවලිය 112:8
ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය.

යෙසායා 26:3 ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි. හිතෝපදේශ 14:16

ගරු බියෙන් සිටින කෙනා භයව නපුරෙන් ඉවත්වෙයි.

ගීතාවලිය 34:14
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.

දෙවියන්වහන්සේ අපට අණ කරනවා නපුරෙන් ඉවත්වන්න.

නපුරාගේ ක්‍රියා අපි අයින් කරමු.


Watch the Sermon Video

Read 389 times