+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ හැඟීම් පාලනය කරගන්නේ කෙසේද?- මනූ මැතානි (1 වන කොටස)
July 24, 2022 Sunday Sermon Notes

 

ඔබ හැගීම් අනුව නොවෙයි ජීවත් විය යුත්තේ නමුත් ඇදහිල්ලෙන් පමණි.

අපගේ හැඟීම් අපට පාලනය කළ හැකියි.

අපි තීරණ ගන්නේ අපගේ හැඟීම් අනුවද නැතහොත් දේව වචනයෙන්ද්?

අපගේ හැඟීම් අපි පාලනය කරන්නට අවශ්‍යයයි.

අපගේ හැඟීම් අපට පාලනය කළ හැකියි.

හෙබ්‍රෙව් 12:1

අපගේ ආත්මික ජීවිතයට බාධා වී තිබෙන්නේ අපගේ හැඟීම් පාලන නොකළ නිසයි.

ඔබගේ සිත (මනස) ඔබට පාලනය කළ හැකියි.

කෙනෙකු තමාගේ සිත පාලනය නොකළහොත් තමාගේ සිත තමාව පාලනය කරයි.

ගොලියත් දවස් 40 කාලයක් තිස්සේ වචන වලින් ඊශ්‍රායෙල් සෙනඟව භය කරමින් අධෛර්මත් කරමින් සිටියා.

ඔබ සිටින්නේ සාවුල්ගේ සභාවේද නැතහොත් දාවිත්ගේ සභාවේද සිටින්නේ?

දාවිත් වළහා ගෙන් (හැඟීම්) ජය ගත්තා ඒවගේම සිංහයාගෙන් (යක්ෂයාගෙන්) ජය ගත්තා.

සාවුල්ගේ ‍යුද්ධ ඇඳුම් කට්ටලය දාවිත් භාර ගෙන පැළඳ ගත්තේ නැහැ. ඒ කට්ටලයේ තිබුණේ අවිශ්වාසය, භය, නොඇදහිලිකාරකම. ඒ කට්ටල දාවිත් ඇඳගෙන ගොලියත් ඉදිරියට ගියේ නැත

හෙබ්‍රෙව් 12:1 එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

ඔබගේ බර කුමක්ද? හැඟීම්.

මේ ස්වර්ගීය සාක්ෂිකාරයන් ඔබව නිතරම දිරිමත් කරනවා.

ඔබගේ සිත ඔබව පාලනය කරන්නට නොදී ඔබ ඒවා ජයගන්න.

යේසුස්වහන්සේගේ නාමයෙන්, දේව වචනයෙන් හා ශුද්ධාමයාණන්ගේ බලයෙන්.

ඔබ අයිතිව සිටින්නේ ජයග්‍රහණයේ කණ්ඩායමටයි.

ලූක් 10:19 බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.

ගලාති 5:1 ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.

2 කොරින්ති 3:17 ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.

පරාජයේ සිතුවිලි ඔබ පහ කළ යුතුයි.

නැතහොත් ඒ සිතුවිලි ඔබව පහ කරයි.

අපි වැපිරීම් කළ මොහොතේ ප්‍රතිඵල නොදැක්ක නමුත් ඒවා පසුව අපට යහපත් ප්‍රතිඵල ගෙනදේ.

දේශනාකාරයාගේ පොත 11:1-2 නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි. සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.

දේශනාකාරයාගේ පොත 11:1‭-‬3-6
වලාකුල් පිරී තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි. හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය. සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භිණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය. උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.

හිතෝපදේශ 4:23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

අපගේ හැඟීම් අපි හරියාකාරව පාලනය කළහොත් අපි ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් වන්නෙමු.

දේශනාකාරයාගේ පොත 10:10 යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.

ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් සමඟ වාසය කරන්න.

හිතෝපදේශ 13:20 ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

මෝඩ මනුෂ්‍යයන් ඔබගේ මිත්‍රයන් නොකරගන්න.

ඔබගේ හැඟීම් ගැන නිතර නිතර වර්ණනා කරන අයගෙන් වෙන් වන්න.

ඔබ හොඳ ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්න.

ආත්මික දේවල් ප්‍රඥාවයි.

යේසුස්වහන්සේ අපගේ ප්‍රඥාවයි.

දවසක්දා යේසුස්වහන්සේ පේත්‍රැස් තුළ තුබූ යක්ෂයා දුරු කළසේක. මන්ද උන්වහන්සේ ප්‍රඥාවන්තව ක්‍රියා කළ නිසයි.

සාවුල් රජ වුණාට පසු ඔහු උඩඟු වුණා. ඒ තුළින් ඔහු අඥානයෙකු මෙන් ක්‍රියා කළා.

උසස්වීම් අපට පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්.

ගීතාවලිය 75:6-7 මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය. නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.

ප්‍රඥාව අමතක නොකරන්න

උන්වහන්සේ අපට කතා කරන්නේ ප්‍රඥාව තුළින්.

සාලමොන්ගේ පොත 2:15 මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.

පාවුල්තුමා තිමෝතිට කිව්වේ මිදියුෂ පානය කරන්නටයි.

නෝවා බීමත්කමේ සිටිය අවස්ථාවේදී තමයි තමාගේම එක පුත්‍රයෙකුට ශාප කළේ.

හෙබ්‍රෙව් 12:1 එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

ඔබ ඉවසීමෙන් දිවීම දුවන්න.

සියලු බර සහ පාපය දුරු කළ යුතුයි.

පාපය අපගේ දුර්වලකම් නොවේ.

පාපය අපි දුරු කරමු. පාපයේ හැඟීම් දුරු කරමු.

අපට ඉවසීමේ ගමනක් තිබෙනවා ගමන් කරන්නට.

කොලොස්සි 3:1 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

ඔබ මළාවු කෙනෙකුය.

කොලොස්සි 3:5 එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.

නසන්න, මරාදමන්න. ඉවත් කරන්න. ඒ ගැන අපි කතා නොකළ යුතුය.

කොලොස්සි 3:6‭-‬10 මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය. නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය. නුමුත් දැන් නුඹලා ඒ සියල්ල–කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව–පහකරන්න. එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,
අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.

අලුත් මනුෂ්‍යයාව පැළඳගන්න. හැඟීම් සමඟ ඒ පරණ මනුෂ්‍යයාව පහකර දමන්න.

1 සාමුවෙල් 25:10-11 නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය. එසේවීනම් මා විසින් මාගේ රොටිද මාගේ වතුරද මාගේ බැටළු ලොම් කපන්නන්ට මා විසින් මැරූ සතුන්ගේ මස්ද අරන් කොතැනින් ආවාද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්ටදැයි කීවේය.

1 සාමුවෙල් 25:17 නුමුත් වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් නාබල්ගේ භාර්යාවවූ අබීගායිල්ට කථාකොට: අපේ ස්වාමියාට ආචාරකරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවිඩකාරයන් එවුවේය; ඔහු ඔවුන්ට බැණවැදුණේය. ඒ මනුෂ්‍යයෝ නම් අපට ඉතා යහපත්ව සිටියෝය, අප කෙත්වල සිටියදී ඔවුන් සමඟ ගැවසුණු මුළුකාලයේදී අපට අන්තරායක් වුණේවත් අපෙන් කිසිවක් නැතිවුණේවත් නැත. අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ ඔව්හු රෑ දාවල් අපට ප්‍රාකාරයක්ව සිටියෝය. ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි කීය. එවිට අබීගායිල් ඉක්මන්කර, රොටි දෙසියයක්ද මුද්‍රිකපාන භාජන දෙකක්ද පුලුස්සාපු බැටළුවන් පස්දෙනෙක්ද විලඳ නැළි පහක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද අත්තික්කා කැටි දෙසියයක්ද රැගෙන, ඒවා කොටළුවන් පිට පටවා, ඇගේ වැඩකාරයන්ට කථාකොට: නුඹලා මට පෙරටුව යන්න; මම නුඹලාට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.

1 සාමුවෙල් 25:23-25
අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ, ඔහුගේ පාමුල වැටී කථාකොට: ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. ඔබට කථාකරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා, ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි. මාගේ ස්වාමිනි, ඒ දුර්ජන මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි. ඔහුගේ නාමය යම්සේද ඔහුගේ ගතියත් එසේමය; ඔහුගේ නම නාබල්ය, මෝඩකම ඔහු තුළ තිබේ. එහෙත් ඔබගේ මෙහෙකාරීවූ මම මාගේ ස්වාමිවූ ඔබ විසින් එවූ යෞවනයන් නුදුටිමි.

1 සාමුවෙල් 25:32 දාවිත් අබීගායිල්ට කථාකොට: මා සම්බවෙන්ට අද දවසේ නුඹ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ නුඹට ආශීර්වාද වේවා.


Watch the Sermon Video

Read 370 times