+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලට අවශ්‍ය කරන්නේ ඔබේ හදවත සහ ප්‍රකාශය- මනූ මැතානි
July 10, 2022 Sunday Sermon Notes


අප සැබෑ දේව දරුවෙකුනම් අපගේ එක් එක් තලෙන්ත හැකිවාවන් මගින් මම දෙවියන්වහන්සේට සේවය කරනවා යන හදවතේ ආශාව අප තුළ තිබිය යුතුයි.

අප දෙවියන්වහන්සේට පේ‍්‍රම කරනවා නම් අනිවාර්යෙන්ම අප උන්වහන්සේට සේවය කරනවා.

2 කොරින්ති 3:6
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

ආත්මය අපව ජීවත්කරකනවා

දේව වචනයේ සියල්ල සටහන් කර තිබෙනවා. මනුෂ්‍යයන්ගේ යහපත් සහ අයහපත් ක්‍රියා සඳහන් වී තිබෙනවා. නමුත් අපි හරියාකාරව දේව වචනය වෙන් කර දැන ගත යුතුයි.

දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත්වන සෑම දෙනාම උන්වහන්සේගේ සේවකයෙක්වෙයි.

දෙවියන්වහන්සේ ලබාගත් විශාලම ජයග්‍රහණය නම් යේසුස්වහන්සේගේ කුරුසපත්වීම.

අපි උන්වහන්සේට උසස්ම, විශිෂ්ඨම දේ දෙමු.

අප කරන සෑම සේවයකටම දෙවියන්වහන්සේගේ විපාක තිබෙනවා.

1 පේතෘස් 4:1‭-‬2 ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

හිතෝපදේශ 16:2 මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.

ඉශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවේ රජ කෙනෙක් නමුත් උන්වහන්සේ කැමැත්තෙන් සිටියේ අනාගතවක්තෘවරුන්, පූජකවරුන් හා ලෙවිවරුන් තුළින් මනුෂ්‍යයන්ට කතා කර මග පෙන්වන්නටයි.

1 සාමුවෙල් 16:7 නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.

සාවුල් රජ දෙවියන්වහන්සේට විරුද්ධව බොහෝ වැරදි ක්‍රියා කළා.

හිතෝපදේශ 21:2 මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.

ඔබ දෙවියන්වහන්සේගේ යමක් කරනවිට එය හදවතින්ම කරන්න.
දෙවියන්වහන්සේ බලන්නේ අපගේ හදවත.

කොලොස්සි 3:23 නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,

හිතෝපදේශ 6:30‭-‬31 හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති. නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.

අහිමිවු නැතිවු දේට කනස්සලු වෙමින් ලතැවෙවී නොසිට දේව වචනයේ ආධිපත්‍ය ප‍්‍රකාශ කිරීමෙන් යන්ෂයාට අණ කලවිට එය සත් ගුණයකින් ලබා ගැනීමේ හැකියාව ඔබට ඇත.

යෙසායා 55:10-11 එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.

හිතෝපදේශ 18:20‭-‬21 මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි. මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

ඇදහිල්ලෙන් දේව වචනය කතා කරන්න.

එපීස 5:4 කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වන්න.

ස්තූතිකිරීම යනු වචන කථා කිරීමයි.

ගීතාවලිය 103:20-21 උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ස්වාමීන්ගේ සේනා සියල්ලෙනි එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

යෙසායා 37:36
ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.

දෙවියන්වහන්සේගේ දූතයන් බලවත්. ඒ අය ඇහුම්දෙන්නේ දෙවියන්වහන්සේගේ වචනයට. ඒ අය බලා සිටින්නේ අපට සේවය කිරීමට. අප දෙවියන්වහන්සේගේ වචන කථාකරනතුරු ඒ අය බලාසිටිනවා.

හෙබ්‍රෙව් 1:14
ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?

දේව වචනය ප‍්‍රකාශ කිරීම තදින් අල්ලා සිටින්න.

හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

2 රාජාවලිය 7:18
එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න-හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.

හිතෝපදේශ 13:13
දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

2 රාජාවලිය 7:18 යව නැළි දෙකක් ෂෙකෙලයකටද සිහින් පිටි නැළියක් ෂෙකෙලයකටද හෙට මේ වේලාවට පමණ සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට කථාකර කී විට,

19 ඒ අධිපතියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: බලව, ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් එබඳු දෙයක් සිද්ධවිය හැකිදැයි කීවේය. එලිෂා කථාකොට: නුඹ ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි කීවේය.


Watch the Sermon Video

Read 328 times