+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි- යෝෂා මනූ
July 10, 2022 Sunday Sermon Notes

 

දේව වචනය අපගේ ජීවිතයට දිනපතා අපි අදාල කර ගැනීම ඉතා වැදගත්.

අපි දකින දෙයින් නොසැලී දේව හඬ අසමින් ජීවත් වෙමු.

මේ වසරේදි අපි බලවත් වන පිණිස ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනගා ගත යුතුයි.

බයිබලයේ පවසන්නේ, "මාගේ බැටළුවන් මාගේ හඬ අසති" යනුවෙන් නිසා අපට දෙවියන්වහන්සේගේ හඬ අපට ඇසෙනවා. යොහන් 10:27

අපි උන්වහන්සේ මග පෙන්වන ආකාරයට ගමන් කරමු.

හිතෝපදේශ 24:10 නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

විපත්ති වලට මුහුණ දෙන්නට පුලුවන් වන පිණිස අපි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩ නගා ගනිමු.

විපත්ති දවසේදී අපි උන්වහන්සේගේ නාමය තුළ සැඟවෙමු. උන්වහන්සේගේ නාමය බලවත් පවුරක් ලෙස අපව සඟවා තබනවා. ඒ නාමය අපට ආරක්ෂාව සලස්වා දෙනවා.
හිතෝපදේශ 18:10

දෙවියන්වහන්සේගේ වචනය අපි පිළිගනිමු, අපි විශ්වාස කරමු.

පොත් 2ක් ගැන දැනුවත් කිරීම:

දේව පොරොන්දු යාච්ඤා කිරීම.

අපි මේ වචනය දැනගෙන අඑත් අය සමඟත් බෙදාගනිමු.

අපට ගැළවීම පිළිබඳ සහතිකයක් තිබිය යුතුයි.

සදාකාල ජීවනය ගැන අපට සහතිකයක් තිබිය යුතුයි. සදාකාල ජීවනය උන්වහන්සේ අපට දීමනාවක් ලෙස දී තිබෙනවා.

මේ ගැළවීම ලබා ගෙන අපට ජයග්‍රහයෙන් ජීවත්වන්නට හැකි වෙනවා.

අපගේ ජීවන රටාව වෙනස් වූවායින් පසු අපගේ වචන, කතා විලාශය වෙනස් කර ගත යුතුයි.

දෙවියන්වහන්සේ මගේ පියාණන් බව මට සහතිකයක් තිබිය යුතුයි.

යේසුස්වහන්සේ පැවසුවේ, "මම මාගේ පියාණන්වහන්සේ හා ඔබගේ පියාණන්වහන්සේ, මාගේ දෙවියන්වහන්සේ හා ඔබගේ දෙවියන්වහන්සේද වෙතට නැවත යමි යැයි කීසේක.
යොහන් 20:17

යේසුස්වහන්සේ මේ පොළොවේ සිටිය කාලය තුළ පියාණන්වහන්සේ සමඟ නිතරම සම්බන්ධමක් ඇතුව ගමන් කළා.
ඒ තුළින් උන්වහන්සේ ජයග්‍රාහී ලෙස ජීවත් වුණා.

මම දේව දරුවෙකු බව මට ඇති සහතිකය. මගේ පියාණන් මට සෑම දවසකම පෝෂණය ලබා දෙනවා.

යේසුස්වහන්සේ මගේ ස්වාමීන් බවට මට ඇති සහතිකය.
රෝම 10:8-10 හි ප්‍රකාශය කළාට පසු උන්වහන්සේ අපගේ ස්වාමීන් ලෙස පිළිගත්තා. ඒ ප්‍රකාශයෙන් අර්ථත් වන්නේ මගේ මුලු ජීවිතයම ඔබවහන්සේට භාරයි.

උන්වහන්සේ අපට මග පෙන්වන්නට, සපයා දෙන්නට, ප්‍රඥාව ලබා දෙන්නට විශ්වාසවන්තව සිටිනසේක.

මම පාපයෙන් ජයගෙන ඇති බවට මට ඇති සහතිකය.

මගේ අතින් පාපයක් සිදුවූවහොත් මා කළ යුත්තේ කුමක්ද? 1 යොහන් 1:9 පදය අනුව මම වැරැද්දක් කරහොත් සමාව ලබා ගත හැකිය.

මේ විශ්වාසය අපට තිබිය යුතුයි. නැතහොත් අපි ජීවත් වන්නේ දොස්පැවරීමෙන් හා වරද තැබීමෙන්.

ශුද්ධාමයාණන් තුළ බව්තීස්මය ලබා ගැනීමෙන් අපට මේ පොළොවේ ජයග්‍රාහී ලෙස ජීවත් විය හැකියි.

ප්‍රඥාවන්තයා දේව භයින්
නපුරෙන් වැලකී සිටී

ගිය සතියේ අපි බැලුවා….
යෝබ් 28:28
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

ගැළවීම ලැබුවාට පසු යේසුස්වහන්සේ වැඩවාසය කරනවා. දේවත්වය අප තුළයි. අප තුළ දේව භය තිබිය යුතුයි. මන්ද අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

1කොරින්ති 6:19-20
19 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?
20නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

මේ මාළිගාව ශුද්ධව පවිත‍්‍රව තබා ගැනීම අපගේ යුතුතමයි.

හිතෝපදේශ 19:23
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.

විපත යනු - සෑම නරක දෙයක්, පීඩා, ශෝකය, දුක, වේදනා, කරදර විඳීම.

තෘප්තිය යන වචනයේ තවත් අර්ථ නම් ප්‍රසන්න වූ ජීවිතයක් ගත කිරීම බහුල වූ අධික වූ ජීවනය භුක්ති විඳීම.

අපි ජීවනය භුක්ති විඳින්නේ ජීවන වචන කථා කිරීමෙන්. මරණීය වචන අපේ ව්‍යවහාරයෙන් ඉවත් කරමු

කොහොමද අප දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රසන්න ජීවිතයක් ගත කරන්නේ. ඇදහිල්ලෙන් ජීවත්වීමයි.

හෙබ්‍රෙව් 11:6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

ඇදහිල්ල ඇති වන්නේ වචනය ඇසීමෙනී

රෝම 10:17
මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

යොහන් 10:10
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

හිතෝපදේශ 18:21
මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

මලාකි 3:13 -18
13නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය. 14නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද? 15එබැවින් උඩඟු තැනැත්තෝ ආශීර්වාදලද්දෝය යයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය. 16එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය. 17ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. 18එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.

අපගේ වචන හා සිතුවිලි ඉතා වැදගත්.

අපගේ කථා කරන දේ ස්වාමීන්වහන්සේ කන්දී අසා සිටිනවා.

අපගේ වචන ස්වාමීන්වහන්සේ සිහිවීමේ පොතේ ලියනු ලබනවා.

පීඩා පරික්ෂා කාලයේදීත් දෙවියන්වහන්සේ විශ්වාස කරගෙන, දෙවියන්වහන්සේට මහිමය දෙමින් අපගේ ජීවිතය උන්වහන්සේ ඉදිරියේ තෘප්තිමත්ව පී‍්‍රතියෙන් ගත කරනවා නම් දෙවියන්වහන්සේ අනිවාර්යෙන්ම අප ගැන යහපත සිතනවා.

ඉශ‍්‍රායෙල් සෙනඟ කාන්තාරයේදී දෙවියන්වහන්සේගේ යහපත කථා නොකර කොඳුරා විනාශයට පත්විය.

වචනය අසා පිළිපදින්නෝ බවට පත්වන්න.

මතෙව් 7:24-29 වචනය අසා පිළිපදින්නා හා නොපිළිපදින්නා අතර වෙනස පැහැදිලිව සඳහන් කර ඇත.


Watch the Sermon Video

Read 386 times