+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ- යෝෂා මනූ
July 24, 2022 Sunday Sermon Notes


අප නිදාගෙන සිටින විට සතුරා පැමිණ අපගේ මනසට උගේ නරක සිතුවිලි දමයි.

සතුරා නපුරුදේ වල් පැල ඔබගේ මනසට ඇතුල් කරයි. ඔබ ඒවා උදුරා දැමිය යුතුයි.

එවැනි අවස්ථාවල 2 කොරින්ති 10:3-5 කියවා නපුරු සිතුවිලි වලට යේසුස්වහන්සේගේ නාමයෙන් අණ කළ යුතුයි.

ඒවා මෙහෙහි නොකරන්න.

ඔබගේ සිත නැමැති වත්ත නිතරම පවිත‍්‍රව තබාගෙන දේව වචනය එහි වපුරන්න.

සතුරා ඔබගේ මනසට දේව වචනයට විරුද්ධ සිතුවිලි ගෙනෙන විට ඒවා ප්‍රතික්ෂේප කරන්න.

ඔබට නරක සිහිනයක්, දර්ශනයක් පෙනුනොත් ඒවා බිය ගෙනෙන්නේ නම්, ඒවා මෙනෙහි කරන්න එපා. ඒවා කතා කරන්න එපා. තරවටු කරමින් විනාශ කර දමන්න.

ඒ සිතුවිලි යේසුස්වහන්සේ නාමයෙන් අණ කරමින් පහ කර දමන්න. ඔබ තුළට ඒ සියල්ල ඇතුල් වෙන්නට ඉඩ නොදෙන්න. ඒවා බිඳ හෙළා දමන්න.

අපට කාරණා ගැන දෙයාකාරව මෙනෙහි කළ හැකියි.
1 දෙවියන්වහන්සේගේ වචනය
2 දෙවියන්වහන්සේගේ වචනය පටහැනි දේවල්

දේව වචනය මුලු දවස පුරාම අපට මෙනෙහි කළ හැකියි නැතහොත් වෙන වෙන සිතුවිලි ගැන සිතමින් ඒවා අපට මෙනෙහි කළ හැකියි.

සමහර අයගේ මනස තුළ නිතරම ක්‍රියා කරන්නේ අයහපත් දේවල්. ඒවා ගැන මුලු දවස පුරාම කල්පනා කරමින් සිටිනවා.

දැන් අපගේ මනස තුළට ඇතුල්වෙන මේ වැරදි සිතුවිලි අප කතා කරන්නට පටන් ගන්නවා.

ඒවා දෙවියන්වහන්සේට විරද්ධව කෙඳිරීම, මිමිණීම, මැසිවිලි කීම බවට පත් වෙනවා. අධෛර්මත් වී එකිනෙකාට විරුද්ධව කතා කරනවා, එකිනෙකාව හෙළා දකිනවා.

ඔබගේ හදවතට හොඳ වචන වපුරන්න.

ගීතාවලිය 55:1-2
1 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව්ව කෙරෙන් නොසැඟවුණ මැනව,
2 මා දෙසට කන් යොමා මට උත්තර දුන මැනව. සතුරාගේ ශබ්දය නිසාත්, දුෂ්ටයාගේ පීඩාව නිසාත්, මම කැලඹුණු සිතින් මැසිවිලි කියමින් කෙඳිරිගාමි.

මෙවැනි යාච්ඤාවන් අප යාච්ඤා කරන කල, නව ගිවිසුම තුළින් එළිදරව් ලබා ගෙන අපි යාච්ඤා කරමු.

ඔහුට යේසුස්වහන්සේගේ ලේ තිබුණේ නැහැ, යේසුස්වහන්සේ තවමත් මළවුන්ගෙන් නැගිට සිටියේ නැති නිසා ඔහුට යේසුස්වහන්සේගේ නාමය තිබුණේද නැත.

දාවිත් දෙවියන්වහන්සේගේ උපකාරයෙන් ජීවත්වුණ නමුත් ඔහු තුළට දෙවියන්වහන්සේගේ ආත්මය පැමිණ සිටියේ නැත.

නව ගිවිසුම තුළ අපට යේසුස්වහන්සේ තුළ උතුම් ස්ථානයක් දී තිබෙනවා. එම නිසා ඔබගේ යාච්ඤාව වෙනස් විය යුතුයි. එනම් ස්වාමීනි මාගේ යාච්ඤාවට ඔබවහන්සේ සවන් දුන්න නිසා ඔබට ස්තූතියි යනුවෙන් අප පැවසිය යුතුයි.

අපගේ ස්ථානය අප දැන ගත යුතුයි. අපි උන්වහන්සේ සමඟ උසස් ස්ථානවල හිඳුවා තිබෙනවා.

හැම දෙයටම ස්තුති කරන්න.

දෙවියන්වහන්සේ අපට බෝහෝ දීමනා දී තිබෙනවා. අපි ඒවා භුක්ති විඳිමු.

අප කියන්නටත් ප‍්‍රථමයෙන් යේසුස්වහන්සේ අපගේ සිතුවිලි දන්නාසේක. ගීතාවලිය 139:2

අප නිතරම යහපත් දේ කථා කළ යුතුයි. ස්තූති දීමෙන් අපි උන්වහන්සේගේ පොරොන්දු සිහි කරමු.

හිතෝපදේශ 14:26
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.

බලවත් යන වචනය අයත් වන්නේ දෙවියන්වහන්සේට පමණයි. මේ මුළු විශ්වයේ බලවත්ම තැනන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ. උන්වහන්සේ බලවත්ම පුද්ගලයාය. මේ බලවත් යන්නෙන් අර්ථවත් වන්නේ බලවේගයේ බලය.

නිසැකකම = විශ්වාසය, බලාපොරොත්තු තැබිය හැකි විශ්වාසයක් ඇතුව සිටීම

දෙවියන්වහන්සේට ගරුබියෙන් ප්‍රේමයෙන් ජීවත් වන්නන්ගේ හදවත් තුළ විශ්වාසය හා ශක්තිය පිරී ඉතිරී යන අතර, ඔවුන්ගේ භක්තිවන්තකම නිසා.

ඔවුන්ගේ දූ දරුවන්ට බලවත් රක්ෂාස්ථානයක් = ආරක්ෂාව, රැකවරණය, සුරක්ෂිතභාවය, ස්ථීරභාවය සහ ආරක්ෂාවක් සපයා දෙනු ලැබේ

ආබ‍්‍රහම් තුළ මේ නිසැකකම තිබුණි.

අද අපගේ ජීවිතයේද බොහෝ දේ කිරීමට දෙවියන්වහන්සේට පුළුවන.

ඒ සදහා අප තුළ විශ්වාසය, ඇදහිල්ල තිබිය යුතුයි.

අවසන් කාලයේ දෙවියන්වහන්සේ පොළොව තුළ ඇදහිල්ල සොයනවා.

ඇදහිල්ල තිබෙන්නේ වචනය තුළ, වචනය තිබෙන්නේ අපගේ හදවත් තුළයි.

රෝම 4:17-21
17 (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.
18 නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය.
19 ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,
20 එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,
21 පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.

දෙවියන්වහන්සේ අපව ඔසවා තිබෙනවා අහසේ තරු මෙන් බැබළෙන්න.

ආබ‍්‍රහම් ඇදහිල්ලෙන් දුර්වලවුනේ නැහැ, චංචල වුනේ නැහැ දෙවියන්වහන්සේගේ වචනය දෙස බලා ඇදහිල්ලෙන් බලවත්වුනා. පොරොන්දුවු දේ දෙවියන්වහන්වහන්සේට ඉෂ්ඨකළ හැකිබව කියා නිසැකව විශ්වාස කළා.

දෙවියන්වහන්සේ කවදාවත් පොරොන්දු කඩකරන්නේ නැත.

දෙවියන්වහන්සේගේ පොරොන්දු තුළ රක්ෂස්ථානයක් තිබෙනවා.

ඒ රක්ෂස්ථානය තුළ ආරක්ෂාව, රැකවරණය, සුරක්ෂිතභාවය, ස්තීරභාවය, නිසැකකම සහිතව උන්වහන්සේ මට සපයාදෙනවා, සුවකරන වෛද්‍යවරයාණෝ යන නිසැකකම තිබෙනවා.


Watch the Sermon Video

Read 401 times