+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආලේපය ඔබව ප්‍රාණවත් කරයි - මනූ මැතානි
August 14, 2022 Sunday Sermon Notes

 

ගීතාවලිය 73:16-19
16 මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්, 17 එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි. 18 සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. 19 ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.

ගීතාවලිය කර්තෘ ස්වාමීන්වහන්සේගේ අභිමුඛත්වයට ගිය විට දුෂ්ඨ මනුෂ්‍යයාගේ අවසානය දකින ලදි.

දෙවියන්වහන්සේට ධනවතෙක් හෝ දුප්පතෙක් කියා වැදගත් නැත, උන්වහන්සේගේ අනර්ග ලේ වලින් මිදීම ලබාගත් කෙනෙකු පමණයි වැදගත්.

ධනවතුන්ව දෙවියන්වහන්සේ එපා කරන්නේ නැත. ඔවුන්ට අවස්ථාවක් දෙනවා දෙවියන්වහන්සේ තුළ ධනවත් වෙන්නට.

ධනවත් තරුණයා යේසුස්වහන්සේ වෙතට පැමිණි නමුත් යේසුස්වහන්සේ ඔහුට සියල්ල අත්හරින්නයැයි පැවසුවිට, ඔහුට බොහෝ දේ තිබූ බැවින් ඔහු එයට අකමැතිව හිස්ව යන්ට ගියා.

මතෙව් 19:16-22

නමුත් යේසුස්වහන්සේ පැවසුවේ ඔබ අත්හැර තිබෙන සියල්ලට සිය ගුණයකින් ඔබට ලැබෙන බවයි

යේසුස්වහන්සේගේ ලේ වලින් ඔබවත් මාවත් පවිත්‍ර කර තිබෙනවා.

ගීතාවලිය 133:1 බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!

ස්වාමීන්වහන්සේගේ අභිමුඛයේ අපට තිබෙන්නේ සුවය, සමාදානය, ආශීර්වාදය......

දේව අභිමුඛයේ සෑම වියගහක්ම විනාශ වී යයි. සෑම බන්ධන වලින් ඔබ නිදහස ලබා ගන්නවා.

යෙසායා 10:27 තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.

මතෙව් 1:28-30
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

ලෝකයා සමඟ ඔබ වැඩි කාලයක් ගත කරන විට ඔබ වෙහෙසට පත් වෙන්නට යනවා.

ගීතාවලිය 49:8-9
8ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ. 9ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.

ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ. ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.

යොහන් 14:6 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

මනුෂ්‍යයා කොතරම් යහපත් දේ කරත් යේසුස්වහන්සේ නොමැතිව ස්වර්ගයට යාමට නොහැක.

යෙසායා 64:6 අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.

දස පනතේ පළමු ආඥා 4 අප විසින් දෙවියන්වහන්සේට කළ යුතු දේයයි. එය නොකර අප ඉතරි සියල්ල කරත් ඵලක් නැත.

1 පේත්‍රැස් 1:18 මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව,

ව්‍යවස්ථාව මනුෂ්‍යයෙකුව දොස් පැවරීමට ලක් කරයි.

ඔබ කරුමයක් යටතේ නොවෙයි ජීවත් වෙන්නේ .....

යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ශරීරය අප වෙනුවෙන් කැප කරමින් මරණයට ලක් වුණා

අපට සදාකාල ජීවනය දෙන පිණිසයි යේසුස්වහන්සේ පැමිණියේ.

1 පේතෘස් 1:19 කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ කිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.

අභක්තිවන්තයන් ඉදිරියේ ඔබට දොස් පවරන්න ඉඩ නොදෙන්න.

යෙරෙමියා 17:5 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.

යෝසෙප් දෙවියන්වහන්සේට හදවතින්ම කැපවූ ජීවිතයක් ගත කළා.

යොහන් 14:21 යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

ගීතාවලිය 119:11 ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

යේසුස්වහන්සේ ඔබගේ ප්‍රඥාවයි.

1 කොරින්ති 1:30 නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.

ඔබ තුළ මේ බලය ශුද්ධාමයාණන්ගේ අභ්‍යන්තර බලයයි.

මතෙව් 11:29 මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.
30 මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

යේසුස්වහන්සේගේ ඉගැන්වීම් පහසුයි.

කාලෙබ් සහ යෝෂුවා මුරණ්ඩු වී දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසුවේ නැත.

ගණන් කතාව 14:8-9
8ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. 9ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.

1 සාමුවෙල් 15:22-23 - කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය.

කාලෙබ් සහ යෝෂුවා හට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න කළ හදවතක් තිබුනා

ගණන් කතාව 14:24 එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය.

ඇදහිල්ලේ ආත්මය ඇති කෙනා කතා කරන්නේ ඇදහිල්ලේ වචන.

2 කොරින්ති 4:13 තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.

අපටත් එම ඇදහිල්ලේ ආත්මය ඇත.

එම ඇදහිල්ලේ ආත්මය නම් සිතින් විශ්වාස කරන දේ කථා කිරීමයි.

අප ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු වෙන්න ඉක්මන්විය යුතුයි.

ගිවිසුම් භෝජනය ගැන කාරණා කිහිපයක්…….

ගිවිසුම් භෝජනයට අප සහභාගීවීමට පෙර අප එකිනෙකා පැකිලීමට කාරණාවක් නොවිය යුතුයි.

1 ගිවිසුම් භෝජනය ලබන්ට පෙර අප ගැළවීම ලබා ගත යුතුයි.
2 ස්වාමීන්වහන්සේ ශුද්ධව සිටින ආකාරයෙන් අපත් ශුද්ධව සිටිය යුතුයි.
3 අප අපව සෝදිසි කර බැලිය යුතුයි.

1 කොරින්ති 11:26 මක්නිසාද, නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය.

යේසුස්වහන්සේගේ මරණය කරණකොටගෙන මට ලැබූ සෑම දේ මා ප්‍රකාශ කළ යුතුයි. මට ලැබී තිබෙන ජීවනය ප්‍රකාශ කරමු.

1 කොරින්ති 11:27 එහෙයින් නුසුදුසුලෙස මේ රොටි කන්නාවූ නොහොත් ස්වාමීන්වහන්සේගේ කුසලානෙන් බොන්නාවූ කවරෙකු නුමුත්, ස්වාමීන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය.

ගිවිසුම් භෝජනයේ වටිනාකම වටහාගත යුතුයි. එය දරුවන්ටද වටහාදිය යුතුයි.

1 කොරින්ති 11:28 නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ,

කි‍්‍රස්තුස්වහන්සේ ඔබ තුළ වාසය කරනවානම් ඔබගේ ශරීරය උන්වහන්සේගේ මාළිගාවනම්, මොනවගේ ජීවිතයක්ද ඔබ ගත කරන්නේ කියා සෝදිසි කර බලන්න.

2 කොරින්ති 6:14 - ඔබගේ ශරීරය කි‍්‍රස්තුස්වහන්සේගේ් මාළිගාවයි.

ගිවිසුම් භෝජනයෙන් අපව ආත්මිකව ඉහළට යාමක් සිදුවෙනවා.

අපගේ ජීවිතයේ සැඟවුන දේ තිබෙනවා නම් අප ඒවා කියාදී ජීවිතය හදාගත යුතුයි.

ගණන් කතාව 32:23 අපේ පාපයමයි අපව අල්ලා දෙන්නේ.

හිතෝපදේශ 28:13 - අපේ පාපය වසා සිටිනවානම් සඵලවන්නේ නැත.

අපේ පාපය කියා දී අත් හරිනවානම් ස්වාමීන්වහන්සේගේ කරුණාව ලබා ගත හැක.

ආකේන් තමාගේ පාපය සගවා තැබුවා. එයින් ඉශ‍්‍රායෙල් සෙනඟ යුද්ධයේදී පරාජය විය.
නමුත් එය සොයා ගත්පසු නැවත ඔවුන්ට ජයග්‍රහණය හිමිවිය.

යෝෂුවා 7:1-8:29

1 කොරින්ති 11:29-30
ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නාවූ බොන්නාවූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම්, ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය, බොන්නේය. ඉන්නිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති.

නුසුදුසු ලෙස ගිවිසුම් භෝජනයට සහභාගි වීමෙන් ආත්මිකව දුර්වලතාවයට පත්වේ.

1 කොරින්ති 11:31-32
අපි අපම විමසමු නම්, අප විනිශ්චයකරනු ලබන්නේ නැත. 32නුමුත් අප විනිශ්චයකරනු ලබන කල ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ස්වාමීන්වහන්සේගෙන් දඬුවම් ලබමුව.

දෙවියන්වහන්සේගේ දඬුවමට ඉඩ දීමෙන් අපට යමක් ඉගෙන ගැනීමට පුළුවන්, අප යම් දේවලින් වැලකී සිටිනවා. එම දඬුවම දරුවෙකුට පියෙකුගෙන් ලැබෙන දෙයක්.


Watch the Sermon Video

Read 427 times